"තුරු කඳවුර" ටෙලි නාට්‍යය සතියේ සෑම දිනකම රාත්‍රි 7ට විමලරත්න අදිකාරි youtube නාලිකාවෙන් බලාපොරොත්තුවන්න.…..෴
තවත් මෙවැනිම ටෙලි නාට්‍යය නරබන්න, චැනල් එක Subscribe කරලා Bell icon එක Click කරන්න.
Subscribe කරන්න ලින්ක් එක:
youtube.com/c/WimalarathnaAdikari?sub_confirmation…
#ThuruKandaura #Teledrama #WimalarathnaAdikari
59 - 10
ඔබගේ ආනන්දයට, දැනුමට හා රසිකත්වයට ගරු කරමින් ගමන් කරන අප නාලිකාවේ පැතුම ඔබ සැමට තෙරැවන් සරණින් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා යන්නයි….෴
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!!!
92 - 7
"රන්දෝලි" ටෙලි නාට්‍යය සතියේ සෑම දිනකම රාත්‍රි 7ට විමලරත්න අදිකාරි youtube නාලිකාවෙන් ලගදීම බලාපොරොත්තුවන්න.
"රන්දෝලි" - තේමාව:
ගෘහ පාලනය රැකියාවක් වශයෙන් කරන්නට කැමති කාන්තාවන් සියලුම දෙනා පාහේ සේවය කරන්නේ මැද පෙරදිගය. තමන්ගේ රටේ දී ගෘහ පාලිකා තනතුරක් දැරීම මදිකමක් වශයෙන් බොහෝ කාන්තාවෝ සිතති. උගත් කාන්තාවන් නම් කොතරම් වැටුපක් ලැබුණද එවන් රැකියාවක නිරත වීමට කැමැත්තක් දක්වන්නේ නැත. එහෙත් යුරෝපීය රටවල තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ගෘහ පාලිකා, දරුවන් රැකබලා ගැනීම ආදී රැකියාවන් පහත්කොට සැලකීමත්, ඒ රටවල කොහෙත්ම නැත.පසු කාලයකදී මුළු ලොවේම ආදරයට හා අවධානයට පාත්‍ර වූ ඩයනා කුමරිය පවා අවිවාහකව සිටියදී නැනී කෙනෙකු වශයෙන් සේවය කළාය.
අපේ රටේ වැඩිම අබෑර්තු ප්‍රමාණයක් ඇත්තේ ගෘහ සේවිකාවන්ටය. එම රැකියාව පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති වුවහොත් රැකියාවන්වල නිරත කාන්තාවන්ට ද විශාල සහනයක් උදාවන බව සහතිකය.
"රන්දෝලි" නවකතාව සඳහා සපයා ඇති පෙරවදනෙහි දක්වා ඇති ඉහත අරමුණු තවත් ඉදිරියට ගෙනයමින් තමා කරනු ලබන වෘත්තීය අවංකව හා ඵලදායි ලෙස ඉටුකිරීම තුලින් තමාගේ අරමුණු කරා ලගාවිය හැකි බව මෙන්ම සමාජය යහමගට යොමු කළ හැකි බවද, පසක්වන අයුරින් "රන්දෝලි" ප්‍රසාංගික ටෙලි නාට්‍ය නිර්මාණය කොට ඇත.
තවත් මෙවැනිම Video නරබන්න, චැනල් එක Subscribe කරලා Bell icon එක Click කරන්න.
Subscribe කරන්න ලින්ක් එක:
youtube.com/c/WimalarathnaAdikari?sub_confirmation…
#Randoli #Teledrama #WimalarathnaAdikari
86 - 21
මාගේ යූ ටියුබ් නාලිකා ව්‍යායාමයට ඍජුව සම්මාදම් වූ
“Subscribers” 10,000 අතර සිටින සහෘද ඔබ සැමට මාගේ භක්ති ප්‍රණාම පූර්වක ස්තුතිය පිරිණමමි…..෴
මෙයට
හිතවත්
විමලරත්න අදිකාරි.
108 - 8
"විමලරත්න අදිකාරි" යූ ටියුබ් නාලිකාව සමඟ එකතුවුනු ඔබටත්, දෙස් විදෙස් ශ්‍රී ලාංකීය සැමගේත් සියලු යහපත් පැතුම් ඉටුවන සුභ සුවපත් වාසනාවන්ත නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි!
විමලරත්න අදිකාරි……෴
112 - 17
තිසර පෙරළිය
www.youtube.com/playlist?list...
තේමාව:
මානව ප්‍රගතියේ මූලධර්මය අත්දැකීමයි.
සිය ඉරණම තමා විසින්ම විසඳාගත යුතුය.
එය අන් අයට විසඳා දිය නොහැක.
ජීවන අර්බුදයක දී වුවද එය සාධාරණ සිද්ධාන්තයකි.
නිවැරදි ජීවන පරිචයක් නොලද්දෝ
සිය අඳුරු සිතුවිලි සමඟ ස්වයං මෝහණයෙන්
අසරණව අතරමං වෙති.
නිවැරදි ජීවන පරිචයකින්
මේ ජීවන ගඟ තරණය කළ හැකි වන්නේ
කීයෙන් කී දෙනෙකුටද?
පරිසරය:
ලොවේ හැම දෙයකම දෙපැත්තක් තිබේ. වඩා හොඳ පැත්ත තෝරා බේරා ගැනීමට තරම් අපි ඥානවන්ත විය යුතු වෙමු. ඔබද තත්පරයක් පාසා වෙනස්වන සුළු කෙනෙකි. මීට පෙර හෝරාවේ සිටි ඔබ නොවෙයි මේ නිමේෂයේ ජීවත් වන්නේ. පියෙවි ඇසට නොපෙනී ඔබ තුලද ඔබට පවා දැනෙන හෝ නොදැනෙන කිසියම් වෙනසක් සිදුවෙමින් තිබේ. "වෙනස් වීම" විශ්ව සිද්ධාන්තයකි. මිහිමත දිවි ගෙවන සියලුම ජීවීහු "අවිච්ඡින්නව" එම විශ්ව සිද්ධාන්තයට අනුව කිසියම් වෙනස්වීම කට මුහුණ දෙමින් සිටිති. තනිකම, සංතාපය, හා බිය ඔවුනොවුන් ගේ ජීවිත වෙලා ඇති බැවින්, තම තමන් එකිනෙකාට දැඩි ලෙස ස්නේහයෙන් බැඳී සිටින්නේ වී නමුදු යථාර්ථවාදීව සොයා බලන්නේ නම් එය ආත්මාර්ථය "ස්වයං ආදරය" මිස අන් කිසිවක් නොවේ.
තවත් මෙවැනිම Video නරබන්න, චැනල් එක Subscribe කරලා Bell icon එක Click කරන්න.
Subscribe කරන්න ලින්ක් එක:
youtube.com/c/WimalarathnaAdikari?sub_confirmation…
#ThisaraPeraliya #Teledrama #WimalarathnaAdikari
31 - 0
“දේව දරුවෝ”
youtube.com/playlist?list=PLp...
කොටස් 20කින් සමන්විත ප්‍රසාංගික ටෙලිනාට්‍ය විමලරත්න අදිකාරි YouTube නාලිකාවෙන්...
කතා වින්‍යාසය:
නිර්මාණරතිය නම් වූ දිව්‍ය ලෝකයේ සිට මිහිපිටට පැමිණෙන, සෝම, මේඝ, සූරිය නම් වූ දිව්‍ය කුමාරවරුන්ගේ අරමුණ වනුයේ ළමා ලෝකය පිලිබඳ විමසා බැලීම වේ. මේ පැමිණීමේදී ඔවුනට දැන ගැනීමට ලැබෙන්නේ සමාජ අසාධාරණයට ලක් වූ ළමා ලෝකයකි. දේවත්වය තබා මනුෂ්‍යත්වයවත් නොමැති සමාජ ක්‍රියාදාමයකි. ළමුන් ගැන සොයා බැලීමට පහසුම මග ළමා වේශයෙන් සමාජයට පිවිසීම යැයි තීරණය කරනු ලබන කුමාරවරුන් ස්ථානයට ගැලපෙන පරිදි ළමා වේශයෙන්ද වෙනත් චරිතද මවාගෙන විවිධ වේශයෙන් සමාජයේ හැසිරෙයි. ඔවුන් මුහුණ දෙන සමාජ විෂමතා, අසමගිතා, අක්‍රමිකතා, අවනඩු සියල්ලම පසිඳලමින් වැරදිකරුවනට හාස්‍ය ජනක දඬුවම් ලබා දෙමින් මිනිසුන් ධනාත්මක චින්තනයට පොළඹවනු ලබයි. මෙම ටෙලිනාට්‍යය යේ කතාංග තුලින් සමාජයේ දැවෙන ප්‍රශ්න සාකච්චා කෙරෙන අතර ප්‍රේක්ෂක අවධානය රඳවා ගැනීම සඳහා උපහාසාත්මකව ගොඩනගනු ලබන ටෙලිනාට්‍යයයේ ආකෘතිය සාම්ප්‍රදායක ටෙලිනාට්‍ය ආකෘතිය ඉක්මවා යමින් යථාර්ථයෙන් ඔබ්බට ගොස් අධිතාත්වික ශෛලියකින් නිර්මාණය වී ඇත.
කතා තේමාව:
ළමා ලෝකයේ අපූර්වත්වය, සුන්දරත්වය හා ළමා අයිතිවාසිකම් සුරැකෙන ධනාත්මක චින්තනයකට සමාජය පෙළඹවීම.
පරිසරය:
විශ්ව ධර්මතාවයට යටත් නොවන දෙවියෙක්, බඹෙක්, මාරයෙක් හෝ කිසිම ජගතෙක් ලොව ඇත්තේම නැත. එම නිසා අප විශ්ව ධර්මතාවයට යටත්විය යුතුය, හිස නැමිය යුතුය, ගරු කළ යුතුය. විශ්ව ධර්මතාව තුළ දේවත්වය නිර්මාණය වී ඇත්තේද එළෙසය.
රැදී සිටින්න අප සමග..
තවත් මෙවැනිම Video නරබන්න, චැනල් එක Subscribe කරලා Bell icon එක Click කරන්න.
Subscribe කරන්න ලින්ක් එක:
youtube.com/c/WimalarathnaAdikari?sub_confirmation…
44 - 11
නිදහසේ උල්පත | "සැබෑ නිදහස සොයා යමු"
https://youtu.be/Q_1vcC1lrCU
ගිලිහී යදම් සුරතේ බැඳී
මතුවී ලයේ නව සිතුවිලි
පරගැති බැවින් අත් මිදුනුදා
විහිදේ මුවේ මල් හසරැලි
සිය දහදියෙන් කඳුලෙන් ලෙයින්
මිහි මවු වෙතින් විවරණ ලබා
මේ භූමියේ නිදහස පතා
විරු දූ පුතුන් දිවි පුද කලා
පරගැති හැඟුම් සිඳ බිඳ දමා
යුග යුග ගණන් විරුවන් නැගූ
රණ හඬ මැදින් මතු වී තිබේ
නිදහස් දැයේ රන් අරුණලු
ලද නිදහසේ උරුමය පතා
මනසින් නිබඳ වහලුන් නොවී
එකමුතු කමින් අත්වැල් බැදන්
පෙරමුණ කරා පිවිසෙමු අපී
විකාශය -1996 පෙබරවාරි 04
ගේයපද - බණ්ඩාර ඇහැලියගොඩ
රචනය - කේ. බී හේරත්
සංගීතය - ඔස්ටින් මුණසිංහ
නර්තන නිර්මාණය - කුලසිරි බුදවත්ත
අධ්‍යක්ෂණය - විමලරත්න අදිකාරි
තවත් මෙවැනිම Video නරබන්න, චැනල් එක Subscribe කරලා Bell icon එක Click කරන්න.
Subscribe කරන්න ලින්ක් එක:
youtube.com/c/WimalarathnaAdikari?sub_confirmation…
#NidahaseUlpatha #Ballet #WimalarathnaAdikari #YouTube #Music
14 - 0
"විශාඛා ගීත නාටකය"
https://youtu.be/xH2vFVcnALY
කොළඹ විශාඛා විද්‍යාලයේ 90 වන සංවස්තර සැමරුමේදී රංගගත කරන ලදි. | 2007 වසර
නව රචනය සහ අධ්‍යක්ෂණය - කේ බී හේරත්
සංගීත අධ්‍යක්ෂණය - රන්ජිත් බාලසූරිය
අංග රචනය - බුද්දධාස ගලප්පත්ති
ගීත රචනා - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ / බණ්ඩාර ඇහැලියගොඩ
රංග වස්ත්‍ර ආභරණ - සුවිනීතා පෙරේරා
වේදිකා පරිපාලනය - ප්‍රබෝධා යහම්පත් / චම්පිකා උදයන්ගනී
නර්තන දායකත්වය - සුනිලා ලොකුමාන්න
ඉදිරිපත් කිරීම - විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය
වීඩියෝ ගත කිරීම සහ සංරක්ෂණය - විමලරත්න අදිකාරී / සුමනා වන්නිනායක
තවත් මෙවැනිම Video නරබන්න, චැනල් එක Subscribe කරලා Bell icon එක Click කරන්න.
#WimalarathnaAdikari #Teledrama
17 - 0
"සෙනෙහෙ මාතා"
https://youtu.be/2KLKFxBpHko
"මැණික් වෙළෙන්දා" ඒකාංගික ටෙලි නාට්‍යය නැරඹූ ඔබට, තවත් එවැනිම ආදර්ශමත් ටෙලි නාට්‍යයක් ලෙසින්,,
ලංකාදීප පුවත්පතේ පලවූ සුදර්මා කුමාරි බෝගොල්ලාගමගේ "යලි ඉපදුණෙමු අපි" කෙටි කතාව ඇසුරෙන්,
විමලරත්න අදිකාරි අධ්‍යක්ෂණය කල "සෙනෙහෙ මාතා" විශේෂ අවුරුදු ඒකාංගික ටෙලි නාට්‍යය..
තවත් මෙවැනිම Video නරබන්න, චැනල් එක Subscribe කරලා Bell icon එක Click කරන්න.
32 - 0
The official YouTube channel of Wimalarathna Adikari “විමලරත්න අදිකාරි” where you can find the latest and telecasted Tele-Dramas, Documentaries and other highlights on Sri Lankan television directed by him..
Subscribe to the channel and stay updated!!