Channel Avatar

WDNS Creator Studio @UCziQ8ahErPbWwwc0aA3Tx6g@youtube.com

8.4K subscribers - no pronouns :c

More from this channel (soon)


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

WDNS Creator Studio
Posted 1 day ago

වැහි පොද වැටුනත් ඉස්සර වාගේ....
මැයි මල් පිපුනත් රතට රතේ............!

9 - 16

WDNS Creator Studio
Posted 2 days ago

කාන්තාරයට පතොක් වෙනුවට නෙළුම් මල් පිපෙන්නෙ නැතිද කවදාවත්........!

14 - 17

WDNS Creator Studio
Posted 5 months ago

මලක් වුනෙමි එක භවයක එක පොකුරක
සුන්දර මල් ගොඩක් මැදට මං විතරයි අවපැහැයක
බිහඟුන් පෙම් ගී ගැයුවද වට කරගෙන හැමදාක
සුවඳ මොටද එදත් උන්ට රොන් ගත්තෙම රුවැති මලක.........

ගුණවත් සුවඳ හැමුවද ලැබුනේ බඹර පෙම හැඩරුවට
උපදින හැම භවයෙදිම මමත් පැතුවා ලස්සන වන්ට
මොන පවකටද මට මේ හැටි දඬුවන් දෙන්ට
එදත් මං පරව ගියේ කන්‍යාවක් ලෙසට.......

සොහොයුරියන් කැලතක් ඇති පවුලකට
පලමු දියණිය වුනේ ගූණ යහපතින් අග තැනට
රුවින් පොහොසත්ව ගුණින් දිලිඳුව උපන් නැගෙණියනට
කවුරුත් කථා කලේ උන් ගැනයි මහ ඉහලින් මං ඉදිරිපිට.........

මනමාල මනාපය ලැබුනෙම බාල සොහොයුරියනට
දුක හිතී වැඩියෙන්ම ඇඬුනෙ මගෙ කොට්ටයට
කප්පරක් පෙම්වතුන් හිටියද මගෙ නැගණියනට
ගුණ සුවඳ සැමදා හැකිලුනේ ගතේ අවපැහැයට.......

යලිදු කිසිදා නොපතමි ලස්සන වී උපදින්ට
සුවඳ පිරිණු මලක් වෙන්න ආසයි හැම භවයකට
රකිම් කුමරි බඹසර උපදින හැම ආත්මයනට
බුදුන් පාමුල පරවෙනව නොකිලිටි මලක් ලෙසට...............

නි.සි.

35 - 51

WDNS Creator Studio
Posted 6 months ago

කිසිවෙකුට නොකියූ,
කිසිදිනක නොකියන
රිදුම් දෙන කතන්දර,
බොහෝ අයගෙ සිත්තුල
මහමෙරක් තරම් උසට,
ඇත සැමදාම විඳවනා........

ගිනි අවුලලා පලාගිය ප්‍රේමයන්
සතුට, සැනසුම පතනා අපූරුව පෙරමෙන්
දරාගත්තද විරහවේ අභිමන්
දරාගනු බැරිය පතනා සුබ පැතුමෙ සරදම්......

ආදරය නොහඳුනන, ආදරය ලඟ නැති තැන්
කොහොමද දරන්නේ ලැබුනොත් සෙනෙහසක් සයුර තරම්
අහසටත් වැඩියෙන් ආදරය දුන් අයටමයි
බිඳක්වත් ආදරය නොලැබුනේම සැමදාට.....

හැඟීමෙන් දැකීමෙන් ප්‍රේමයේ බැඳුනද
එය නොවෙයි සිහිලක් උණුහුමයි හදවතක් පතනා
ආදරය නොහඳුනන හිත්පින් නැති රුදුරු තැන්
කනපිට පෙරලයි සොඳුරු ජීවිත සසර පුරා........

24 - 40

WDNS Creator Studio
Posted 6 months ago

මව්පියන් නැති අපට,
මව්පිය වෙන්නම් මං නුඹට
සොහොයුරු පෙමට
කඳුළු බර දැනෙනව මහමෙරකට
හිරු කිරණ සඳ සිසිල
ලැබෙන්නේ මේ මහා පොලොවට
එනමුදු සිහිලත් එලියත්
ලැබුනේම සැමදාම අහසට.........

කවදත් පුංව් බඩ කුසගිනි ඉහිලුවට
දුකක් දැනුනි කවදාද රසබොජුනට
රාත්‍රිය පිනවා සිරිමැදුරෙන් විසිකරනා මහ මගට
පිලුනු වුවත් ඒ බොජන දිව බොජුනක් වේ අපට......

ගන්ධබ්බයෙන් මිදෙනා සැම ආත්මයනට
කවුරුන්ද තීරණය දෙන්නේ උපදින තැනට
වැරදීමෙන්ද ලේබලය ඇලවුනේ දුගී දුක්බවට
අපිටත් බැරි වුනේ ඇයි මන්දිරයක ඉපදෙන්ට.....

හිමිදිරියේ කොකුන් රෑන් සිප් මැදුරට යනවා
කපුටන් සුනඛයින් අපට සරදම් කරනවා
සැබෑ නොවෙනා සිහින සැමදා බොඳ වෙනවා
දුක හිතී මහපොළොව අපෙ බර උසුලනවා.

නි.සි.

61 - 24

WDNS Creator Studio
Posted 6 months ago

අහඹුවට දෙසවන් වැළඳගත් හඬක්
විරහවක සමවැදුනු දැහැන් බිඳ
කොහේදෝ ඈතක නොදුටු රුවකට
පෙම් බැඳෙන්නේ...

අකීකරු සිතට දඬුවම්
සොබාදහමත් මුනිවතින් අද
වැරදි නැති කවුරුන්ද
වරෙදෙ අද නොබැඳුනේ.......


හැඟීමෙන් ඉනිමං බැඳෙනා
අකුරු මල්දමින් සරසනා
හදවතේ දොර කවුළු විවෙරෙනා
සස්වාමික දුකින් හඬනවා..........


රන්හුයෙන් බැඳෙන ප්‍රේමයද
අසම්මත රැහැණින් බැඳෙන සෙනෙහසද
අතරමැදිව විඳවනා ප්‍රේමයන් අපමණින්
කරයි ගණුදෙනු අඳුරෙන් අඳුරට සැමදමත්......

නි.සි.

39 - 30

WDNS Creator Studio
Posted 6 months ago

සදා රිදුම් දෙන මතකයක්
හදේ කොහේදෝ තැනක සැඟවිලා
එදා දුටු සුන්දරම ගම්මානය
ඔබත් නැති ගිම්හානයම දැවී හළු වෙලා.....

ඔබත් හඳුනන අවැසි නෑකමට අයිතියක් තිබුනිද එදා වාගෙම
ඔබ නොහැ‍ඳිනියේ ඇයිදැයි සොයමි මම තවම තනියම
නෑ සනුවරේ පිරිවරා සැමරූ නුඹෙ මල්වර දිනේ
මනාලයකු නැති මගුලක් විය පුදුමයි මට නුඹේ ගැන.............


නොපතනා වෙන ලොවක කැකුළු වයසට බැදුනි බැමි
ලිහි අතහැර වෙලුනි වෙනතක නෑකමට තිත තැබූ හැටි
වෙන්ව යන්නට හේතු නැති හේතු සොයනා ප්‍රේමවන්තියෙනී
තනිකඩ ඉන්න අසරණයින්හට සරදම් නොකරව් වරද නුඹ අතේ.................

31 - 29

WDNS Creator Studio
Posted 6 months ago

ඔබ සඳක්සේ බැබලුනත් කුමට මට
සඳ සිසිල නොදෙන මගේ අහසට
ඔබ මලක්සේ පිබිදුනත් කුමට මට
සුවඳ නොදෙන මගෙ ලොවට.... ......

24 - 29

WDNS Creator Studio
Posted 7 months ago

ඔබ මට විවිද රටවල සංචාරය කිරීමටත් ඒවායේ වෙසෙන සමහරුන් සමග කාර්යාලීය වශයෙන් ගණුදෙනුවන් කිරීමට හැකිවෙන පරිදි මගේ එකම අනන්‍යතාකරු විය.

ඔබ මට මුණගැසෙන විට මට වඩා වයසින් බාල වුවද, අද ඔබ මට වඩා වයසින් වැඩිවී මහලුවීද ඇත. එම නිසා සුපුරුදු පරිදි මා සමග ජවයෙන් කටයුතු කිරීමට ඔබට ශක්තියක්ද නැත. එසේනම් ඔබව දැන් විශ්‍රාම ගැන්විය යුතුයි.

ලොවේ කිසිවක් සදාකාලික නොවේ. බැ‍ඳීම් හා අත්හැරීම් මහා දුකකි. එනිසා යථාර්තයට අනිවාර්යයෙන්ම මුහුණ දියයුතු වේ. අපි කවුරුත් කවදා හෝ මැරෙනව.

ඉතින් ප්‍රිය මිතුර අකමැත්තෙන් වුවද මට ඔබෙන් සමුගැනීමට සිදුව ඇත. මෙතෙක් දුරට මා ඔබෙන් ලද සේවය ඉතා ගෞරවණීය ලෙසින් සිතේ රඳවා ගන්නා අතර මගේ හෘදයාංගම ගෞරවණීය ස්තූතියද මේ සමග ඔබට. 😌❤️

14 - 12

WDNS Creator Studio
Posted 7 months ago

ප්‍රේමය...නුඹ කවුද ඇත්තටම.......!



දැනෙන හැඟුමන් නොදන්නා තැන්වල
නවතිනා හැටි...
එකිනෙකට රහසේ කුමක්දෝ සෙනෙහසක් දෝලනය වන හැටි...
සිහින උගසට අරන් අයිතිය නැති අයිතියක් පතනා හැටි...
අසම්මත ප්‍රේමයන් මිරිඟුවන් යට දුක්විඳිනා හැටී...............


සැබෑ බැඳීමක සම්මතද අසම්මතද යන වග ලියවි නැතී...
සමහර සබඳකම් ඒවට ද පොරොම්දම් බලනු ඇති...
මොහොතින් මොහොත පාට වෙනස් වෙන සිත් ද ඇති...
ආසයි බයයි දෙන්නම වැට කඩුළු උඩ තනි වෙති.........


සතුට සැනසුම බොරුවෙහි සැඟවුනා නම්...
වේදනාකාරි සත්ත්‍යය අපූරුද කොතරම් ...
වටහාගනු බැරි දේ ආදරයේ බෝමයි ඇති තරම්...
දරාගන්න බැරි තරමට ප්‍රේමයන් රිදවන්නෙ ඇයිදෝ මෙතරම්............

නි.සි.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

15 - 17