Channel Avatar

Nidahase Yathra නිදහසේ යාත්‍රා @UCMp81L15--0P409KHUb-98g@youtube.com

10K subscribers - no pronouns :c

Hey, I'm Dileepa ! I love to travel and make videos, so here


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

Nidahase Yathra නිදහසේ යාත්‍රා
Posted 1 week ago

🔥 තවත් කඩඉමක් තව කෙනෙක්ට මේක පොඩි දෙයක් වෙන්න පුළුවන් .

🔥 හැබැයි මුල ඉඳන්ම තනියෙන් මේ ගේම ගහගෙන එන නිසා මට ලොකු දෙයක් මේක.

🙏 ඉතින් ස්තුතියි ඔයාලා හැමෝටම.

🤗දිගටම එකතු වෙලා ඉඳීවි කියල හිතෙනවා .

🤗🔥 අලුත් වීඩියෝවකින් ඉදිරියේදි හමුවෙමු .

youtube.com/@nidahaseyathra484?si=psv_8IRpY33w0r3S

#picart #instagram #photography #nidahaseyathra #tiktok #travel #viral #trending2024

5 - 2

Nidahase Yathra නිදහසේ යාත්‍රා
Posted 1 week ago

තනිකම සුන්දරයි කීවට තනි වුණ කෙනෙක් විතරයි ඒ හැඟීම කොහොමද කියලා දන්නේ 🖤🍃🫰🙂.

4 - 1

Nidahase Yathra නිදහසේ යාත්‍රා
Posted 1 month ago

සතුටින් ඉන්න මහා ලොකු දෙවල් ඕනේ නෑ, සතුටින් ඉන්න ඕනේ නම්,

ඔයා සතුටින් හිටියාම ඇති. එච්චරයි 🪄✨☁️😾.

5 - 0

Nidahase Yathra නිදහසේ යාත්‍රා
Posted 1 month ago

කාලෙකට කලින් විවාහ වෙන්න පුදුම ආසාවකින් හිටියේ මං.... ❤️
ඒත් කාලෙම ඒ සිතුවිල්ල වෙනස් කළා...
ආදරෙන් අන්ධ මාව ...
ටිකෙන් ටික කාලය හොඳ කළා !

දැන් මට විවාහයට වඩා අවශ්‍යයි.....

🥺නිදහස
🫶මුදල් පිරුණු මගේ මුදල් පසුම්බිය
😍මාව ලස්සනට තියා ගන්න
😇තව දුරටත් මගේ අගය වැඩි කර ගන්න
😊අලුත් අලුත් දේ ඉගෙන ගන්න

මං ආසයි ...

තවත් වෙනස් වෙන සුළු මනුෂ්‍යයෙක් මත ජීවිතේ අර්ථය සොයා සොයා කාලය නාස්ති කරන්නට මට දැන් හිතෙන්නේ නෑ පුංචි ළමයෝ.....

ඒත් මං දන්නවා ..
කාලය කවදා හෝ මට උරුම හොඳම කෙනාව තෑගි කරයි !

මං වගේම හිතන කෙනෙක් !

ඒත් දැන් මට හදිස්සි නෑ ...!❤️

Copied

7 - 2

Nidahase Yathra නිදහසේ යාත්‍රා
Posted 2 months ago

"පුද්ගලයෙකු අමතක කරන්න" කොපමණ කාලයක් ගතවේද ???❤️

ඔබ උදේ අවදි වී එකම පුද්ගලයා ගැන සිතන්නේ නම්, රාත්‍රියේ නිදා ගැනීමට පෙර ඔබ සිතන්නේ නම්‍,

එවිට චිත්තවේගීය බැඳීමෙන් මිදීමට අවම වශයෙන් මාස 6 සිට 8 දක්වා ගතවනු ඇත ... සහ එම පුද්ගලයා සම්පූර්ණයෙන්ම අමතක කිරීමට වසර 7 ක් ගත වේ.

උපුටා ගැනීමකි‍‍,

💜

ඉතිං හිතවතුනි‍,

" පැමිණිමටත්‍, හැරයාමටත් පහසු වූ පමණින් ‍, කෙනෙකු අමතක කිරීම පහසු නොවේ"

5 - 0

Nidahase Yathra නිදහසේ යාත්‍රා
Posted 3 months ago

ඔයාලා කවදාහරි ආදරේ කරලා තියනවද අම්මා නැතිවෙලා ඉන්න පිරිමි ළමයෙකුට??

එහෙමත් නැත්තන් තාත්තා නැති ගෑනු ළමයෙකුට??
.
.
.
.
එහෙම නම් මං මෙතනින් එහාට ලියන දේ ඔයා අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් කරලා ඇති....

එහෙම අය අනික් අයටත් වඩා වැඩියෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා කියලා ඔයාට තේරිලා ඇති...

ඔයා දන්නවද......

එයාලා ලඟ තියනවා පුංචි පුංචි ආසාවල් කවදාවත් සම්පූර්ණ කරගන්න බැරි උන...

එයාලා ඇතුලේ තාමත් ඒ හිස්තැන් තියන පුංචි ළමයා ඉන්නවා....

ඒක එහෙම උනත්.....

මං දැන් විශ්වාස කරනවා.....
ගොඩක්ම ආදරේ කරන හිතකට පුළුවන් කියලා,

අවුරුදු ගානකට පස්සේ ආයෙත් ඒ පුංචි ළමයව ඇහැරවලා ඒ හිස්තැන් ටික පුරවලා දෙන්න...

ජීවිතේ පිරිලා කියලා දැනෙන තරම් සතුටු හැඟීම් ගොඩකින් එයාව පුරවන්න...

අහලා බලන්න...
දවසක එයා අනිවාර්යයෙන්ම ඒ ගැන කතාකරන්න පටන්ගනී...

එයාලා ළඟ තියනවා පුංචි කාලේ ඉඳන් කරන්න ආසවෙන් හිටපු,
ඒත් කවදාවත් කරන්න, ලබාගන්න බැරි උන දේවල් ලිස්ට් එකක්ම....

කාටවත් කවදාවත් කිව්වෙ නැති...
ඒත් හැමදාම,
"අනේ මටත් තිබ්බා නම්...." කියලා හිතුන...

අතේ එල්ලිලා ගමන් යන්න...

කඩවල් වල තියන පුංචි පුංචි දේවල් ඉල්ලලා කරදර කරන්න...

උකුලේ තියාගෙන ඔළුව අතගාන්න කියන්න...

ගෙදරට හොරෙන් අයිස් ක්‍රීම් අරන් දෙන්න කියලා ඉල්ලන්න...

වඩාගෙන ලුනු අරන් යන්න කියන්න...

පපුවට ළං කරලා තුරුල් කරගෙන ඉන්න කියන්න...

පුංචි පුංචි හොර වැඩ කරන්න...

අතින් කන්න බෑ කියලා කෑම කවාගන්න..
.
.
.
.
මේ ටිකක් විතරයි...

තව ගොඩක් දේවල් තියනවා....

දන්නවද.....
මං ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද කියලා.....

ඒ සම්පූර්ණ නොවුන පුංචි කාලයක් තිබ්බ හැමෝටම අවුරුදු ගානකට පස්සේ උනත් ඒ පුංචි ගෑනු ළමයව, පිරිමි ළමයව සම්පූර්ණ කරන්න පුළුවන් කෙනෙක් හම්බවෙන්න කියලා.....

එහෙම වෙන්නම ඕන...

මොකද අන්න ඒ දවසට ඔයාටම තේරෙනවා සැනසීම කියන්නේ මේක නේද කියලා...

උපුටා ගැනීමකි 💜️🫶

8 - 2

Nidahase Yathra නිදහසේ යාත්‍රා
Posted 3 months ago

තමන්ගේ ආදර කතාව තව කෙනෙක්ගේ ආදර කතාවත් එක්ක කවදාවත් සසඳන්න එපා...🙏

ඔහු හෝ ඇය ඔබට දේවල් කරනුයේ ඒ ඔවුන්ට පුලුවන් උපරිම මට්ටමින් වෙන්න පුලුවන්...💔

කරුමෙකට ගොඩක් ආදර කතා වලට උනේම කාලයක් යද්දී ඒ අයගේ සමාජ මට්ටමට ගැලපෙන්නේ නැතුව ගිය එකයි...🥺

ඒ මොන දේත් විසදගෙන ඉරණම් කාරයෝ ජීවිත ගමන යද්දී සංසාර ගත ණය කාරයෝ මගින් හැරිලා ගියා...😞

2 - 2

Nidahase Yathra නිදහසේ යාත්‍රා
Posted 3 months ago

ජිවිතේ එකම එකපාරක් ආයේ එහෙම නොවෙන තරමට එකම එක මනුස්සයෙක්ට අපි ඇබ්බැහි වෙනවා!
එයාව මගහැරගන්න අපි බය වෙනවා!

තමන්ටත් වඩා එයාට ආදරේ කරන්න පටන් ගන්නවා!
දන්නෙම නැතුව අපිට අපිව මගහැරිලා..
අපි එයා මත ජිවත් වෙනවා..

එයාගේ පොඩි වෙනසත් අපිට ඉවසන්න බැරුව යනවා..
අපි ඒ අත තදින්ම අල්ලගෙන..ඒ වෙද්දි අපිට අපිව අතහැරිලා..
පුදුම විදිහට අපි ඇබ්බැහි වෙලා..

එයා නැතුව පැයක්වත් ගෙවාගන්න බැරි වෙන්නම..
දවස තිස්සෙම අපි ජිවත් වෙන්නේ එයාව මවාගත්ත ලෝකේක!

ඒ කටහඩ අහන් නැතුව දකින්නෙ නැතුව මොහොතක් ඉන්න බැරි තරමටම…

වැඩ දාහක් තිබ්බත් අපේ ඇස් දුවන්නෙම ෆෝන් එකට…
එයාගෙන් එන මැසේජ් එකකට
නැත්තම් කෝල් එකකට
ජිවිතේ අවසන් හුස්ම වෙනකල් අපි අපේ ජිවිතේ එයාට ඉඩ වෙන් කරනවා!

අපි හැමෝම මේ ජිවිතේ එකම එක පාරක් එහෙම මනුස්සයෙක්ට ඇබ්බැහි වෙනවා!
ඒත් ගොඩක් වෙලාවට ඒ අපි ගැන ආදරයක් හෝ සොයාබැලීමක් නැති කෙනෙක් වෙනුවෙන්!
ඒත් ඒක තේරුම් ගන්න දැනෙන්න මිනිස්සුන්ට ගොඩක් කල් යනව!

සමහරවිට අවුරුදු ගානක් වුනත්!
ඒ තරමටම අදුරු කාලයක් කිසිම මනුස්සයෙක්ට ආයේ එන්නෙ නැ…

ඒක ඒ තරමටම දැඩි වේදනාවක්! රිදීමක්!
ඒ අදුරු දවස් ගොඩකට පස්සේ එළිවෙන්න පටන් ගන්න එක දවසක් එනවා!

එදාට ආපිට හැරිල බලද්දි අපිටම තේරුම් යනවා ඇත්තටම අපිට අපිව මගහැරිල කියල!

මනුස්සයෙක්ට ඇබ්බැහි වෙන්න හොද නැ කියල!
එදාට ඒ තදින්ම අල්ලන් හිටිය අත අපි අතහරිනවා!
අතහරින්නවත් දෙයක් නැහැ!

ඇත්තටම එච්චර කාලයක් එතන හිටියේ අපි විතරයි!
අතහරින්න බැරි වුනේ අපිට විතරයි!

ඒ අයට අපිව අතහැරිල ඒ අය අපිව අතහැරල ගොඩක් කල්!
තදින්ම අල්ලන් අත නොහැර හිටිය ඒ අත එකම එක පාරක් අතහරින්න!

ජිවිතේ කිසිම දවසක නොලබපු නිදහසක් සැනසීමක් දැනෙන්න පටන් ගන්නවා!
අපිට අපිව හම්බෙනවා!
අපිට අපි ආදරය කරන්න ගන්නවා!
තමන් තමන් වෙනුවෙන් ජිවත් වෙන්න ගන්නවා!
ආයේ ආයේම අපි ආදරය කරයි…
මිනිස්සුන්ව අපිට දැනෙයි!

හැබැයි අපි පරිස්සම් ආයේම මනුස්සයෙක්ට ඇබ්බැහි නොවෙන්න!

උපුටනය - 🖊️ කවිකාර පිටුව

8 - 0

Nidahase Yathra නිදහසේ යාත්‍රා
Posted 3 months ago

දවසක් අන්ධ මනුස්සයෙක් ඔයක් ලගින් ඇවිදගෙන යනකොට ඒ මනුස්සයාගේ කකුල ගලකට හැප්පුනා.
ඉතින් ඒ මනුස්සයට තරහ ගිය පාර ඒ ගල අරගෙන ඈතකට විසික් කරා.
ඉතින් ඒ ගල ගිහින් වැටුනෙ එතන තිබුනු ඔයට. පස්සේ ඒ ඔයට නාන්න ආපු මනුස්සයෙක් ඒ ගල දැක්කා.
ඉතින් ඒ මනුස්සය ඒ ගල දැකල ඒක අහුලගත්තා.ඉතින් ඒක නිකන්ම නිකන් ගලක් නෙමෙයි ඒක මැණිකක්.
පස්සෙ ඔහු ඒ මැණික අරගෙන ගිහින් එක්තරා මැණික් වෙළද සැලකට ගියා. ඉතින් ඒ වෙළඳසැල් හිමියා ඒකට මිලක් නියම කරා.
පස්සේ ඒ මනුස්සයා ඒ මැණික අරගෙන තවත් වෙළෙඳ සැලකට ගියා. ඉතින් එතනින් ඒකට තවත් මිලක් නියම කරා.
පස්සෙ මේ මැණික අරගෙන තවත් තැනකට ගියා.ඉතින් එතනිනුත් දුන්නේ කලින් තැන් දෙකටම වඩා වෙනස් වටිනාකමක්.
ඉතින් අන්තිමේදී මේ මනුස්සයා මැණිකට වැඩිම මිලක් නියම කරපු තැනට මේ මැණික විකුණුව.

ඉතින් අපිට ජීවිතේ හමුවන සමහර මිනිස්සු අර අන්ධ මනුස්සයා වගේ.ජීවිතයට කොච්චර වටින දේවල් ලැබුණත් ඒව අයිති කරගන්න තරම් වාසනාවක් නැහැ.

ඒ වගේම අපිට ජීවිතයේ හමුවන තවත් සමහර මිනිස්සු අර මැණික් වෙළෙන්දෝ වගේ. ඒ ඒ තැන ඒ ඒ විදිහට වටිනාකම් ලැබෙනවා. සමහර තැනක ලැබෙන වටිනාකම සමහර තැනක නෑ. සමහර තැනක ලැබෙන වටිනාකමට තවත් සමහර තැනක ලැබෙන වටිනාකමට වඩා අඩුයි නැත්නම් වැඩියි

ඉතින් අපිට ජීවිතේ හම්බෙන තවත් සමහර මිනිස්සු අර කියපු මැණික වගේ.කොතනකට ගියත් මැණික මැණිකමයි.කොතැන කොයි වටිනාකම ලැබුණත් අන්තිමට මැණික නතර වුණේ මැණිකට උපරිම වටිනාකමක් ලැබුණ තැන.

( ඉතින් ඔයා ඔයා වෙන්න..😊😊.ජීවිතේ කව්රු කොහොම වටිනාකම් දුන්නත් ඔයාට වටිනාකමක් ලැබෙන තැන ඔයා නතර වෙන්න..😌.අන්ධ මනුස්සයකුට මැණිකක් ලැබුනට වැඩක් නැහැ වගේ තමයි.. අපේ ජීවිතෙත් හමුවන සමහර මිනිස්සු ලඟ නතර වෙන්න හොද නැහැ..එතකොට වෙන්නෙ ජීවිතේ වටිනාකම අඩු වෙන එක..ඉතින් තමන්ට උපරිම වටිනාකමක් ලැබෙන තැන නතර වෙන්න..)
.
.
..................😌😌😌

2 - 0

Nidahase Yathra නිදහසේ යාත්‍රා
Posted 3 months ago

ජීවිතේ කවදාවත්ම අපිට පරිපූර්ණ මිනිස්සු ගැහැණු මුනගැහෙන්නෙ නෑ !
කවදාවත් එහෙම මනුස්සයෙක් වෙන්නත් බෑ..

අපිට ලැබෙන අපි ආදරේ කරන මනුස්සයා ව
අගය කරන්න,
අහන් ඉන්න,
මතක් උනාම ඒ බව කියන්න,
කොන්දේසි නැතිව කාලය වෙන් කරන්න,
තීරණ ගන්න ඉඩදෙන්න,
ජිවිතේ පැරදුනාමත් / දිනුවාමත්
බදාගෙන ඉඹින්න,
එයාගෙ හිනාවට ආස කරන්න,
පුලුවන් උපරිමෙන් ආදරේ දෙන්න.. 💛🥺

Credit goes to ; පීචස් ❤️

5 - 2