in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
පරිසරයත් එක්ක වැඩිපුර ඉන්න සමහර මිනිස්සුන්ගේ හිත් ලස්සන නෑ කියලා අද මට තේරුණා!
මම අවසානයට දාපු තුන්හිස්ගල වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මගේ experience එක. මම දැක්කා ඒ වීඩියෝ එක comment, share කරලා තියනවා ගොඩක් මම ජීවිතයටවත් නැගලා නැති කඳුවල, ලංකාවේ ලස්සන තැන්වලට ගියපු ,සුන්දර හිත් තියෙන මිනිස්සු, එයාලා ගියපු තැන් ,මීට වඩා අමාරුයි කියලා මට ගොඩක් බැනලා අපහස කරලාතියනව.
අපිට KMP වාඩියට යන්න පැය පහක් විතර ගියා (මොකද මම සාමාන්‍ය කෙනෙක්ට වඩා දුර්වල නිසා). මේ තමා මගේ ජීවිතේ මට අමාරුම hike එක. මට තාම අවුරුදු 28 යි. මගේ ජීවිතයේ මං ඉතිරි කාලයේ අලුත් තැන් ,ලස්සන කඳු ,ලස්සන රටවල් හොයාගෙන යාවි. මම Vlogger කෙනෙක් විදිහට මගේ මට දැනුන අපහසුතා මගේ අත්දැකීම් මගේ චැනල් එකේ කියන එක වරදක්ද?ලංකාවේ තියෙන ලස්සන තැන් හැම මනුස්සයෙක්ටම පෙන්නන එක මාව bully කරන්න තරම් දෙයක්ද?🥺
අපිට මහ කැලයක පැය තුනක හතරක hike එකක් තියෙන නිසා මම ඒකට ගැළපෙන්න ඇඳුමක් හස්බන්ගෙන් අවසරයක් ඇතුව අඳින්න තීරණය කළා.ඒ ඇඳුම මගේ හස්බන්ට කිසිම ප්‍රශ්නයක් නොවුනත් සමහර කාන්තා හා පිරිමි කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා මම දැක්කා .වීඩියෝ එකේ සමහර තැන් බ්ලර් කරලා තිබ්බේ ඇඳුමේ අඩුපාඩු නිසා නෙවෙයි ,මගේ අත කූඩැල්ලො කාලා හොඳටම ලේ බේරුන නිසයි(Social media වල ලේ ගලන දේවල් ශෙයා කරන එක අවුල්)
ඇත්තටම hiking කරන්න පටන් ගන්න කෙනෙක් විදිහට මට ඔයාලගේ දිරිගැන්වීම් දැකලා ඇත්තටම දුකයි..කඳු නගින පරිසරයත් එක්ක බැදිච්ච මේ මිනිස්සු මේ තරම් දුෂ්ට වුණේ කොහොමද කියලා මට හිතාගන්න බෑ.. මේකෙන් මම තේරුම් ගත්ත එකම දේ පරිසරයත් එක්ක බැඳිච්ච සමහර මිනිස්සුන්ට වඩා නගරයේ මිනිස්සු ගොඩක් සුන්දරයි කියන එක 😞
4.7K - 488
මේ වගේ දක්ෂ creatorsල ගොඩක් අතරට මගේ නමත් ඉදිරිපත් උන එක ගැන මට පුදුම සන්තෝසයක් තියෙන්නේ 💖 මම content creator කෙනෙක් විදිහට සම්මාන උළෙලකට නිර්දේශ වුණ පළවෙනි අවස්ථාව තමයි මේක.මේ හැමදේම ඔයාලගේ ආදරේ නිසා තමයි ❤️
Thank you all ආදරෙයි හැමෝටම 😇💝
2.5K - 85
My story ❤️
This channel will mainly focus on my day today life / experiences I have etc. Have a wonderful day!
For business inquiries : business.thilininimeshi@gmail.com