Channel Avatar

Saman Lenin @UCyZXWThpmum028u50qg3-QA@youtube.com

245K subscribers - no pronouns :c

SINGER - Teacher - Musician - Actor


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Saman Lenin
Posted 2 weeks ago

මේ තියෙන්නේ වැදගත් අධ්‍යාපනික මාතෘකා ගැන කරුණු කාරණා සහිතව කතා කරන්න හිතන මිත්‍රයෙක් ගේ Youtube channel එකක්.

වැඩේ තාම අලුත්.

ඉතින් මේ මේ වගේ චැනල් එකක් subscribe කරලා වැඩේ සාර්ථක කරගන්න පොඩි සහයෝගයක් ඔබට ලබා දෙන්න පුලුවන් නම් වටිනවා.

මේ වැඩසටහන බලලා ම ඔබට පුළුවන් තීරණය කරන්න. 👇
https://youtu.be/Sjg1bRO93tw?si=kR6U3...

170 - 1

Saman Lenin
Posted 1 year ago

සමහරුන්ට හත්තිලව්වක්, සමහරුන් ට හත්තිLOVE වක්. සමන් ලෙනින්ගේ අළුත් ම ආදර අන්දරේ බලන්න.

33 - 0

Saman Lenin
Posted 1 year ago

අසනි වැස්සක් මුවා කරගෙන සළු අපුල්ලන මංකඩේ
පල්ලෙවාහල නිළමෙ ඇවිදින් හැංගියන් මගෙ පැංචියේ

36 - 0

Saman Lenin
Posted 1 year ago

මේ අතරින් මවිසින් ගායනා කරන ඔබ කැමතිම ගීතය කුමක්ද?

227 - 58

Saman Lenin
Posted 1 year ago

මිලියන 6 කටත් වඩා වැඩියෙන් නැරඹු අමුඩේ 😍

39 - 0

Saman Lenin
Posted 2 years ago

රටක් වටින මගෙ බොකුටු කොණ්ඩෙ අද කපන්ට අණ ලැබුනා

36 - 1

Saman Lenin
Posted 2 years ago

බාල බිළිඳු හඬනා හඬ - බර හෑල්ලුව පතුරුවන්ට
කුකුළාපොළ කිරි අම්මේ - සාප අතැර දූ රකින්නේ

37 - 0

Saman Lenin
Posted 2 years ago

ගිරය හා 'වැදුම් ගිරය'

මෙම සේයාරුව දුටු විගස යමෙකුට තැතිගැන්මක් ඇතිකරවන, අතීත මානයක් මතකයට නැගුනහොත් එය පුදුමයට කරුණක් නොවේ. මන්දයත් ඒ පුන්‍යකාන්ති විජේනායක මහත්මියගේ 'ගිරය' නවකතාව ඇසුරින්, සෝමවීර සේනානායකයන් තිර පිටපත ලියා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අදියුරුවමින් හැඩගැන්වූ විශිෂ්ට ටෙලි නිර්මාණයක් වූ 'ගිරය' ටෙලි නාට්‍යයේ, 'ලුසිහාමි' (ට්‍රිලීෂියා ගුණවර්ධණ) ගේ නිරන්තරයෙන් අතරැඳි, ගැහැණු හිසක් කැටයම් කළ ගිරය මතකයට පැමිණෙන නිසාවෙනි. සාමාන්‍ය ගිරය නිරතුරු දැක තිබුණත් එවන් ගුප්ත හැගීමක් ඇති කරවන ගිරයක් එම ටෙලිනාට්‍යයට පෙර ඔබ දැක නොතිබුණාද විය හැකිය. අද කතාබහ 'ගිරය' ගැනය. ඊටත් වඩා 'වැදුම් ගිරය' සම්බන්ධයෙනි.

'ගිරය' සිංහල සංස්කෘතිය හා සහසම්බන්ධ වන, අතීත පරම්පරාවන් අතර බහුල ලෙස භාවිතයට ගැණුනු, දැනුදු භාවිත සරල මෙවලමකි. එය කැපෙන තලය සහිත උඩු අතත්, උඩු අත හැපෙන යටි අත යන දෑතිනුත්, ඒ දෙක එකිනෙක සම්බන්ධ කරන කවාකාර හිසකිනුත් සමන්විතය. ගිරය, නිපදවීම ආචාරි කුලය (කම්මල්) අතින් සිදුවූ අතර, මෙය නිපදවීම සඳහා ප්‍රධාන වශයෙන් යකඩ හා වානේ යොදාගනු ලැබීය. ඊට අමතරව, පිත්තල, රිදී, රන් වලින්ද (සුළු වශයෙන්) නිපදවා ඇත. අද දැකිය හැකි සාමාන්‍ය ගිරය මෙන් නොව, අතීතයේ විවිධ ජන අවශ්‍යතාවයන් සඳහා යොදාගත් ගිර, විවිධ හැඩ වලින් හා සිංහල සැරසිලි මෝස්තර යෙදූ කැටයම් වලින් අලංකෘත විය. ඒ අනුව එම ගිර කම්මල් කරුවන්ගේ කලාත්මක හැකියාවත්, හෙළ කලාව නිරූපණය කිරීමත් ඔප්නැංවෙන්නකි. (සේයාරුවේ වන ගිරයද එවන් ගිරයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ)

ගිරය නිපදවීම පළමුව කවදා සිදුවුනිදැයි කිව නොහැකි වුවද, පරණි ජනයා අතර වන 'ගිරා උපත' හා සම්බන්ධ කවි රාශියක් දැකගත හැකිය. ඒ අනුව ගිරයේ උපතට දිව්‍යමය උපතක් ආරූඪ කර ඇති අතර, ඒවා අභව්‍ය වුවද, නිර්මාණාත්මකය. විශේෂයෙන්ම මහාසම්මත රජුගේ බිසව වූ මැණික්පාල බිසවට ඇතිවූ ග්‍රහදෝෂයක් කැපීමට, ඊශ්වර දෙවියන්ගේ නළලින් වැග්රෙන දහඩිය බිඳු හා දෙවුරේ වෙළුණු නාගයන් දෙදෙනා දැක විශ්වකර්ම දිව්‍යපුත්‍රයා එම හැඩය අනුව ගිරය නිර්මාණය කර දුන් බව කියැවේ. (කාරියවසම්, තිස්ස. "ශාන්තිකර්ම සහ සිංහල සමාජය")

වෙළුවේ නයින් දෙන්න දෙවුරේ දරු ගි යා
බැළුවේ සක්වළේ දෙවියන්ට දොස් කි යා
එළුවේ නළලතින් දාඩිය පොදේ යා
මැවුවේ ඉසුරු විගසින් විශ්මකර්ම යා

විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
විස්කම් ඇතිව කළ වින හරනටම වරේ
පස්වා දහස් මුනි අනුහසයෙන් පැති රේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ

මේ අනුව ගිරයට දිව්‍යමය බලයක් ආරෝපණය කොට, එයට තමන්ව අදෘෂ්‍යමාන බලවේගයන්ගෙන් ආරක්ෂා කිරීමට හැකියාවතැයි පැරැන්නන් සලකූ බව පැහැදිලිය.

අඬු ගිරය, දෙපිට ගිරය, කිරිච්චි ගිරය, යතුරු ගිරය, වඩු ගිරය, වැඳුම් ගිරය, බෙහෙත් ගිරය, පත්තිනි ගිරය, පොඩි ගිරය, වැදුම් ගිරය, වැළකුම් ගිරය, කුමාරි ගිරය ආදී ගිර වර්ග විවිධාකාර අවශ්‍යතාවන්ට අනුව පැරැන්නන් නිර්මාණය කොට ගෙන තිබුණි.

ඒ කෙසේ වෙතත් අතීතයේ සෑම නිවසකම පාහේ ගිරයේ අනිවාර්ය අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාහටත් පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත්, පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු සමඟ ගිරයද දෙන බැවිනි. බුලත් හෙප්පුව සමඟ ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. තවද දේශීය වෙදකම තුළ බෙහෙත් වර්ග කපගැනීමටද ගිරය සුලභව භාවිතයට ගැනුණි. ඊට අමතරව අතීතයේ (දැනුදු නැතුවාම නොවේ) රජමැදුරේ සිට දුගීදුප්පත් පැල්පත තෙක්ම මෙම සරල උපකරණය දෘෂ්‍යමාන අවශ්‍යතාවන් මෙන්ම, අදෘෂ්‍යමාන අවශ්‍යතාවන් සඳහා භාවිතා විය.

එසේම ශාන්තිකර්ම, අනවිනකොඩිවිණ කැපීම ආදී කටයුතු වලදී දෙහි කපමින් දෝෂ පහ කරවීමට උපයෝගී කරගන්නා ආයුධයක් ලෙස ගිරය අප සමාජ සංස්කෘතිය තුළ ප්‍රධාන තැනක් ගනී. විශේෂයෙන්ම පහතරට නර්තන සම්ප්‍රදාය තුළ දැකිය හැකි, 'සූනියම් කැපිල්ල හෙවත් මැණික්පාල ශාන්තිකර්මයේ’දී, ගිරයට මූලික තැනක් ලබාදී ඇත. එසේම මෙම ශාන්තිකර්මයේ උත්පත්ති කතාව ගිරයේ උත්පත්ති කතාව පාදක කරගෙන සැකසී ඇති බවක් පෙනේ.

තවද මැණික්පාල ශාන්තිකර්මයේ උත්පත්ති කතාව හා සමාන උපත් කතාවක් හිමි, සතර කෝරළයේ දැකිය හැකි 'හත් අඩියේ දෙහි කැපීම' ශාන්ති කර්මය තුළද ගිරයට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන්ම මෙහිදී දෙහි කැපීමට ගන්නා ගිරයට දුම් අල්ලා මතුරමින් 'ගිරා උපත' පෙළපාලිය කරනු ලැබේ. අනතුරුව මෙතෙක් ඇදුරා අතරැඳි ගිරය ආතුරයාට දෙන අතර, ආතුරයාට තම හිස සිට දෙපතුළට තෙවරක් ගිරය අතපාරවා එය ඉදිරියට වීසි කිරීමට අණ කරනු ලැබේ. ඒ අනුව ගිරය, භූමියෙහි පතිත වන දිශාව අනුව ආතුරයාට සැදී ඇති රෝගයේ නියම තතු ඇදුරාට දැනගත හැකි යැයි විශ්වාස කෙරේ. (දිසානායක, මුදියන්සේ. " වින කැපුම් යාග විග්‍රහය")

තවද වන්නියේ ප්‍රචලිත ‘මැණික්පාල මහාවීදි ශාන්තිය’ තුළත්, සබරගමුවේ දෙහි මඩුව ශාන්ති කර්මය තුළත් ගිරයට ලබා දී ඇත්තේ ප්‍රමුඛස්ථානයකි.

මීට අමතරව වෙනත් අභිචාර සඳහාද පැරැන්නන් ගිරය යොදාගෙන ඇත. විශේෂයෙන්ම දෙවියන්ගේ ලෙඩ ඇති වූ විට කුඩා ගිරයක් අතේ එල්ලීම එකල වූ එක් සිරිතකි.

එසේම උපතේ සිට මරණය දක්වා වූ අවස්ථාවන්හිදී භාවිත, විවිධාකාරවූ සිංහල සිරිත් විරිත් තුළ ගිරයට සුවිශේෂී ස්ථානයක් ලැබී තිබුණි.

දරු උපත හා ගිරය

අතීත දරු උපතක් සිදුවූ තිඹිරි ගෙය තුළ තිබූ සීමිත උපකරණ අතරට ගිරයද අත්‍යවශ්‍ය හා අනිවාර්ය වූ අතර, එය 'වැදුම් ගිරය' ලෙස සැලකුණි. දරුවා බිහිකිරීමට සූදානම් වන ගැබිණිය අසල මෙම ගිරය තැබුවේ, ඉන් ඇයට ආරක්ෂාවක් ලැබෙතැයි පැරැන්නන් තුළ වූ විශ්වාසය මත හා දරුවා ලැබුණ පසු වින්නඹු අම්මාට පෙකණිවැල කැපීමට ගැනීමටය.
එකල දරුවා උපන් විගස පෙකණිවැල කැපුවේ වැදුම් ගිරයකිනි. එබැවින් මෙය රත් වූ ගිනි අගුරු මත තබා හොඳින් ගිනියම් කර,විෂ දවා, කහ, වෙනිවැල්ගැට, සහ කොහොඹ කොළ තම්බන ලද වතුරෙන් සෝදා නිවාගෙන ඇත. ඇත්තෙනම මෙය ගැමියන්ගේ එක්තරා විෂබීජහරණයකි. එසේම මෙවන් වැදුම් ගිරයක්, පුවක් හෝ දෙහි හෝ කැපීමට යොදා ගන්නේ නැත.

එසේම දරුවා ඉපදුණු පසු දරුවාගේ පංචේන්ද්‍රිය පරීක්ෂා කිරීම සඳහා, තිඹිරි ගෙය තුළ තබා ඇති පිත්තල තැටියකට තට්ටු කර ශබ්ද නැගීමට (පිත්තල තැටිය ඇඬවීම) යොදා ගත්තේ ද වැදුම් ගිරයයි. එම අවස්ථාවේදී,

"අම්මාගේ කේලාම් අප්පට නොකියන්
අප්පාගේ කේලාම් අම්මට නොකියන්"

යන පද කියමින් ගිරයෙන් පිත්තල තැටිය ඇඬවූ බව දැක්වේ. (බණ්ඩාර, ට්‍රිලිෂියා දමයන්ති. "ගිරය")

ප:ලි:
කෙසේවෙතත් පහත සේයාරුවේ වන ගිරය, පිත්තල වලින් නිර්මාණය කර ඇති සුවිශේෂී ගිරයක් වන අතර, එය 'වැඳුම් ගිරය' ක් මෙන්ම, "වැදුම් ගිරය" ක් ද වේ. මෙහි තලය සහිත කොටසේ කාන්තා හිසක් හා මිට සහිත කොටසේ වැඳගෙන සිටින ආකාරයක් දිස් වෙන අතර, ගිරය ක්‍රියා කරන විට, එය වඳින ආකාරයක් පෙන්නුම් කරයි. එනිසා එය 'වැඳුම් ගිරය' කි. (වැඳුම් ගිරයක තලය සහිත කොටසේ වන කාන්තා හිස මගින් නිරූපණය කරන්නේ මැණික්පාල බිසව බව ජන විශ්වාසයයි.) එසේම මෙම 'වැඳුම් ගිරය' අතීත තිඹිරි ගෙයක් තුළ අලුත උපන් දරුවන්ගේ පෙකණිවැල කැපීමට යොදාගෙන ඇත. එනිසා එය, 'වැදුම් ගිරය' ක් ලෙසද භාවිතයට ගෙන ඇත....

#PubuduChinthaka #NilakshiHelapitiya #SamanLenin

138 - 6

Saman Lenin
Posted 2 years ago

බුදුදහම මෙරට මුල් බැසගත්තද, ආදිකාලීන ප්‍රාථමික ජන ඇදහිලි හා විශ්වාසයන් මුළුමනින්ම මෙරටින් පිටමන්ව නොගිය සෙයක් පැහැදිලිවම පෙනේ. ඒ අයුරින් "කිරි අම්මාවරුන් ඇදහීම" ද අප රටෙහි දුරාතීතයේ පටන් එන චාරිත්‍ර විධියකි. විශේෂයෙන්ම කිරි අම්මාවරුන් ඇදහීම මෙරට වැදි ජනයා අතර ප්‍රචලිත "නෑ යකුන්" ඇදහීමත් සමඟම ප්‍රභවයවී ඇත. වැදි ජනයාගේ පරපුරෙහි මියගිය ආදි පුරුෂයන් "නෑ යකුන්" ලෙස වැදි ජනයා සලකන අතර, බයපක්ෂපාතීව ඔවුන්ට පුදපූජා පවත්වනු ලැබේ. ස්ත්‍රී දේවත්වය, වැදි ජනයාගේ නෑ යකුන් ඇදහීම හා සම්බන්ධ නොවුනද කිරි අම්මාවරුන් පිලිබඳ වැදි ජනයාට ඇත්තේ ප්‍රබල විශ්වාසයකි. ⁣මෙම කිරි අම්මාවරුන්, වැදි ජනයාගේ නෑ යකුන්ගේ බිරින්දෑවරුන්වේ. නිදසුනක් ලෙස ඉඳිගොල්ලේ කිරි අම්මා, ගලේ යකාගේ බිරිඳය. උනාපානේ කිරි අම්මා උනාපානේ වන්නියාගේ බිරිඳය. මෙම නම් බොහොමයක් හඳුන්වා ඇත්තේ ගමේ නම මුලට යෙදීමෙනි.

කිරි අම්මාවරුන් බිලිඳුන් සඟවාගෙන යන බවටත්, ළමුන්ට රෝග පීඩාදිය ගෙනදෙන බවටත් සිංහල ජනයා අතරද පවතින විශ්වාසයකි. එබැවින් කාන්තාවන්ගේ දරුවන් පිළිසිඳගැනීමට, දරුගැබ ආරක්‍ෂාවීමට හා දරු ප්‍රසූතියට පෙර දරුවා සුවසේ බිහිවීමට, දරු ප්‍රසූතියට පෙර බාරහාර වී, ප්‍රසූතියෙන් පසු කිරි අම්මාවරුන් උදෙසා දානයක්දීම සිංහල ගැමියන්ගේ පුරාණ චාරිත්‍රයයි. එහෙත් සිංහල ජනයාගේ එම කිරි අම්මා දෙවිවරුන් විශ්වාසය පත්තිනි දේවිය හා සබැඳිය. එහිදී සත්පත්තිනි ලෙස පත්තිනි දෙවියන්ගේ ස්වරූප හතක් දැකිය හැකිය. නමුත් දකුණු පළාතේ සුප්‍රකට ගර්භ පූජා යාතු කර්මයක් වන 'රටයකුම' හෙවත් 'රිද්දි යාගය' ( මෙම ශාන්ති කර්මය වඳ ස්ත්‍රීන්ට දරුවන් ලබා ගැනීම, දරු ගැබ ආරක්ෂා කර ගැනීම හා ආන්තරාවකින් තොරව දරු උපත සිදුවීම අරබයා සිදු කරනු ලැබේ ) සැලකීමේදී, එය වැදි ජනයාගේ කිරි අම්මාවරුන් ඇදහීම තුළින් සිංහල ජනයා අතට පත්වූ බවක් පෙනී යයි.

වැදි ජනයාගේ "කිරි අම්මා" වචනය, "ගිරි අම්මා" තුළින් සැකසී ඇති බව, හෙන්රි පාකර් සිය " Ancient Ceylon" කෘතියෙන් මත පළකොට ඇතත්, ගිරි අම්මා ඇදහීම ඉන්දියාවේ මෝහිනියට සම්බන්ධ ඇදහීමකි.

කෙසේවෙතත් වැදි ජනයා අතර වන කිරි අම්මාවරුන් සත් දෙනෙකු ගැන හෙන්රි පාකර් දක්වයි. එනම්,

1. මිරිය බැද්ද කිරිඅම්මා,
2. පුෂ්පරාග කිරිඅම්මා,
3. උනපාන කිරිඅම්මා,
4. කොස්‌ගම කිරිඅම්මා,
5. බෝවල ගෙදර කිරිඅම්මා,
6. බාලගිරි කිරිඅම්මා,
7. ගිනිජල් දේවතා කිරිඅම්මා,

වශයෙනි. එහෙත් වැදි ජනයාගේ කිරි අම්මාවරුන් අතරින් සුවශේෂී ස්ථානයක් හිමිවන "කුකුළාපොළ කිරිඅම්මා" සහ " ඉඳිගොල්ලෑවේ කිරිඅම්මා" සම්බන්ධයෙන් සඳහනක් නැත. කුකුළාපොළ
යනු " වැදිරට" යැයි හැඳින්වෙන, වැදි ජනයාගේ වාසභූමියක් වූ මාදුරුඔය බටහිර ඉවුර ආසන්නයේ ගමකි. එම කුකුළාපොළ ගම දැනුදු එම නමින්ම පවතී.

වැදි ජනයා බොහෝවිට සිංහල සිරිත් අනුගමනය නොකළත්, වැදිජනයාගේ ඇදහිලි හා විශ්වාස බොහොමයක් වැදිජනයා වෙසෙන පෙදෙස්වල සිංහල ජනයා අතරට පැමිණ ඇත. විශේෂයෙන්ම ඌව, බින්තැන්න ආශ්‍රිත වැදි ජනාවාසයන්ට ආසන්න ප්‍රදේශවල හා අතීතයේ වැදි ජනයා ජීවත් වූයේ යැයි සැලකෙන ප්‍රදේශවල සිංහල ජනයා අතර, වැදි ජනයාගේ කිරිඅම්මාවරුන් ඇදහීම අදද දැකිය හැකිය. ඒ අනුව එම සිංහල ගැමියන්, කාන්තාවන්ට දරුවන් පිළිසිඳගැනීමට, දරුගැබ ආරක්‍ෂාවීමට හා දරු ප්‍රසූතියට පෙර දරුවා සුවසේ බිහිවීමට කිරි අම්මාවරුන්ට භාර වෙයි.

කිරි අම්මාවරු යන එන වේලේ
මල් වරුසාවක වැසපි එ වේලේ
ඒ මල් අහුලා ගෙතුවයි මාලේ
කිරි අම්මා කල ලෙඩ නැත ආලේ

අනේ මගේ කිරි අම්මා වරුණේ
බාල බිළිඳු අඬනා අඬ ඇසෙන්නේ
කාගේ ළඟදැයි මටදැන් නොඇසේ
ලීලා කරන් කිරි අම්මා වරුනේ

වැදි ජනයා අතර වන කිරිඅම්මාවරුන්ට සමාන කිරිඅම්මාවරුන් පිරිසක්, මොණරාගල ප්‍රදේශයේ "කිරිමඩුයාග⁣යේ" හමුවේ. එහිදී පිදෙන කිරිඅම්මලා ගණන 13කි. එම අය,

1. ඉනවැල්ලේ අලුත් කිරිඅම්මා,
2. දොඹගහවෙල අලුත් කිරිඅම්මා,
3. ඉඳිගස්‌ඇල්ල කිරිඅම්මා,
4. පොල්ගහගම කිරිඅම්මා,
5. තල්කො⁣ට කිරිඅම්මා,
6. කුකුළාපොළ කිරි අම්මා,
7. කොළොන් වින්නේ කිරිඅම්මා,
8. දඹගල්ලේ අලුත් කිරිඅම්මා,
9. ගෝන තලාවේ කිරි අම්මා,
10 ඉහාවේ කිරිඅම්මා,
11. කාපුයායේ කිරිඅම්මා,
12. මැදගංගොඩ අලුත් කිරිඅම්මා,
13. බිළිඳු කිරිඅම්මා,

ලෙසය. මෙහි වන කුකුළාපොළ කිරි අම්මා, ඉඳිගස්‌ඇල්ල කිරිඅම්මා සහ බිළිඳු කිරිඅම්මා වැදි ඇදහීම්වල හමුවන වැදගත් කිරිඅම්මාවරුන්ය.

"කුකුළාපොළ කිරි අම්මා" ලෙස වැදි ජනයා හඳුන්වන්නේ සිය පරපුරේ ආදිතමියක වූ "කුවේණිය" ටය. ඇය පිළිබඳව වන භක්තිය බින්තැන්න පුරාම පතළය.

"කුකුළාපොළට තලමල පිපුණා වාගේ
බින්තැන්නට රජකම ගත්තා වාගේ
මරාන යන්නට ආ මරුවෙකු වාගේ
කුකුළාපොළ කිරි අම්මත් ඒ වාගේ"

ඇයට "මහ යකිනිය" හෙවත් "කුකුළාපොළ කිරි අම්මිලැත්තියෝ" ලෙසද වැදි ජනයා හඳුන්වනු ලැබේ. එසේම වැද්දන්ගේ "බිළිඳු යකා" ('කළුදෑකඩ කුමරු' හෙවත් 'ඉලංදාරි යකා' යනු ද මොහුය) කුකුළාපොළ කිරිඅම්මාගේ පුතෙකි. කුවේණිය, මියයන්නේ සිය දරු දෙදෙනා මෙලොව තනි කරමින් නිසා ඇය කුඩා දරුවන්ට ද්වේෂ කරන බවට සැලකේ. කිරිඅම්මාවරුන් දරුවන් රෝගී කරන බවටත්, සඟවාගෙන යන බවටත් පවතින විශ්වාසයට එක් හේතුවක් වන්නේ එයයි. එනිසා වැදි ජනයා ඇයට මහත් බියක් හා ගරුත්වයක් දක්වයි. නමුත් කතුන් වඳ භාවයට පත් කිරීමේ මෙන්ම ඉන් මුදවා ගැනීමේ හැකියාවද; බලයද, "කුකුළාපොළ කිරිඅම්මා" සතුය. ඒ අනුව දරුවන් නැති කතුන්ට දරුවන් ලබාගැනීමටත්, දරුගැබ ආරක්ෂා කර ගැනීමටත්, රෝග පීඩාදියෙන් බිළිඳුන්ව ආරක්ෂා කර ගැනීමටත්, "කුකුළාපොළ කිරි අම්මා" ඇදහීම වැදි ජනයා අතර මෙන්ම, වැදි ජනයාගෙන් පැතිර ගොස් ඒ ආශ්‍රිත පිටිසර සිංහල ගැමියන් අතර වන අපූර්ව අස්පර්ශනීය සංස්කෘතික උරුමයකි.

🙏❤

#pububuchinthaka #nilakshihelapitiya #samanlenin #thilinarandhika

208 - 14