සත්පුරුෂයා බුද්ධ,ධම්ම,සංඝ යන ත්රිවිධ රත්නය සරණගිය අයෙකි. සිල්වත්වූ කල්යාණ ධර්ම ඇත්තෙකි. බොහෝඅයට උපකාර ඇත්තෙකි.හේ සත්පුරුෂ ඇසුරටම ප්රිිය කරයි. ධර්ම ශ්රවණයට ආසාකරයි. ඔහු සෑමවිටම ධර්මයටම සත්කාර කරමින් ගරුකරමින් ධර්මයම පුදයි.විශේෂයෙන්ම සත්පුරුෂයා කෙළෙහිගුණ දන්නා දකිනා අයෙකි. දෙමාපියන්ට සළකයි. ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගෞරව සත්කාර දක්වයි.තම වගකීම් යුතුකම් මනාකොට තේරුම් ගෙන ඒවා පැහැර නොහරී.ඔහු තමා තුළ ඇති කිසියම්ම ගුණයක් කරණ කොට ගෙන තමාව හුවා නොදක්වයි.අනුන්ව හෙළා නොදකී.සත්පුරුෂයා සත්පුරුෂයාද හඳුනාගනී.අසත්පුරුෂයා හඳුනාගැනීමටද දක්ෂ වෙයි. සත්පුරුෂයා අනුන්ගේ දියුණුව පතයි.පිරිහීම අකමැතිවෙයි.සත්පුරුෂයා ලාභසත්කාර කීර්ති ප්රශංසාවලට ගිජු නොවෙයි.සත්පුරුෂයා තමාගේ ගුණ කීමට කුසීතවෙයි. අනුන්ගේ ගුණ කීමට පසුබට නොවෙයි. සත්පුරුෂයා තමාගේ අගුණකීමට පසුබට නොවෙයි.අනුන්ගේ අගුණ කීමට කුසීතවෙයි. ජීවිතයේ අර්ථයත් යහපතත් දැකීමට නිතරම කල්පනා කරයි. ඒ සත්පුරුෂ ධර්මතාවයයි.ජීවමාන බුදුසසුනක් පවතින යුගයක පමණක්ම සුලභවූ මේ උතුම් සත්පුරුෂ ඇසුර, මේ උතුම් සත්පුරුෂ ගුණකථාව සසරේ මුණගැසෙන තවත් එක්තරා අතිශයින් දුර්ලභ වටිනා කාරණයකි.