ජපානය කියන්නේ තවත් දේශයක්, රටක්,වරෙක තමන් විසින් තමාගේම උදරය කපා සියදිවි නසාගන්නට තරම් නිරිභිත වූ මානව වර්ගයක්.එවන් වූ ජාතියක් අද වන විට තම පැවැත්ම සදහාත්,කොටසක් අනෙකාගේ පැවැත්ම,යහපත සදහාත් යොදවන්නේ ශ්‍රි ලාංකික අප සදහාද එහි හිඩැසක් පිරවීමට සහ පුරවා ගැනීමට අවස්ථාව සලසා ලීමෙන් වීම සතුටට කරුණක්.ඉතින්..මෙහෙවු ජපන් භූමියේ ඔබ අපි සැමට රිසි සේ හැසිරෙන්නට,නිදහස විදින්නට,තවත් සරල කරොත් ආතල් එකේ ඉන්නට හැකිවීම අගය කලයුතු කරුණකි.ජපන් ජාතිකයන්ගේ මෙම නිදහසත්,අනෙකාගේ නිදහස අගය කිරීමේ ගුණයත් තේරුම් ගන්න,ලාංකික අපිට කාලය ගතවන කාර්යයක් බවයි මගෙ නම් හැගීම.මන්ද යත් ලාංකික සහොදර,සහොදරියන් විශාල පිරිසක් ජපානයේ රැකියා වල මෙන්ම අධ්‍යාපනය ලබමින්ද මිනිසෙක්ට ලැබිය යුතු වරප්‍රසාද විදමින්ද රිසි සේ ජීවත් වීම දක්නට ලැබේ.තවකෙක් මග නොදැන අතරමන් වී අදුරේ අතපත ගාමින් තම නිදහස පමනක් විදිමින් සිටී.දන්නදේට වඩා නොදත් දේ බොහෝමයක් යැයි සිතමි.එනිසාවෙන්ම අවුරුදු ගනනාවක් ජපන් ජීවිතේ ලැබුවාවූ අත්දැකීම් හැකි පමනින් කැටිකර ජපන් ජීවිතයක් ගැන සිහින දකින,ඒ සිහින සැබෑ කරගන්න වෙරදරන ලාංකික ඔබගේද දැනගැනීම පිනිස රැගෙන ඒමට මමද වෙර දරමි