in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
කන්න ඕන, බොන්න ඕන ඇවිදින්න ඕන, ඒක අදම කරන්න, හෙට කරන්න කියලා තියාගන්න එපා. හෙට අපිට මොනවා වෙයිද දන්නේ නෑනේ ❤️
3 - 1
අපේ ජිව්ත වලටත් එක දේදුන්නක් නෙවේ, දේදුනු දෙකක් උනත් පායන්න බැරි නෑ.
තමන්ව විස්වාස කරලා ජිවත් වෙන්න ❤️ ජය
3 - 0
පහත ලින්ක් එකෙන් සම්පූර්ණ වීඩියෝව නරඹන්න
https://youtu.be/b04iVMEm2wM
ලංකාවේ බණ කියන, දේශපාලනය කරන අය මෙන් මේ ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ නැතිව ඇති. එහෙත් උන්වහන්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්න හිමි නමක්. කොළඹ ජාතික රෝහල කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ධූරය හොබවන්නේ උන්වහන්සේයි. දශකයකට වැඩි කාලයක් තිස්සේ රෝගීන්ගේ හා ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල අඩුපාඩු සම්පූර්ණ කරදීමට උන්වහන්සේ කැපව සිටිනවා.
මේ සේවාවන්ට විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දායක්වත්වය ලැබෙනවා. මහා බ්‍රිතාන්‍යයේ අපගේ සිල්වියා ලංකා පදනම (SYLVIA LANKA FOUNDATION) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට නායකත්වය දෙන්නේද රජවැල්ලේ සුභූති හිමියන් විසින්. මෙහිදී බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට යැවෙන වෛද්‍ය උපකරණ ඇතුළු රෝහල් සඳහා අවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම රෝහල් සේවා මණ්ඩලය මගින් සිදු කෙරෙනවා.
පසුගිය වසර එක හමාරක කාලය තුළ අප පදනම විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් වෛද්‍ය උපකරණවල වටිනාකම රුපියල් කෝටි 500 කට වඩා අධිකයි. මේ සියල්ල නිහඬව සිදුවන සේවාවන් බව අප කියන්නේ ඉතා නිහතමානි සතුටකින්.
බ්‍රිතාන්‍යය ජාතික සෞඛ්‍ය සේවාවෙන් (NHS) සිල්වියා ලංකා පදනම වෙත තවදුරටත් ලැබී ඇති පවුම් මිලියන 5 ක (රුපියල් කෝටි 250ක පමණ) වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට යැවීම සහ මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙනත් ආධාර ලබා ගැනීම පිළිබඳ SLF සහ ශ්‍රී ලාංකියන් සමග වැඩිදුර අවශ්‍ය කටයුතු සම්පාදනයටයි සුභූති හිමියන් මෙරටට වැඩම කළේ.
මේ වන විට SLF විසින් ලබා දෙන වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ රෝහල්වලින් 70% කට පමණ බෙදාහැර තිබෙනවා. මෙම සේවාව අඛණ්ඩව සිදු කෙරෙන අතර අප සමග අත්වැල් බැඳගන්නා ලෙසද සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.
SYLVIA LANKA FOUNDATION
2 - 0