in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
කොළඹ සිට නාවික සැතපුම් 120ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 191කට අධික තොගය සහ සැකකරුවන් 6දෙනා දික්ඕවට ධීවර වරායට රැගෙන විත් තිබුනා
එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 2572ක් පමණ බව නාවික හමුදාව සදහන් කරයි.
ශ්‍රී ලංකා නාවිකා හමුදා බුද්ධි අංශයට ලද් තොරතුරක් අනුව පසුගිය 24 වැනිදා ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව යොදවා නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් සිදුකළ පරීක්ෂාවේදී උර 8ක් තුළ පාර්සල් 45ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 48 ග්‍රෑම් 880ක පමණ තොගයක් සහ පාර්සල් 137ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 142 ග්‍රෑම් 184 පමණ තොගයක් සොයාගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 68ත් අතර වන හලාවත, ඉරණවිල සහ තොඩුවාව යන ප්‍රදේශයන් හි පදිංචිකරුවන් වේ.
එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
#SriLankaNavy #HeroinSeizure #ICESeizure #AntiDrugOperation #NarcoticsInterception #DrugTrafficking #NavyOperation #DeepSeaInterception #DrugSmuggling #lanka #apurugossip #apurunews #fypnews #news #truthatanycost #SriLankaEconomy #Colombo #SriLankaPolitics #TrendingNow #BreakingNews #srilankanews #SriLanka #NewsUpdate #lka #SriLanka #srilankanews #lkanews #srilankatiktok #foryou #trending #viral #news #tiktoksrilanka #sltiktok
1 - 1
නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙහිදී ඡන්දයක් පවත්වා ඇති අතර අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3 දෙනෙකු ඡන්දය භාවිත කර ඇත.
#AttorneyGeneral #SanjayaRajaratnam #ConstitutionalCouncil #TermExtension #PoliticalVote #GovernmentRejection #LegalLeadership #SriLankanParliament #LegislativeActions #lanka #apurugossip #apurunews #fypnews #news #truthatanycost #SriLankaEconomy #Colombo #SriLankaPolitics #TrendingNow #BreakingNews #srilankanews #SriLanka #NewsUpdate #lka #SriLanka #srilankanews #lkanews #srilankatiktok #foryou #trending #viral #news #tiktoksrilanka #sltiktok
12 - 3
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කළ මූල්‍ය ආයතනයන්ගෙන් මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලය තුළ රුපියල් මිලියන තුනක දඩ මුදලක් මූල්‍ය බුද්ධි ඒකකය විසින් අය කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය ක්‍රියාකරයි. 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියාකළ ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. අදාළ කටයුතුවල ස්වභාවය සහ බරපතළකම සැලකිල්ලට ගනිමින් මෙම දඩ මුදල් නියම කර ඇත.
මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා වන කාලයේදී සමස්ත දඩ මුදල රුපියල් මිලියන තුනක් මෙලෙස අයකරගෙන ඇති අතර එලෙස දණ්ඩන මගින් එකතු කරගන්නා මුදල ඒකාබද්ධ අරමුදලට බැර කර ඇතැයි මූල්‍ය බුද්ධි ඒකකය සඳහන් කරයි. මෙම දඩ මුදල් අයකරගෙන ඇත්තේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතන දෙකකින් පමණක් බව සඳහන්ය.
මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උදේයාගයෙන් ක්‍රියා කිරීමේ රීතින්හි අවශ්‍යතාවන්ට අනුකූල නොවීම හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩන පනවා ඇත.
#SampathBank #DFCcBank #FinancialCompliance #SriLankaFIU #MoneyLaunderingPrevention #FinancialRegulations #SriLankanBanks #FinancialPenalties #BankingRegulations #FinancialTransparency #AntiMoneyLaundering #MonetaryFines #CentralBank #EconomicNews #lanka #apurugossip #apurunews #fypnews #news #truthatanycost #SriLankaEconomy #Colombo #SriLankaPolitics #TrendingNow #BreakingNews #srilankanews #SriLanka #NewsUpdate #lka #SriLanka #srilankanews #lkanews #srilankatiktok #foryou #trending #viral #news #tiktoksrilanka #sltiktok
4 - 0
ශ්‍රී ලංකාව ප්‍රංශයේ පැරිස් නුවරදී සිය ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹුණු බව ජනාධිපති කාර්යාලය පවසයි .
මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සඳහා අරමුදල් වෙන් කිරීමට සහ එහි සංවර්ධන අවශ්‍යතා සඳහා සහනදායී මූල්‍යකරණය සුරක්ෂිත කිරීමට ඉඩ සලසමින් සැලකිය යුතු ණය සහනයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
#DebtAgreement #ParisAgreement #BilateralDebt #DebtRelief #SriLankaEconomy #PresidentialOffice #EconomicRelief #FinancialAgreement #EconomicRecovery #InternationalFinance #SriLankaDebtRestructuring #lanka #apurugossip #apurunews #fypnews #news #truthatanycost #SriLankaEconomy #Colombo #SriLankaPolitics #TrendingNow #BreakingNews #srilankanews #SriLanka #NewsUpdate #lka #SriLanka #srilankanews #lkanews #srilankatiktok #foryou #trending #viral #news #tiktoksrilanka #sltiktok
2 - 0
ඊයේ (25) දහවල් තඹුත්තේගම බස් නැවතුම්පොළ අසල සැකකටයුතු ලෙස රැඳී සිටියදී , නැවතුම් පොලේ සිටි පොලිස් නිලධාරියකු.ට නැති වූ සැකයක් මත තරුණයකු පරීක්ෂාවට ලක් කරඇත
එමිදී ඔහු සන්තකයේ තිබී රුපියල් 500 ව්‍යාජ නෝට්ටු හයක් සොයාගෙන ඇත.
සැකකරුගේ තොරතුරු මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ උපකරණ රැසක් නිවසේ තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොචියාගම උඩුනුවර ජනපදයේ පදිංචි (17) හැවිරිදි සිසුවෙකි.
#FakeMoney #SriLankanPolice #ThambuttegamaIncident #CounterfeitCurrency #PoliceArrest #YouthArrested #SriLankanCrime #lanka #apurugossip #apurunews #fypnews #news #truthatanycost #SriLankaEconomy #Colombo #SriLankaPolitics #TrendingNow #BreakingNews #srilankanews #SriLanka #NewsUpdate #lka #SriLanka #srilankanews #lkanews #srilankatiktok #foryou #trending #viral #news #tiktoksrilanka #sltiktok
3 - 0
2020 වසරේ රටේ විදුලි අර්බුදයක් පැවති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදු කළ බව කියන මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයන් 27 කු සේවයේ යෙදෙන අතර එයින් 22 කු මෙම වංචාව සිදුකර ඇති බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
එම සේවකයන් විසින් විදුලිය විසන්ධි කර ආරක්ෂිත කැමරා අක්‍රිය වීමෙන් අනතුරුව අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකර මුදල් අය කරගෙන මුදල් වංචාව එකි කාලය තුල සිට සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
2024 ජනවාරි මස අගභාගයේ දින කීපයක් තුළ ආරක්ෂිත කැමරා අක්‍රිය කිරීමෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයක මුදලක් වංචාවක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිදුවී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22 කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස්. පි. එම්. සූරිය බණ්ඩාර පැවසීය.
#HighwayFraud #PowerCrisis2020 #AthurugiriyaHighwayenterance #ElectricityCrisis #FinancialFraud #FraudInvestigation #Scandal #AthurugiriyaFraud #ElectricityCrisis #InterchangeScam #lanka #apurugossip #apurunews #fypnews #news #truthatanycost #SriLankaEconomy #Colombo #SriLankaPolitics #TrendingNow #BreakingNews #srilankanews #SriLanka #NewsUpdate #lka #SriLanka #srilankanews #lkanews #srilankatiktok #foryou #trending #viral #news #tiktoksrilanka #sltiktok
2 - 3
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.54ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.80ක් ලෙස පහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික
මහජන බැංකුව - රු. 299.59 - රු. 309.73
කොමර්ෂල් බැංකුවේ - රු. 298.82 - රු. 309.00
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 301.00 - රු. 309.00
සෙලාන් බැංකුව - රු. 299.00 - රු. 308.50
ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.299.00 - රු. 308.50
එන්.ඩී.බී. (NDB) - රු. 298.25 - රු. 309.25
අමානා බැංකුව - රු. 302.65 - රු.308.15
#amana_takaful_bank #dfcc #bank_of_ceylon #peoples_bank #boc #dollar_rate #seylan_bank #money_exchange #HNB #DFCC #NDB #CommercialBank #PublicBank #SriLanka #CentralBank #SeylanBank #ExchangeRates #USD #SriLankanRupee #lanka #apurugossip #apurunews #fypnews #news #truthatanycost #SriLankaEconomy #Colombo #SriLankaPolitics #TrendingNow #BreakingNews
2 - 0
2003දී තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයක හිමිකරු සහ එහි සේවකයන් සිව්දෙනකු පැහැරගෙන ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කළ බවට තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී.
මෙලෙස පැහැරගෙන් ගොස් කෲරත්වයට පත් කර තිබුනේ ‘තිස්ස විලේජ්’ නමැති හෝටලයේ හිමිකරු වන උදය ශාන්ත දිසානායක කොඩිතුවක්කු සේවකයන් වශයෙන් කටයුතු කළ සමන්ත, අජන්ත, රුවන් සහ එවකට විශ්ව විදාල සිසුවකු වශයෙන් සිටි සුජීව දිසානායක නමැත්තන්ය.
‘තිස්ස විලේජ්’ නමැති හෝටලය සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු සහ තවත් පාර්ශවයක් අතර ඇති වු ආරඅවුලක් හේතූවෙන් විත්තිකාර පොලිස් නිලධාරීන් හෝටලයේ හිමිකරු සහ එහි සේවකයන් පැහැරගෙන ගොස් ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කර ඇති බවත් පසුව ගිනි අවි, බෝම්බ ලඟ තබාගත් බවට චෝදනා කරමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් රිමාන්ඩ් බාරයට පත් කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු ඇතුළු සේවකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩු පැවරීමෙන් අනතුරුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම්කාර හෝටලයේ හිමිකරු ඇතුළු සේවකයින්ගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු වීමෙන් පසු පොලිස මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයකින් අනතුරුව විත්තිකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මාතර මහාධිකරණයේ නඩු පවරන ලදී.
මේ සම්බන්ධයෙන් වසර 19ක කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා චෝදනාවන්ට විත්තිකරුවන් වරදකරුවන් බවද තීරණය කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වු තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පෙලිස් නිලධාරීන් තිදෙනකුට වසර 07 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා කෲරත්වයට පත්වු පුද්ගලයන් පස්දෙනාට රුපිල් ලක්‍ෂ 05 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.
විත්තිකරුවන්ට රුපියල් 10,000/- බැගින් දඩ මුදල්ද නියම කළේය.
මෙලෙස දඬුවම් නියම වුයේ තිස්සමහාරාම පොලිසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දැනට කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවයා වශයෙනන් කටයුතු කරන ප්‍රභාත් දේශබන්ධු, තිස්සමහාරාම පොලිසයේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් කටයුතු කළ දැනට වැල්ලවත්ත පොලිසියේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙනන් කටයුතු කරන සන්නස්ගල සහ තිස්සමහාරාම පොලිසයේ සැරයන්වරයකු වශයෙන් කටයුතු කර මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින කුලතුංග නමැත්තාය.
#TissaVillageHotel #Tissamaharama #MataraCourt #PoliceCorruption #VictimsRights #JusticeForVictims #CriminalCharges #PoliceBrutality #HumanRights #PoliceMisconduct #lanka #apurugossip #apurunews #fypnews #news #truthatanycost #SriLankaEconomy #Colombo #SriLankaPolitics #TrendingNow #BreakingNews #srilankanews #SriLanka #NewsUpdate #lka #SriLanka #srilankanews #lkanews #srilankatiktok #foryou #trending #viral #news #tiktoksrilanka #sltiktok
6 - 1
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සම්මානනීය රංග ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය රඟපෑමක් යැයි ප්‍රසිද්ධවීමත් සමඟ යුරෝපා රටවල් රැසක් සහ ඇමෙරිකාව මෙරට පුරවැසියන්ට වීසා නිකුත් කිරීමේදී දැඩි පිලිවෙතක් අනුගමනය කරන බව වාර්තා වේ.
ඇමෙරිකාව, කැනඩාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල්වලට වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට වීසා ගැනීම සඳහා සති ගණනාවක් බලා සිටීමට සිදුව ඇත
මෙරට පවතින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු හේතුවෙන් බොහෝ පුද්ගලයන් සංචාරක වීසා මස විදේශගතව දේශපාලන රැකවරණ ඉල්ලා සිටින බවත් දැනගන්නට තිබේ.
එම තත්වය පිළිබඳව අවදානය යොමු කර වීසා නිකුත් කිරීමේදී දැඩිව විමසිලිමත් වන ලෙස ප්‍රධාන රටවල්වල තානාපති කාර්යාලවලට උපදෙස් ලැබී ඇති බවත් දේශපාලඥයන්, ඔවුන්ගේ දරුවන් සහ ඥාතින් වීසා ඉල්ලුම් කිරීමේදී දැඩිව සොයා බලන ලෙස උපදෙස් දී ඇති බවත් පැවසේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය මූලිකරගෙන ඔහු කැනඩාවට ගොස් එරට දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බව වාර්තාවුනා
#USA #UK #Canada #Immigration #WesternCountries #RefugeeStatus #PoliticalDrama #UddikaPremaratne #EconomicCrisis #PoliticalAsylum #VisaRestrictions #TravelBan #VisaDelays #CanadaAsylum #StrictVisaPolicies #lanka #apurugossip #apurunews #fypnews #news #truthatanycost #SriLankaEconomy #Colombo #SriLankaPolitics #TrendingNow #BreakingNews #srilankanews #SriLanka #NewsUpdate #lka #SriLanka #srilankanews #lkanews #srilankatiktok #foryou #trending #viral #news #tiktoksrilanka #sltiktok
5 - 1
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රේගු වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් පිරිසක් හමු වී තිබෙනවා
එම හමුවේ දී අදාළ නියෝජිත පිරිස ප්‍රකාශ කර ඇත්තේ, අත්තනෝමතික ලෙස රේගු ආඥා පනත සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බවයි
එමගින් මෙරට ජාතික ආදායමට, නීත්‍යානුකූල වෙළඳාමට හා සමස්ත මහජනතාවට අහිතකර බලපෑම් ඇති විය හැකි බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා
අත්තනෝමතික ලෙස නීති රීති නීති වෙනස් නොකළ යුතු බවත් ඒවා වෙනස් කළ යුත්තේ විශේෂඥ අදහස් විමසීමකින් පසුව පමණක් බවත් මෙහිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබුනා
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තම අවධානය යොමු කරන බව එම නියෝජිත පිරිසට දැනුම් දී තිබුනා
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ සහ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ද සහභාගී වී තිබෙනවා
#MahindaRajapaksha #CustomLaws #ImportRules #PodujanaPeramuna #CustomUnion #SagaraKariyawasam #GaminiLokuge #PresidentRanilWickramasinghe #lanka #apurugossip #apurunews #fypnews #news #truthatanycost #SriLankaEconomy #Colombo #SriLankaPolitics #TrendingNow #BreakingNews #srilankanews #SriLanka #NewsUpdate #lka #SriLanka #srilankanews #lkanews #srilankatiktok #foryou #trending #viral #news #tiktoksrilanka #sltiktok
4 - 5
Apuru Gossip is a Youtube channel that Upload Political Press Conference, Voice Cuts And Meetings And Viewers can watch full video clip ( UNEDITED).