in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
සම්බුදු තෙමඟුල සිදු වු වෙසක් පුන් පොහෝය දිනය අදයි..
🙏සාදු🙏සාදු🙏සාදු🙏
ලොව නිවි සැනසෙන පින්බර
වෙසක් මංගල්‍යයක් වේවා...!
සම්මා සම්බුදු සරණයි..!!!
114 - 3
ශ්‍රි මහා බෝ සමිදුන් හට අටපිරිකර පූජාව 🙏🙏
Y o w u n D a h a m S a k w a l a
යොවුන් දහම් සක්වල 🔱
63 - 2
✿ ඵල සමාපත්තිය
වරක් ලැබූ සෝවාන් ඵල සිත නැවත
නැවතත් ස්වසන්තානයෙහි උපදවා ගෙන නිවන් සුවය විඳිනු කැමතියන් විසින් නැවතත් ස්වසන්තානයෙහි ඒ ඵල චිත්තය උපදවා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඇති වන්නා වූ කාය චිත්ත විකාරයන් පෙර සේ ම සිහි කරන්නට පටන් ගත යුතු ය.
විදර්ශනා කිරීමට පටන් ගත් කල්හි, පෘථග්ජනයන්ට නාම -රූප පරිච්ඡේද
ඥානයේ පටන් - ඥාන විශේෂ ඇති වන්නට පටන් ගැනීමත්, ආර්‍ය්‍යයන්ට උදයව්‍යය
ඥානයේ පටන් ඥාන විශේෂ ඇති වන්නට
පටන් ගැනීමත් ස්වභාවය ය.
එබැවින් නාම රූපයන් සිහි කරන්නට පටන් ගත්තා වූ සෝවාන් පුද්ගලයාට පළමුවෙන් ම උදයව්‍යය ඥානය ඇති වේ. ඉන්පසු ඉතිරි ඥානත් පිළිවෙළින් ඇති වී සියල්ලට ම උසස් වූ සියල්ලට ම සියුම් වූ සංස්කාරෝපේක්ෂා
ඥානය වැඩි වේලාවක් ගත නො වී ඇති වේ.
ඒ ඥානය සෑහෙන පමණට වැඩුණු පසු යෝගාවචරයාගේ සිත පෙර සේ ම සංස්කාරයන්ගේ නිරෝධය වූ ලෝකෝත්තර නිර්වාණාරම්මණයට පැමිණෙන්නේ ය. නිර්වාණාරම්මණයට සිත පැමිණීම ය යනු සෝවාන් ඵල සිත් ඇති වීම ය.
මෙසේ ලෝකෝත්තර ඵල චිත්තය ඇති කර ගැනීමට ඵලසමාපත්තියට සමවැදීමය යි කියනු ලැබේ.
'මෙතෙක් කල් මම ඵලසමාපත්තියෙන් වෙසෙමිය' කියා අධිෂ්ඨානයක් නැති ව එයට සමවන් පුද්ගලයන් ගේ ඵලසිත් පරම්පරාව සමහර විට විනාඩියකින් දෙකකින් කෙළවර වේ.
සමහරවිට විනාඩි පසකින් දශයකින් පසළොසකින් පැය භාගයකින් පැයකින් ද කෙළවර වේ. අටුවාවල දවසක් මුළුල්ලෙහි
වුව ද රාත්‍රියක් මුළුල්ලෙහි වුව ද අධිෂ්ඨානය පරිදි ඵල සමාපත්තියෙහි සිටිය හැකි බව දක්වා තිබේ.
මේ කාලයෙහි ද ශමථ විදර්ශනාවන් දියුණු තියුණු තරමට පැයඑක - දෙක - තුන යනාදි වශයෙන් පිරිසිඳ ගත් කාලය මුළුල්ලෙහි ඵලසමාපත්තියෙහි සිටිනු දක්නා ලැබෙන
බව ද කියා තිබේ.
කාලය පිරිසිඳ ගෙන සමාපත්තියට
සමවදින තැනැත්තන්ට ද සමහර විට
අතර සිහි කරන සිත් ඇති වන බවත්,
සතර පස් වරක් සංස්කාර සිහි කිරීමෙන්
පසු නැවතත් ඔහුන් සමාපත්තියට පැමිණෙන බවත්, එසේ කැමතිතාක් කල් පැය බොහෝ ගණනක් සමාපත්තියෙහි සිටින අය දක්නට ඇති බවත් කියා තිබේ.
ඵල සිත් ඇති වෙමින් පවත්නා කාලයෙහි සකල සංස්කාරයන් ගේ නිරෝධය වූ නිර්‍වාණාරම්මණයෙහි ම සිත පවතී. ඒ
කාලයේ දී යෝගාවචරයාහට නිවන හැර
අන් කිසිවක් නො දැනෙන්නේ ය.
නිර්වාණය යනු ලෝකයට අයත් සකල නාම රූපයන් ගෙන් හා ප්‍රඥප්තීන්ගෙන් ද අන්‍ය වූ ස්වභාවයකි. එබැවින් ඵලසමාපත්තියෙහි ඉන්නා යෝගාවචරයාට මෙලොව හෝ අන් ලොවක හෝ ඇති කිසිවක් සිහි නොවේ. අන් කිසි ම කල්පනාවක් ද ඔහුට නො වේ. දැකිය යුතු - ඇසිය යුතු - ආඝ්‍රාණය කළ යුතු - ආස්වාදනය කළ යුතු - ස්පර්ශ කළ යුතු - අරමුණු කොතෙක් එළඹ සිටියේ ද ඒ එකකුදු ඔහුට නො දැනේ.
“අප්පණාජවනං ඉරියාපථම්පි සන්නාමෙති” යි දැක්වෙන පරිදි ඔහුගේ ඉරියව්ව වෙනස් නොවී පවතී. ඉඳගෙන සමවතට සම වැදුණ හොත් ශරීරයේ හිඳීමේ ඉරියව්ව සමාපත්තියෙහි ඉන්නතාක් එසේ ම පවතී. ඇඟ ඒ මේ අතට බරවීමක් - නැමීමක් - සෙලවීමක් ඒ කාලය
තුළ දී නො වේ.
ඵලසිත් පරම්පරාව සිඳුණු විටෙක දී යෝගාවචරයාහට සංස්කාරයන්ගේ නිරෝධ ස්වභාවය ගැන ම හෝ ඒ ස්වභාවයට සිතින් පැමිණ විසූ බව ගැන හෝ පළමුවෙන් හැඟීම් ඇති විය හැකි ය. යම් කිසි දැකීමක් ඇසීමක් ගැන සිත් හෝ යම් කිසිවක් සිහි කරන සිත් හෝ පළමුවෙන් ඇති විය හැකි ය. අනතුරු ව සුදුසු පරිදි සංස්කාර සිහි කරන සිත් ආදිය
ඇති වේ.
සංස්කාරයන් සිහි කරන කල්හි ද පටන් ගැනීමේ දී නාම රූපයන් ගේ ඖදාරික ඉපදීම් බිඳීම් පමණක් සිහි කරන සිත් සෙමින් ඇති වේ. විදර්ශනාව විශේෂයෙන් බලවත් වේ නම් ඵලසමාපත්තියෙන් නැඟී සිටි කෙණෙහි ම ද සියුම්, සියුම් වූ සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් සිහි කළ හැකි සියුම් වූ ද වේගවත් වූ ද සිත් ඇතිවිය හැකි ය.
විශේෂයෙන් සැලකිය යුත්තක් නම්, ඵලසමාපත්තියට ඉක්මනින් පැමිණීම
පිළිබඳ වූ ද ඵලසමාපත්තියෙන් බොහෝ
0වේලා විසීම පිළිබඳ වූ ද අධිෂ්ඨාන, පූර්වභාගයෙහි කර ගත යුතු ය.
සංස්කාර සිහි කරමින් හෙවත් විදර්ශනා කරමින් ඉන්නා කාලයේ දී අධිෂ්ඨාන කිරීම පිළිබඳ උත්සාහයක් නො කළ යුතු ය. ඉක්මනින් සමාපත්තියට පැමිණේවා යි පැතීමක් හෝ නො කළ යුතු ය.
සමාපත්තියට පැමිණිය හැකි තරමට
විදර්ශනා බල වේගය දියුණු වන්නට කලින් විදර්ශනාව හොඳින් සිදු වේගන යන අතර කැස්ස ආදිය ඇති වීමෙන් වන ශරීර කම්පන වලින් විදර්ශනා වේගය හීන වන අවස්ථා ද ඇත්තේ ය.
විදර්ශනාව ඉතා හොඳ වූ විට දැන් ඵලයට පැමිණෙනු ඇතය යන කල්පනාව ඇති වීම නිසා ද විදර්ශනා බල වේගය හීන විය හැකි ය. එබඳු කල්පනා ඒ අවස්ථාවෙහි නො කරන ලෙස පරෙස්සම් විය යුතු ය. ඉදින් කල්පනා වුවහොත් ඉක්ම යන්නට නො දී එයත් සිහි කරනු.
මෙසේ අනුස්මරණ වේගය වාර බොහෝ ගණනක් හීනවීම සිදු වීමෙන් පසු අමාරුවෙන් ඵලසමවතට පැමිණෙන්නෝ ද වෙති.
සමාධි ප්‍රඥා දෙක්හි වේගය හීන නම් ඉක්මනින් සමවතට නොපැමිණිය හැකි වේ. පැමිණියේ ද ඔහුට වැඩි කාලයක් සමාපත්තියෙහි සිටිය නොහේ.
(සතිපට්ඨාන භාවනා ක්‍රමය)
76 - 0
(02) --- සංඛාර පච්චයා විඤ්ඤාණං ---
අවිද්‍යාවෙන් මූඪ වූ සත්ත්වයා හට ජීවත් වීමේ (පඤ්චස්කන්ධය පවත්වා ගැනීමේ) ආශාව කොතෙක් මහතට තිබුණත් එය පවත්වා ගැනීමට කොතෙක් පරිශ්‍රම දැරුවත් එයට පැමිණෙන ජරා මරණ දෙක නො වැළැක්විය හැකිය.
ඔහුට මරණය ඒකාන්තයෙන් වන්නේය. ඒ අවස්ථාවේදී ඔහු තුළ පවත්නා ජීවත් වීමේ ආශාව නිසා ඒ චිත්ත පරම්පරාව සිඳී නො ගොස් පූර්වභවයාගේ අන්තිම විඤ්ඤාණය නිරුද්ධ වීමට අනතුරුව ම දෙවන ජාතියක ඉපදීම් වශයෙන් නැවත විඤ්ඤාණ පහළ වේ.
අතීත වර්තමාන දෙක සම්බන්ධ කිරීම් වශයෙන් පහළ වූ බැවින් ඒ අභිනව භවයේ පළමුවන විඥානයට ප්‍රතිසන්ධි විඥානය යි කියනු ලැබේ.
“සංඛාර පච්චයා විඤ්ඤාණං” යන මෙහි විඥානය යි කියන ලදුයේ ඒ ප්‍රතිසන්ධි විඥානයටය. විඥානයක් ඇති වීමට
අරමුණක් ලැබිය යුතුය. අරමුණක්
නො ගෙන විඥානයකට පහළ විය නො හැකිය.
ප්‍රතිසන්ධි විඥානයට අරමුණක් ලැබෙන්නේ අතීත කර්මයෙන්ය. අතීත වූ කර්මය මරණාසන්න සත්ත්වයා හට කර්මය,
කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුනෙන් එකක් ඉදිරිපත් කරවීම් වශයෙන් එළඹ සිටින්නේ ය.
ප්‍රතිසන්ධි විඥානය එය අරමුණු කොට ගෙන
අතීත කර්මයා ගේ විපාකයක් වශයෙන්
පහළ වන්නේය. මේ ප්‍රතිසන්ධි විඥානයට අවිද්‍යා තෘෂ්ණා දෙක ද බලවත් හේතු දෙකක් වතුදු, අරමුණක් ලබා දී විපාක බවට පැමිණෙන කර්මය නැති නම් විඥානය ඇති විය නොහෙන බැවින්, මේ පටිච්ච සමුප්පාද කථාවේ දී සංස්කාරය නිසා විඥාන පහළ වේ යයි වදාරන ලදී.
ආර්‍ය්‍ය සත්‍ය දේශනාවේ හැටියට නම් උත්පත්තියේ හේතුව තෘෂ්ණාව ය.
ප්‍රතීත්‍යසමුත්පාද ක්‍රමය ආර්ය්‍ය සත්‍ය දේශනා ක්‍රමය යනු ධර්ම ක්‍රම දෙකක් සැටියට දත යුතුයි. ඒ දෙක අවුල් නො කර ගත යුතුයි.
(විදර්ශනා භාවනා ක්‍රමය)
40 - 1
සිංහල ථූප වංශය
15. විවරණය
සක්දෙව් රජ
ඔබට ඉක්බිතිව ධම්මදස්සී නම් බුදු කෙනෙකුන් වහන්සේ
සක්දෙව් රජ ව ඉපද දිව මලින් දිව සුවඳින් ද, දිව්‍ය තුයයෙන් ද,
ලොවැ ඉපද වදාළ සේක. එ සමයෙහි අප ගේ බෝසතාණෝ
“මේ සක්දෙව් රජ මා සේ ම බුදුවන්නේය” යි විවරණ දී වදාළ
බුදුන්ට පූජා කළ සේක. ඒ ධම්මදස්සි නම් බුදුරජාණන් වහන්සේ
සේක. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල ඔබ ගේ ධාතූන්
වහන්සේ නො විසිරැ එකඝනව, වැදහොත් සේක. එ සමයෙහි
දඹදිව් වැස්සෝ ඒ ධම්මදස්සී නම් බුදුන් ගේ ධාතු වඩා දොළොස්
ගවුවක් උස රන් දාගබක් බැන්දාහ.
ධම්මදස්සී බුද්ධ ථූප කථා.
168 - 4
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දුටු සිහින පස...
🌹පළමු සිහිනය
“මහ පොළොව යහනෙක් වී ය. හිමාලය පර්වතය කොට්ටය විය. එහි උඩුකුරුව නිදන බෝසතාණන්ගේ දකුණත අවර සයුරෙහි ද, වමත පෙර සයුරෙහි ද, පා දකුණු සයුරෙහි ද බැහුණා හ.” මේ උන් වහන්සේ දුටු පළමු සීනය යි . (මෙය උන් වහන්සේ ලොවුතුරා බුදුවන බවට පෙර නිමිත්ත ය.)
🌹දෙවෙන සිහිනය
“උන් වහන්සේ ගේ නාභියෙන් රතු ඊතන ගසෙක් ඉතා උසට නැගී අහසට පැතිර සිටියේ ය.” (මේ ස්වප්නය උන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිවේධ කොට ලොවට ප්‍රකාශ කරන බවට පෙර නිමිත්ත ය.)
🌹තෙවෙන සිහිනය
“කළු හිස් ඇති සුදු පණුවෝ පා මුලින් නැගී දණ ඉස දක්වා වසා ගත්හ.” (මෙය බොහෝ ගිහියන් උන් වහන්සේ ගේ උපාසකයන් වන බවට පෙර නිමිත්ත ය.)
🌹සිවු වන සිහිනය
“නානා වර්ණ ලිහිණියෝ සිවුදෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් උන් වහන්සේගේ පාමුල වැතිර වහා සුදු පැහැ වූහ. (මෙය සිවු කුලයන් හි ම ජනයා සස්නෙහි පැවිදිව පිරිසිදුව නිවන් පැමිණෙන බවට පෙර නිමිත්ත ය.)
🌹පස් වන සීනය
“උන් වහන්සේ මහත් අශූචි පර්වතයක් මතුයෙහි ඒ අශූචියෙන් නොතැවරී සක්මන් කළ සේක.” (මෙය සිවුපස බොහෝ සේ ලැබෙතත් එහි නොඇලෙන බවට පෙර නිමිත්ත ය.)
අජපල් නුගරුක් කරා යාම...
“මහා පුරුෂයාණන් වහන්සේ මෙකී ස්වප්න පස දැක, තමා විසින්ම ඒ විසඳා බලා, තමන් ‘බුදු වන බව නිසැක’ යි දැන, පසු දා උදයම සිරුරු පිළිදැගුම් කොට, ගොස් අජපල් නුග රුක් මුල භික්ෂාචාර වේලාව තෙක් පෙර දිගට මුහුණ ලා වැඩ උන් සේක.
තෙරුවන් සරණයි !
(උපුටාගත් දහම් ලිපියකි)
116 - 0
අපගේ මෙම ක්‍රියාව හුදෙක් තරුණ තරුණියන් හට බුදුබණ සහ දහම් කරුණු සිත්සතන් තුලට ඇතුලු කිරීමයි. එසේම මෙමගින් ජීවිතය පිළිබදව අවබෝදයක් ඇති කිරීමයි.
ඔබ ධර්මයේ හැසිරීමට පටන්ගත් පසු ඔබට මරණය දක්වාම අවබෝධයෙන් යුතුව ගමන් කල හැකිය.
අතපසුවීම් / අත්හැරීම් / හැරයාම් / අහිමිවීම් .... යන මේ සියල්ලක්ම නිකන්ම වචන පමණක් බව ධර්මයෙහි හැසිරීමේ දී ඔබට ඉබේටම අවබෝධ වනු ඇත.
ඔබ මරණින් පසු රැගෙනයාමට කොපමණ දේවල් රැස් කර සිටින්නේ ද?
අප ඔබ සියලුම දෙනා උදේ අවදි වූ පටන් රාත්‍රී නින්දට යනතාක් කරනු ලබන්නේ ජීවත්වීමට යම්යම් දේ රැස්කිරීමයි, එහෙත් ඔබ මරණින් පසු රැගෙනයාමට කොපමණක් දේ රැස්කර තිබේද?
ඔබ රුවන්වැලි සෑය කෙතරම් වන්දනා කර ඇතිද?
ඔබ කෙතරම් දානමාන දී ඇතිද?
ඔබට ලැබෙන සෑම අවස්ථාවකම සිතන්න, ඔබ කවදා හෝ මියයන බව,
එසේ සිතා මරණින් පසු රැගෙන යාමට දේ රැස් කරන්න.
එමගින් ඔබට මේ ජීවිතයත් මරණින් මතු ජීවිතයත් පිළිබදව අවබොදයෙන් කටයුතු කළ හැක.
පිං ඇත්තෝ අසත්වා!
තෙරුවන් සරණයී!