in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
LIVE
Now playing
NATIONAL BUSINESS FORUM | NPP Economic Council | NPP Srilanka | akd.lk | 2024.09.03
0 - 0
අපරාදෙ යුද්දෙ ඉවර වුණේ!
සීයා කැලැන්ඩරය දෙස බලා සිනා මුහුණින් සිය මුණුබුරා ඇමතුවේය.
"අද අපි සන්තෝස වෙන්න ඕන දවසක් පුතේ"
ඔහු කියා සිටියේය .
"අවුරැදු පහළොවකට කලින් අද වගේ දවසක තමයි යුද්දෙ ඉවර වුණේ"
මුණුබුරාට පුදුම හිතුණේය.
"අම්මට සිරි,සීයෙ ලංකාවෙ යුද්දෙකුත් තිබුණද?"
ඔහු හඬ නගා ඇසුවේය .
"අපරාදෙ අපිට ඒ අත්දැකීම විඳගන්න චාන්ස්සෙක නැතුව ගියානෙ"
"ඔහොම කිවිවට කොතන,කොයි වෙලාවෙ බෝම්බයක් පුපුරයිද කියල බයේ හිටපු කාලයක් ඒක"
සීයා නොසතුටින් කීවේය .
" කොටින්ම ඒ දවස්වල කොළඹ යනව කියන්නෙ මාරයා හම්බුවෙන්න යනව වගේ "
"මාරයිනෙ,සීයෙ"
මුණුබුරා උද්දාමයෙන් කියා සිටියේය
."ත්රිලින් ෆිල්ම්මෙකක් බල බල ඉන්නව වගේ ආතල් පිටනෙ මිනිස්සු ඒ කාලෙ ඉන්නැත්තෙ"
"රෙද්ද තමයි "
සීයාගේ කටින් නොදැනුවත්වම පිට විය.
"බොලත් යුද්දයක් මැද්දෙ ඉඳලම බලන්න ඕන ඒකෙ භයානකකම තේරෙන්න"
"ඒක නෙවෙයි සීයෙ"
මුණුබුරා කුතුහලයෙන් ඇසුවේය .
"කවුරැ කවුරැද යුද්ද කරේ?"
"කොටි සංවිධානෙ උතුරු නැගෙනහිරට වෙනම රටක් ඉල්ලල,ආණ්ඩුවෙ හමුදා එක්ක යුද්ද කරා"
සීයා විස්තර කළේය .
"හමුදාව අන්තිමේදි කොටින්ව පැරැද්දුව"
"අපරාදෙ,කොටි දින්න නම් තමයිනෙ ගති"
මුණුබුරා මුහුණ ඇද කරගෙන කීවේය .
" බස්සෙකෙන්,කෝච්චියෙන් පිටරටකට යන්න තිබුණු චාන්ස්සෙකනෙ
මේ මෝඩයො නැති කරගෙන තියෙන්නෙ "
සීයා සුසුමක් හෙළුවේය.
"අනේ මන්දා මේ පරම්පරාව "
ඔහු කණස්සල්ලෙන් කියා සිටියේය .
"මහින්ද ලොක්කට එහෙම මේ කතා ඇහුණා නම් මොනවා හිතෙයිද?"
"අඩේ,නාකි මයිනගෙ කාලෙද යුද්දෙ ඉවර වුණේ?"
මුණුබුරා විස්මයෙන් ඇසුවේය .
"එකත් එකටම එහෙනම් හොරකම් කරන්න බලාගෙනනෙ යුද්දෙ ඉවර කරන්න ඇත්තෙ"
ඒ කතාවෙන් නම් සීයාට කේන්ති ගියේය .
"යුද්දෙ පවත්වගෙන ගියා නම්නෙ බං,හොරකම් කරන්න පුළුවන් "
ඔහු අප්රසාදයෙන් කියා සිටියේය .
"යුද්දෙ ඉවර කරල කොහොමද හොරකම් කරන්නෙ ?"
"ඒක නම් මං දන්නෙ නෑ සීයෙ"
මුණුබුරා පිළිතුරු බැන්දේය.
"හැබැයි මහින්දයා කරා නම් හොරකම් කරන්නම තමයිනෙ කරන්න ඇත්තෙ"
සීයා මොහොතකට නිහඬ විය.
"උඹ කියනවට නෙවෙයි කොල්ලො,
හැබැයි දැන් මටත් හිතෙනව අපරාදෙ යුද්දෙ ඉවර කරේ කියල "
සුන්දර නිහතමානි ද මැල්
Copied post
0 - 0
Sri Lankan diary