Channel Avatar

Machang Ceylonians @UCnVgagsJoheQm3H5BfPlPlA@youtube.com

10K subscribers - no pronouns :c

Travel Storyteller - Sri lanka Machang Ceylonians is a maga


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Machang Ceylonians
Posted 1 day ago

Machang Ceylonians Youtube චැනලය, මිලියනයක නැරඹුම් වාර පසුකරන ලදී. රැල්ලට නොයා, ඔබේ රසවින්දන රුචිකත්වය, ඉහලින් සලකුණු කරන්නට, නිරන්තරයෙන් උත්සාහ කරමි. සහෘදයනි, දිගින් දිගටම එකතුවන්න !

7 - 0

Machang Ceylonians
Posted 5 days ago

"සිංදු අංකල් "
ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ , ප්‍රධාන මංසන්ධි වල, විදුලි සංඥා පුවරු අසල ඔබේ රථය නවත්වා තබන ඒ විනාඩියක කාලයේදී , ඇතැම්විට මේ සුවිශේෂී පුද්ගලයා ඔබ දැක ඇති.
සුදු ඇඳුමින් සැරසුණු , පන් තොප්පියක් පැලඳි, ප්‍රසන්න පෙනුම ඇති මේ වයෝවෘද්ධ මහත්මයා ඔබ ලඟට ඇවිත් , සිංදුවක් කියමින් , නටමින් ඔබව ප්‍රාසාංගික අත්දැකීමක් කරා රැගෙන යනවා. ඇතැම්විට ඔබ ඊට සතුටුවී යම්කිසි මුදලක් ඔහුට ලබාදීලත් ඇති.
ඔහු නමින් භාරත විජේසූරිය. වයස අවුරුදු 80 යි.
දැන් වසර 16 ක් තිස්සේ තමන්ගේ ජීවිකාව විදිහට ඔහු කරන්නේ , පාරේ ගීත ගයමින් නටමින් යම් මුදලක් එකතු කරගන්නා එක.
මේ ඔබ බලන්න යන්නේ "සිංදු අංකල්" නොහොත් භාරත මහත්මයාගේ කතාව.

2 - 0

Machang Ceylonians
Posted 2 weeks ago

11 - 0

Machang Ceylonians
Posted 4 weeks ago

"කැස්බෑ තනියා - Solo Traveler''
කැස්බෑවා කියන්නේ ලෝකේ ආරම්භයේ සිටම, පරිනාමයට ලක්වෙමින් අද දක්වා පැවත එන සත්ව විශේෂයක්. කැස්බෑවා තනිව තමන්ගේ ජීවන චාරිකාවෙ ගමන් කරන්නෙක්. ඒ කියන්නෙ Solo Traveler කෙනෙක්. වසරකට සැතපුම් 15000 ක් පමන දුර ගමන් කරන්නෙක්. ශ්‍රී ලංකාවට ආවේනික කැස්බෑ විශේෂ ගැන තොරතුරු රාශියක් මේ Video එකෙන් බලන්න.

3 - 0

Machang Ceylonians
Posted 2 months ago

ජානමය අක්ෂි අන්ධතාවය බලපෑ, එකම පවුලේ දිරිය දියණිවරුන්ගේ කතාව.
"ඇස් දෙකට පේන හැමදේම අල්ලගන්න තරඟ කරන ලෝකෙක, නොපෙනෙන හැමදෙයක්ම අතහරින්න බොහොම ලේසී"
මේ සිතුවිල්ල අපිට කියන්නෙ ඔබට මට වගේ දෑස් හොඳට පෙනිලා, ජීවිතයේ අතර මගදි ජානමය බලපෑමක් නිසා පෙනීම අහිමි වූ මවක්.
ඇගේ දෙමව්පියන් , ඇගේ සොහොයුරන් වගේම, මේ වනවිට ඇගේ දියණියන් ද මෙම ජානමය අක්ෂි අන්ධතාවයේ බලපෑමට ලක්ව තිබෙනවා.
ඔවුන් ජීවිතය දිහා බලන විදිහ, ඔවුන්ගේ ධෛර්යය ඔබට කියන්නම වටිනවා.
මේ ශ්‍රී ලංකා දෘශ්‍යාභාධිත ජනතා සම්මේලනයේ සභාපතිනිය වන, නිල්මිණි සමරවීර මහත්මියගේ කතාව.

3 - 0

Machang Ceylonians
Posted 2 months ago

"මචං සිලෝනියන්ස්" Youtube Channel එකේ පලමු වසර සැමරුම...

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල වැඩ කරන අතරතුර, මම ලෝකය දිහා බලන විදිහ, මගේ කෝනයෙන්, මට දැනෙන විදිහටම අනෙකාට දනවන්න, බැරියර් නැති Flatform එකක අවශ්‍යතාව මට දැනුනා. Machang Ceylonians Youtube Channel එක පටන් ගන්නෙ ඒ අදහසින්. Youtube ක්ෂේත්‍රය ඇතුලෙ මේ චැනල් එක තාම කිරි බොන වයසෙ.
පුංචි කාලෙ ඉඳන් කතන්දර අහන්න ආස අපිට, ලංකාව ඇතුලෙ කතා මවන චරිත, ස්ථාන, සිදුවීම්, හොයාගෙන ගිහින් ඒවා රූප හරහා රසට කියන්න මම උත්සාහ කරනවා.

මේ අවුරුද්දක ගමන පසුපස්සෙ පිටට නොපෙනෙන කන්ඩායමක් විටින් විට මගේ සහයට හිටියා. ඔවුන් ආදරෙන් මතක් කිරීම මේ සටහනේ අරමුණ.

චැනලය ආරම්භයට අවශ්‍යව තිබූ නමේ Animation එක හදල දුන්නෙ සියතෙ ජයරත්න මල්ලි. දවසින් දවස ගතවෙන කොට Logo එකක අවශ්‍යතාව දැනුනම ත්‍රිමාන චිත්‍ර අඳින්න දක්ෂ නිර්මාණ ශිල්පියෙක් වෙන නුවන් මල්ලි මගේ අවශ්‍යතාවය ඉටු කරල දුන්නා. මේ අය මගෙන් කිසිම ප්‍රතිලාභයක් බලා පොරොත්තු නොවී ඒ ඉල්ලීම් ඉටුකලේ.

චැනල් එක ආරම්භයේ Video වැඩිම ප්‍රමාණයක් සංස්කරණය කළේ ශාන් මල්ලි. වයසින් අඩු උනාට Editing ගැන හොඳ සංවේදනයක් තියෙන කෙනෙක්. අතරින් පතර එරාන්,කවිඳු,දසුන් මල්ලිලා සංස්කරණයට සහය උනා. අද දක්වා චැනල් එකේ සියලුම Graphic නිර්මාණ කරන්නේ මා මිත්‍ර ප්‍රසන්න. හොඳ ඇහැක් තියෙන බුවෙක්. අමතර graphics සහාය දිනුශ් මල්ලී . Translation වලදි විටින් විට එම කටයුතු සිදුකලේ රුක්ලන්ති මිස්, සවිනි සහ අශ්විනී.

ඒ වගේම මාගේ නිර්මාණ සඳහා සම්පත් දායකත්වය දක්වපු (පෙනී සිටි) මා හඳුනන, නොහඳුනන විවිධ ක්ෂේත්‍රයන්හී දස්කම් දැක් වූ සියලු විශේෂිත චරිත. ඔබලාගේ අපූරු කතාව කියන්නට මා හට ලබා දුන් අවස්ථාව හේතුවෙන්, මේ දක්වා මිනිසුන් අතරට යාමට මට හැකියාව ලැබුනා.

අවසානේ මේ හැම මහන්සියක්ම ගන්නෙ ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් . මගේ ඇසෙන් දකින දේ ඔබේ ඇසෙන් නරඹා , අගයන, අදහස් යෝජනා එක් කරන ඔබේ ආනන්දය වෙනුවෙන්.

මේ ඇත්තො හැමෝටම 120 ට 220 ක් ආ වඩා ආආආයුබෝ වේවා 🙏

18 - 0

Machang Ceylonians
Posted 2 months ago

"ගිනි කන පුතා"
දළදා පෙරහැර නරඹන කව්රුත් ආසම කරන විශේෂාංගයක් තමයි ගිනිබෝල කරකවල, උඩ විසිකරල දාන සෙල්ලම්.
බලන් ඉන්න ලස්සන උනාට මේක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි.
පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් මුලු ඇඟම පිච්චෙන්න පුලුවන්.
වයස අවුරුදු 5ක් වෙන ලංකාවෙ ලාබාලතම ගිනිබෝල ශිල්පියා , මේ අවධානම දරාගෙන , දළදා පෙරහැර ලස්සන කරන්න කන කට්ට , Machang Ceylonians Youtube Channel එකෙන් බලන්න.

4 - 0

Machang Ceylonians
Posted 4 months ago

36 - 0

Machang Ceylonians
Posted 4 months ago

6 - 0

Machang Ceylonians
Posted 4 months ago

20 - 2