Channel Avatar

amk ceylon @UCqT1QD7x14BXj7bsGF8VRbg@youtube.com

793 subscribers

Think big, start small


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

amk ceylon
Posted 1 month ago

22 - 0

amk ceylon
Posted 1 month ago

කෙනෙක් මාව....

කෙනෙක් මාව සැරයක් එපා කිව්වොත් මම ඒ කෙනාව සිය සැරයක් එපා කියන කෙනෙක්..ඒක වෙනස් උනා නම් වෙනස් උනේ ඔයා නිසා... ඇත්තට ද බොරුවට ද මම දන්නෙ නෑ ඔයා අහනවා මගෙන් ඔයාට මාව එපා වෙන්නෙ නැද්ද කියලා...උත්තරේ සරලයි...මට ඔයාව එපා වෙන්නෙ නෑ...

ඔයාට මාව එපා කියලා හිතෙනව ද...එපා නම් කියන්න...පණ ඇරගෙන ආදරේ කළත්..ඔයා කිව්වොත් මට ඔයාව දැන් එපා වෙලා කියලා ඒ කියන තත්පරේදි ම අපේ කෝල් එක කට් වෙයි...එදයින් පස්සෙ ආයෙ කවමදාකවත් ඔයාට මගෙ කටහඬ අහන්න බැරි වෙනවා ෆෝන් එකෙන්...ඒක මගෙ පොරොන්දුවක්....

කොච්චර මොන දේ කොහොම උනත් මේ පුංචි රට ඇතුළෙ දි අපි කවදම හරි මුණගැහෙද්දි මං අද වගේම ඔයා ළඟ දි හිනාවෙලා කතා කරනවා...දැන් හිතෙනව ද අහන්න වෙන්නෙ නෑ කිව්ව කටහඬ එහෙම කතා කළාම ඇහෙනවනේ කියලා...ආයෙ මුලට ගිහින් කියවන්න...මං කිව්වෙ ඔයාට මගෙ කටහඬ ෆෝන් එකෙන් අහන්න වෙන්නෙ නෑ කියලයි...ඒ කියන්නෙ මෙච්චර ආදරේ කරලත් මාව ඔයාට එපා උනා නම් එතනින් එහා ඔයාට වදයක් වෙන්න මට අයිතියක් නෑ...

ඉතින් මං ඔයාට සදහටම සමුදෙන්නෙ ආදරේ කියන හැඟීමෙන් විතරයි...එදාට වෙනදා ඔයා එක්ක කතා බහ කරලා හිටිය සාමාන්‍ය කෙනාම මුණගැහෙයි අර මැරීගෙන ආදරේ කෙරුව කෙනා වෙනුවට....ඔයා හිතනවට වඩා මං ගොඩක් නපුරු කෙනෙක්...මට කවද‍ාවත් වචන වලින් රිද්දන්න ඕන කමක් නෑ කාටවත් ම...පණ ඇරගෙන ආදරේ කරලත් එපා උනා කියන්නෙ ඔයාට මාව එපා කියන එකනේ...හැමදාම වගේ මං ඔයාට තැන දෙනවා...

එපා කියලා හිතුණොත් කියලා බලන්න හොඳ ද.. ඇත්තටම මං මෙහෙම කරයි ද කියලා...ඔයා දන්නවා ආදරේ කරන තරමටම නිහඬව පැත්තකට වෙන්නත් පුලුවන් කෙනෙක් කියන එක මම....එපා නම් එපා කියන්න...පපුව පැලෙන්න තරම් තියෙන ආදරේ පපුවෙම හිර කරගෙන හුස්ම මාව දාලා යන දිනයක් වෙනකල්ම ඔයාට හිතින් ආදරේ කරන්න මට පුලුවන්...ඔයා දරාගන්න ලෑස්ති නම් එපා කියලා නිදහස් වෙන්න....මගෙ හැමදේම වෙච්ච ඔයාට මම හරි ආදරෙයි....

"කොහොම දෝ...කවද දේ....ආදරේ මදි උනේ මේ හිතින්...වෙන්වී යන්නට තරම්....."

_කාගෙම_හරි_කතාවක්_

26 - 2

amk ceylon
Posted 1 month ago

24 - 2

amk ceylon
Posted 1 month ago

ඔයා මගෙ ජීවිතේට ආවෙ එකපාර, මං හිතුවෙවත් නැති වෙලාවක. ආගන්තුකයො විදියට මුණගැහිලා අපි අපට ලංවුනේ අපිටත් නොදැනෙන්න.

ඔයා මගෙ ජීවිතේ කොටසක් කියන එක තේරුම්ගන්න මට සෑහෙන කාලයක් ගියා.

ඒත් හැමවෙලේම ඔයාගෙ හිනාව මගෙ හිතේ තියෙනකොට...

ඔයා ලඟ නැති වෙලාවට මට වෙන කාටවත් වඩා ඔයා නැති අඩුව දැනෙනකොට. මං ඔයා ගැන හොයන්න පටන්නකොට. ඒක එහෙම වෙන්න ඇති කියලා මට හිතුනා.

ඔයා මගෙ ජීවිතේට ගෙනාවෙ ආදරේ විතරක් නෙවෙයි...

කෙනෙකුට ආදරේ කරන්න පටන්ගත්තම එයා ලඟ නැතුව ඉන්න බැරිකමක් මගෙ ලඟ තියෙනවා කියලා ඔයා මට කියලාදුන්නා.

දැන් මගෙ ජීවිතේට ඔයා කෝපි කෝප්පයක්, පැණි රස තිත්ත රස දෙකම එකට කලවම් වුන, ඒ හැමදේටම වඩා මගෙ හිත ඇබ්බැහිකරගත්තු ඇබ්බැහියක්!🥺❤️‍🩹

4 - 0

amk ceylon
Posted 1 month ago

39 - 3

amk ceylon
Posted 1 month ago

19 - 1

amk ceylon
Posted 2 months ago

15 - 1

amk ceylon
Posted 2 months ago

16 - 2

amk ceylon
Posted 2 months ago

15 - 3

amk ceylon
Posted 2 months ago

27 - 4