Channel Avatar

Daham Atuvawa @UCU00hOVip-_zKXZkvIobp-A@youtube.com

53K subscribers - no pronouns :c

කවුරුන් විශ්වාස කළත්, කවුරුන් විශ්වාස නොකලත්, කවුරුන් පිළිගත


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Daham Atuvawa
Posted 6 days ago

සජීවී විකාශය දහම් අටුවාව Youtube නාලිකාව ඔස්සේ...

144 - 15

Daham Atuvawa
Posted 1 month ago

🙏🙏🙏

598 - 49

Daham Atuvawa
Posted 1 month ago

🙏🙏🙏

159 - 9

Daham Atuvawa
Posted 1 month ago

එදා දේව හෙළයේ රට පාලනය කළ හැම ප්‍රාදේශීය පාලකයාම ඒ ඒ ප්‍රදේශ වල පිහිටි ගල්ලෙන් වල කටාරම් කොටා තමන්ගේ නමද සඳහන් කර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කළේය. අනුරපුර යුගයටත් වඩා කටාරම් කෙටූ ගල්ලෙන් ඇත්තේ සබරගමුවේ රුහුණේ හා නැ‍ඟෙනහිර ප්‍රදේශ වල බවත් ඒ හැම ගල් කටාරමක් ම බුද්ධ යුගයට අයත් වන බවත් පෙන්වා දිය යුතුම කරුණකි. මේ අනුව ගෝතම බුදු පියාණන් එදා ජීවත් වූයේත් ධර්මය දේශනා කලේත් මේ හෙළදිවේම දේව හෙළයට එදා අයිති වූ ප්‍රදේශවලය.මෙසේ බුද්ධ ධර්මය දේශනා කළේ ඉන්දියාවේදී යැයි කියන සිතන කිසිවෙකුට ඒ සඳහා ඉදිරිපත් කළ හැකි මෙවැනි ස්ථිරසාර සාක්ෂි කිසිවක් පෙන්වා දීමට හැකියාවක් නැත. මේ කරුණු විමසිල්ලෙන් කියවා බලා මීට අදාල අනෙකුත් පොත පතද කරුණු ද සලකා බලා මේ සඳහන් කරන ලද ස්ථානයන්ට ගොස් ඒවා ද පරීක්ෂා කර බලා සත්‍යය කුමක්ද තේරුම් ගැනීම ඔබ සැමගේ වගකීමයි. ජාතියේ පිනෙන් පහළ වූ දෙය දැක බලා ගැනීමයි. ජන්බුද්දීපයේ උපත ලැබූවකු ලෙස ලබන නියත උරුමය වන්නේ බුද්ධ ධර්මයයි. පරම පවිත්‍ර බුද්ධ ධර්මය එදා මෙන්ම අදටත් ක්‍රියාත්මක වන්නේ මේ ධර්මද්වීපයේම පමණි. මේ නිසා හෙළ උරුමය යනු නිවන් දකින්නට උපකාර කර ගත හැකි උතුම් බුද්ධ ධර්මයයි..........✍️📖️
~ සිරි ධම්මාලංකාර මහතෙරුණ් වහන්සේ෴

242 - 19

Daham Atuvawa
Posted 1 month ago

(2025.04.25) මාතර පුරවරය | MATARA
_පරම සත්‍යය ධම්මානුසාසනාව 🌷_

✍️ ත්‍රිපිටකය ලෙසින් ලේඛන ගත කළ සියලුම ග්‍රන්ථයන් මුල්වරටම ලියා ලේඛන ගත කර ඇත්තේ මේ හෙළබිමේම "අලුලෙන" නම් ස්ථානයකදීය. ත්‍රිපිටක ග්‍රන්ථ වල හෝ දීප වංශයේ හෝ මහාවංශයේ සඳහන් වන පුද්ගලයින්ගේ, රජුන්ගේ, සිටුවරුන්ගේ හෝ නගරයන්ගේ හෝ නම් ගම් ඉන්දියාවේදී - මහා භාරතයේදී - ලියූ කිසිම සමකාලීනව හෝ ආසන්න කාලීනව හෝ ලියූ ග්‍රන්ථයක පොතක පතක ලියවිල්ලක හෝ සඳහන් නොවන්නා සේම වෙනත් කිසිම ආකාරයකින් හෝ අසන්නට හෝ දැක ගන්නට හෝ ලැබෙන්නේ ද නැත. එවන් ප්‍රසිද්ධ පුද්ගලයින් ඒ රටේ එවකට වාසය කළේ නම් පිට රටක පොත්වල ඒවා ලියැවෙන්නට පෙර ඒ ඉන්දීය පොත් පත් වල ඒවා ලියා සටහන් කර තබන්නට හැකියාව තිබිණි. බුද්ධ කාලයේ හා ඊට සමකාලීනව ඉන්දියාවේදී ලියු බොහෝ පුරාණ ග්‍රන්ථ, වේද ග්‍රන්ථ හා රාමායනය ආදී වෙනත් පොත් පත් අද පවා ඉන්දියාවේදී දක්නට ඇත. ඉන්දියාවේදී ලියූ මේ කිසිම පොතක පතක ලියැවිල්ලක ත්‍රිපිටකයේ සඳහන් වන මේ කිසිම නමක්, ගමක් නගරයක් සඳහන් වී නැත. දැනට වසර 2000 කටත් වඩා අතීතයේදී ලියා තැබූ ත්‍රිපිටකයේ සඳහන් වන සියලුම ස්ථාන හා නගර නාම, පුද්ගල නාම ආදියේ තොරතුරු මේ හෙළබිම හා සම්බන්ධ වූ පුද්ගලයින්ගේ නම් ගම්ය, තොරතුරුය. ත්‍රිපිටකයේ සඳහන් වන මේ තොරතුරු ලේඛනගත කර ලියා තබන්නට පෙර මේවා අපේම සිංහල භික්ෂූන් වහන්සේලා විසින් වර්ෂ හාර සියයකටත් වඩා දීර්ඝ කාලයක් තිස්සේ කටින් කට වන පොත් කරගෙන, පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන, පවත්වාගෙන ආ දේවල්‍ ය.තොරතුරුය. ධර්මයය............✍️📖️

පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර මහතෙරුණ් වහන්සේ

263 - 25

Daham Atuvawa
Posted 1 month ago

🔴සජීවී විකාශය🔴 youtube.com/live/sa-JTsGpaWg?feature=shared

131 - 6

Daham Atuvawa
Posted 1 month ago

🔴සජීවී විකාශය🔴

214 - 15

Daham Atuvawa
Posted 1 month ago

සිරි දළදා වන්දනාව සහ මතුවූ සිරි සද්ධම්මය

21 - 0

Daham Atuvawa
Posted 1 month ago

ගෝතම බුදුන් පිරිනිවියේත්, සිරි දේහය ආදාහනය කළේත් ද්‍රෝණ බමුණා ධාතු බෙදා දුන්නේත් මේ හෙළ දිවේදීමය. එදා මල්ල රට අග නුවර අද බලංගොඩට පහළින් පිහිටි රජවක මහවලතැන්න, උග්ගල් කල්තොට වේලිඔය සිට සංඛපාල තෙක් ඇති ප්‍රදේශය මල්ලව රාජධානියට අයත් ප්‍රදේශ  විය. අද “බුදුගල” කූරගල නමින් බලංගොඩට පහළින් කල්තොට පාරේ පිහිටි ප්‍රදේශය එදා ගෝතම බුදුන් පිරිනිවී ස්ථානයයි.අදටත් මේ ස්ථානයේ විශාල ප්‍රමාණයක් නටබුන් දැක ගත හැකිය. එකල මල්ල රජ දරුවන් ඉදිකළ සිහිවටන හා සෙල් ලිපි සියල්ලමත් ආදාහනය කිරීමට ඉදිකළ  පංචාවාසයත් අදටත් මෙහි දකින්නට ඇත. ගෝතම බුදු පියාණන් කුසිනාරා නුවරදී (හෙළදිව බුදුගලදී) පිරිනිවන් පා වදාළ පසුව එහිදීම ආදාහනය කළ බවත් ,ඒ සඳහා මූලිකවී කටයුතු කළේ මල්ලව රජ දරුවන් බවත් මහා පරිනිබ්බාණ සූත්‍රයේම සඳහන් වී ඇත. ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදීමේදී මල්ලව රජ දරුවන්ට ලැබුණු දන්ත ධාතූන් වහන්සේ කුසිනාරා නුවරම (එනම් බුදුගල නමින් අද හඳුන්වන ස්ථානයේම) දන්තධාතු මන්දිරයක් තනවා ආරක්ෂා සහිතව තැන්පත් කර මල්ලව රජ පරපුර විසින් පුද පූජා පවත්වමින් ‍රැක ගත් බව පෙනේ. හෙළදිව ඉදිකළ පළමුවැනි දන්ත ධාතු මන්දිරයේ මුල් අඩිතාලම අදටත් බලංගොඩ බුදුගලදී කාටත් දැක ගත හැකිය....


- 🙏 පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ

319 - 38

Daham Atuvawa
Posted 1 month ago

ගෝතම බුදුපියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූ කුසිනාරා නුවරදී (බුදුගල) එදා සර්වඥ ධාතූන් වහන්සේලා කොටස් අටකට බෙදා වෙන්කර භාර දුන්නේ එවකට මේ හෙළබිමේම රජකරන ලද රජවරුන් අට දෙනෙකුටය. එදා පටන්ම මේ ධාතූන් වහන්සේලා හෙළබිම වැසියන්ගේ වැඳුම් පිඳුම් වලට පාත්‍ර විය.ඉන්දියාවේ සිට ධාතූන් වහන්සේලා ලංකාවට වැඩම වූ බවක් කිසිම පොතක පතක හෝ මහාවංශයේ හෝ කොතැනක වත්ම සඳහන්ව නැත. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දන්ත ධාතූන් වහන්සේ වැඩමවාගෙන අනුරාධපුරයට ආවේ බුදුගල කුසිනාරා නුවරින් මිස වෙනත් තැනකින් නොවේ. කුසිනාරා නුවර පිහිටියේද ජන්බුද්දීපයේය. අද නම් ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ බුදුගලයි..........✍️

🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහතෙරුණ් වහන්සේ විසින් රචිත දුර්ලභ හෙළ අට්ඨ කථා 📚✍️

240 - 34