in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
හය ශ්‍රේණියේ ඉන්න ඔයාලගේ දුව පුතා පළවෙනි වාර විභාගයේ ICT ප්‍රශ්න පත්‍රය ලියල ඇවිල්ලා අමාරුයි කිව්වද ?,
එහෙම නැත්තන් අනිත් විශයන්ට වඩා ICT වල ලකුණු අඩු වෙලාද?
පළවෙනි වාරේ ඉගෙන ගත්ත ටික හරියට තේරෙන්නෙ නැති නිසා ICT එපා වෙලාද ?
ඒ හැම ප්‍රශ්නයකටම උත්තරයක් ඔයාහෙ දුව,පුතා වෙනුවෙන් අපි ලබා දෙනවා.
පළවෙනි වාරයේ අතපසු වුන ,නොතේරුන දේවල් තේරෙන්න ඉහෙන ගන්නත්,
තේරුන දේවල් තවත් තේරුම් ගන්නත් ලැබෙන හොඳම අවස්ථාවක්...
6 ශ්‍රේණියේ ඉන්න දුවලා පුතාලා වෙනුවෙන් පළවෙනි වාරයේ ඒකක සම්පුර්ණයෙන් නැවත කියල දෙන සම්මන්ත්‍රණ මාලාවක්..
තියෙන්නෙ නොවැම්බර් මුල සතියේ ..
කරන්න තියෙන්නෙ සරල දෙයක්..
පහත Link එකෙන් Whatsapp Group එකට සම්බන්ධ වෙන්න..
chat.whatsapp.com/LERkoAJDLgl3MaJmUrOdXU
එහෙම නැත්තන් Grade 6 කියල වට්සැප් පණිවිඩයක් 070 4000628ට එවන්න.
මේ සම්මන්ත්‍රණය ලංකාවටම Online පවත්වන්නෙ.
Zoom සහ Youtube හරහා..
#Ict #Grade6 #free #seminar #srilanka #schools #success
1 - 0
මූණුපොතේ මගේ පිටුවේ දැම්ම පරණ පින්තූර ටිකක බල බල ඉද්දි දැක්ක මේ පින්තූරය මාව අවුරුදු පහකට එහා අතීතයකට අරන් ගියා.මේ උසස් පෙළ 2016 නුවර ද ෆස්ට් එකේ පන්තිය.සෙනසුරාදාට මම මේ පන්තිය 12ට ඉවර කරල කඩි මුඩියේ කෑගල්ලේ එන්නෙ කෑගල්ලෙ නුවණෙ 1ට තිබ්බ 2015 පන්තිය කරන්න. නුවර ඉදන් කෑගල්ලට කිලෝමීටර් තිස් ගානක් තියනවා.කඩුගන්නාව පහුවෙනකල් යක්ස මාර්ග තදබදයක්.එහෙම එකේ පැයෙන් කෑගල්ල එනවා කියන්නෙ මනසට හරිම වෙහෙසකර ගමනක්.දවසක් ඔහොම කෑගල්ලේ ඇවිල්ලා මම ගුරු විවේකාගාරයට වෙලා ඉන්නකොට වැඩ කරන කෙනෙක් ඇවිල්ල මට පණිවිඩයක් කිව්ව.
"රජිත සර්ව හම්බෙන්න ළමයෙක් ඇවිල්ල ඉන්නව"
මම ගුරු විවේකාගාරයේ දොර ගාවට යනකොට මගේ 2015 පන්තියේ ළමයෙක් දොරගාවට වෙලා ඉන්නව.ඒ වෙද්දි 2015 අයට විභාගෙට සතියක්වත් නෑ.විභාග ප්‍රවේශ පත්‍ර පවා ළමයින්ට දීලා තිබ්බේ.
මම ඒ ළමයා ලඟට යනකොටම ඒ ගෑනු ළමයා ඇඬූ කඳුලෙන් කියනවා "සර්ට මතකද දැනට අවුරුදු දෙකකට කලින් සර් මට දවසක් පන්තියේදි අනාවැකියක් කිව්වා.ඒක වෙලා සර්" කියල.
එකපාරටම ඒ සිදුවීම මතක් උනේ නැති උනාට ටිකක් කල්පනා කරනකොට මතක් උනා.ඒ 2015 පන්තිය පටන් අරන් මාස 2-3ක් වගේ ගියකාලයක්.පාඩමක් ඉවර කරලා මම පන්තියේ විභාගයක් දීලා ළමයි ප්‍රශ්න පත්‍රය ලියනවා.මම පොඩ්ඩක් පන්තියෙන් එලියට ආවා එතකොටම මේ ගෑනු ළමයා පන්තියෙන් එලියට ඇවිල්ලා මට කියනවා "අනේ සර් මට අද පේපර් එක ලියන්න බෑ" කියල.මම ටිකක් ඒ ගැන ප්‍රශ්න කරාම මේ දුව කියනවා "සර් මගේ හොඳම යාළුවා තරහා වෙලා.එයා පිරිමි ළමයෙක්.මට දුකයි සර්.මට එක හිතකින් අද විභාගේ ලියන්න බෑ සර්.අනේ මට අද ගෙදර යන්න දෙන්න" කියල.
මම ඒ දුවට තේරුම් කරා.මම කිව්වා "පුතේ අපි එක්ක ඉන්න අය ඒ අයට ඕනෙ උනාම අපේ ජීවිත වලට එනවා.ආයේ ඒ අයට යන්න ඕනෙ උනාම යනවා.කිසිම කෙනෙක් බලෙන් නවත්තන්න උත්සාහ කරන්න එපා.එහෙම කරාම ඔයට ඔය හිතෙන දේ හිතෙනවා.ඒ නිසා ඕවා අනතක කරන්න.ගිහින් පුළුවන් විදිහට පේපර් එක ලියන්න" කියල.එදා ඒ දුව පේපර් එක ලිව්වා.ඊට පස්සෙ ඒ සිදුවීම මට අමතක වෙලා ගියා.දැං මේ දරුවා කියනවා "සර්ට මතකද සර් කිව්වා පුතේ අපි එක්ක ඉන්න අය ඒ අයට ඕනෙ උනාම අපේ ජීවිත වලට එනවා.ආයේ ඒ අයට යන්න ඕනෙ උනාම යනවා කියල.සර් එයා ගියා" කියල මේ දරුවා අඬනවා.මට සිදුවීම තේරුම් ගියා.
දැං මේ දරුව අඬ අඬ කියනවා "අනේ සර් මට සමාවෙන්න මම එදා සර් කිව්ව එක ඇහුවේ නෑ.ඒ නිසයි මෙහෙම උනේ.සර් මට හිත එකලස් කරන් විභාගේ ලියන්න බෑ.මම මෙහෙම ලිව්වොත් විභාගේ ෆේල් වෙනවා.අම්මල තාත්තාලා මම වෙනුවෙන් කරපු දේවල් වලට ඒ අයට විභාගේ ෆේල් වෙලා දුකක් දෙන්න බෑ.අනේ සර් මම ඊලඟ අවුරුද්දේ ලියන්නම්." කියල.
මට අසූ හාරදාහට තරහක් ආවා.ගත් කටටම හොඳවායින්ම අමතලා කිව්ව "පුතා ඔයා අනිවාර්යයෙන්ම විභාගේ ලියන්න ඕනේ." කියල.( ඇත්තටම කිව්වොත් මෙහෙම සෞම්‍ය විදිහට කොහෙත්ම කියවුනේ නෑ.ඒ දරුවා මේක කියවල හිනා වෙයි.මොකද මෙහෙම සෞම්‍ය විදිහට කියවුනේම නෑ කියල ඒ දරුවා දන්නවා)
දැං ඒ දුව බයෙන් ගල්ගැහිලා බලන් ඉන්නවා.මම කිව්වා "පුතා,මම ඔයාට මේක මේ කියන අවසාන වතාව.ඔයා අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ.ෆේල් උනාට කමක් නෑ.හැබැයි ලියන්න ඕනේ." කියල.
ඊට පස්සේ එදා පන්ති ඉවරෞන වෙලාවෙ ඉඳන් ඒ දරුවා නහයෙන් අඬ අඬ මැසේජ් එවනව "අනේ සර් මට මේපාර විභාගෙ ලියන්න බෑ "කියල.අන්තිමට ඒ දුවට කතා කරලා කරලා,තේරුම් කරලා ඒ දුව හිත හදාගත්තා ෆේල් උනත් විභාගේ ලියන්න.
ඒ දුව තාක්ෂණවේදය විශය ඉගන ගත්තෙ.කොහොම හරි විභාගේ ලිව්වා.ඊට පස්සෙ ප්‍රතිඵල එනකල් ඒ දුව BTEC HND කරා.ඒ අස්සෙ වවුනියාවේ ටෙක්නිකල් එකට ගිහිල්ලා,නේවසිකව නතරවෙලා පරිගණක පාඨමාලාවක් හැදෑරුවා.ඒ අතරෙත් ගොඩක් අවස්ථාවලදි අධ්‍යාපන කටයුතු වලදි නොතේරෙන දේවල් අහගන්න මට කතා කරා.
මාස කිහිපයකට පස්සෙ ප්‍රතිඵල ආව දවසේ උදේම මට ඒ දුවගෙන් කෝල් එකක් එනවා." සර්,මම දිස්ත්‍රික් 18.සර්ට පින්.සර් නැත්තන් මම මේ පාර ලියන්නෙ නෑ."කියල.
ගුරුවරයෙක් විදිහට මූණ දුන්න ජීවිතේ වැඩියෙම සතුටුදායක පණිවිඩයක්.
ඊට පස්සෙ ඒ දුව වයඹ විශ්ව විද්‍යාලයේ නැනෝ තාක්ෂණික පීඨයට තේරුනා.ඊට පස්සෙ දවසක ඒ දුවට උගන්නන ආචාර්යවරයෙක් දවසක් පාසලක විද්‍යා දිනයකදි ආරාධිත දේශන කරන්න ගිහිලා මුණ ගැහුනා.මම අර දුව ගැන අහලා බලුවා.
" ආ එයා දක්ෂ දරුවෙක්.දවසක බැච් ටොප් වෙන්න උනත් පුළුවන්.ස්ටාෆ් එන්නත් පුළුවන් වෙයි.හොඳටම වැඩ කරන දරුවෙක්."
ඊට පස්සෙ මූණුපොතේ ඒ දරුවාගේ දක්ෂකම් බලන් හිටියා.ජීවිතේ මුළ කාලේ ගෲප් ක්ලාස් එකකට යන්න බය උන දරුවා අද විශ්ව විද්‍යාලයේ කැරම් කණ්ඩායම නියෝජනය කරනවා.අන්තර් විශ්ව විද්‍යාලයීය තරඟාවලි වලදී දක්ෂතා දක්වනව.
පන්තියක ඉගෙනගන්න දරුවෙක්ගේ විනාස වෙන්න තිබබ ජීවිතයක් හරි පාරට අරන් ඇවිල්ලා ඒ දරුවා ඒ පාරේ දියුණුවෙන් දියුණුවට යනව දකින එක තරම් ගුරුවරයෙක්ට වෙන සතුටක් කොහෙන්ද.
අතීත කතාවෙන් පස්සෙ අපි වර්ථමාන කතාවට එමු.අපි ගොඩ වෙලාවට අපේ ජීවිත වලට ආදර්ශයක් කරගන්නෙ පිට රටවල ඉන්න පුද්ගල චරිත.ඒත් අපි නොදන්න දේ තමයි අපිට සාර්ථක වෙන්න පුළුවන් විභවයන් අපි ඇතුලෙම තියනවා.අපිට කරන්න තියෙන්නෙ ඒ විභවයන් හරියට අඳුරගන්න එක.ඊට පස්සෙ ඒවා කළමනාකරණය කරගන්න එක.එහෙම කරොත් ඔබ සාර්ථකත්වයට පත්වෙන එක නවත්තන්න කිසිම කෙනෙක්ට බෑ.අසාර්ථකත්වය තමයි සාර්ථකත්වයට පාර කියන්නෙ.ඒ නිසා ඔබත් ඔබව ඔබේ සාර්ථකත්වය දක්වා අරන් යන්න පුලුවන් විභවයන් හොයාගන්න.ඔබට දවසක මේ ලෝකය වෙනස් කරන්න පුළුවන්....
රජිත උදයංග
7 - 2