in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
කාලය සමග මොනතරම් දේවල් වෙනස් වෙනවද?
ටික් ටොක් වල අපි දන්න හරි ප්‍රසිද්ධ කෙනෙක්මා ඉනෝකා කියන්නෙ. ඇය කියන විදියට ඇය ජීවත් වෙන්නෙ අඟුණකොලපැලැස්සට ආසන්න ප්‍රදේශයක. රැකියාව විදියට ඇය සති පොලක වෙලදාම් කටයුතු කරනවා. ගීත ගායනා කිරීමටත් බෞද්ධ දර්ශනයටත් ඇය මනා කැමැත්තක් දක්වනවා..
ඇයගේ චර්යාව මෙලස විකෘති තත්ත්වයට මුහුණ දී ඇත්තේ ඇයි?
ඇය මීට වසර කිහිපයකට කලින් ජෝතීෂ්‍ය වේදිනියක් වගේම . පුවත් පත් සගරා ලිපි ලියන්නියක්. මනා ලෙස අධ්‍යාපනය ලබා ඇති ඇය. ඉතා විදග්ධ ලේඛිකාවකි.දක්ෂ ගීත රචිකාවියෙකි..නමුත් ඇයටද කාලය සමග ඇති වූ ගැටලු තත්ත්ව මත මනසේ යම් විකෘතිතා ඇතිවෙනවා. විටෙක ඇය බන්ධනාගාර ගත ඇති වී බව පවසනවා. මෙකී කුමක් හෝ ගැටලුවක් නිසා දැන් ඇයගේ මනස තරමක විකෘති බවක් පේනවා.. .
අපි බලලා තියෙන්නෙ පිටකවරේ විතරයි.
0 - 0
Britishway Popular Awards 2023.
සම්මාන අංශවල අවසන් 5 දෙනා තෝරා ගැනීම 2023.10.06 වැනි දින පස්වරු 11.59 අවසන් වේ.
Ishara Madushan අවසන් 5ට තෝරා ජයග්‍රහණය කරවීම සඳහා
PPT (හිස්තැනක්) 10 ලෙස සදහන් කර,
Mobitel දුරකථන ජාලයකින් නම් 2244 ටත්,
Dialog ජාලයකින් නම් 5680 ටත් හැකිතාක් SMS මනාප පළ කරන්න..
British Way English Academy Popular Awards
#BritishWay #PopularAwards #IsharaMadushn
#PopularAwards2023 #Team #VoteForIshara #2023Goals #Teacher #SriLanka 🇱🇰
6 - 1
වර්ෂ 1950ට පෙර ශ්‍රී ලංකාවේ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ තණතීරු සකසන්නිය ලෙස කටයුතු කර ඇත්තේ Arul Mary නම් ද්‍රවිඩ කාන්තාවකි. පුරා වසර 40ක කාලයක් ඇය තම දායකත්වය Tamil Union ක්‍රීඩා සමාජයට අයත් පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයට ලබාදී ඇති අතර, එවන් කාර්තව්‍යක් කල පළමු සහ එකම කාන්තාවද ඇයයි. ලොව අසිරිමත්ම පිතිකරු ලෙස සැලකෙන ශ්‍රීමත් Donald Bradman ආසියාවේ ක්‍රීඩාකර ඇති එකම ක්‍රීඩාංගණය වන සරවනමුත්තු ක්‍රීඩාංගණයේ, 1948 වසරේදී පැවති එම ඓතිහාසික තරගයේ තණතීරු සකසා ඇත්තේද Arul Mary විසිනි.
Source - Sri Lanka Cricket explorer
(Original post - Anusha S Pathirana )
0 - 0
කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා....... 😥💔
විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවා
නි ත් ත ව ල ගු ණ යා
කප්පරක සම්මාන ලාභී වූවත් ඔහුගේ ජීවිතයට වටිනාකමක් නොදුන් පාලකයෝ කුමට
***********
ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ගුරු සේවයට ආරාධනා ලැබූ
යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නොහොත් නිත්තවෙල ගුණයා:
නිත්තවෙල ගුණයා උපන්නේ 1906 දී දුම්බර මිටියාවතේ පිහිටි නිත්තවෙල කියන සුන්දර ගමේ.
පියාගේ නම කිරි උක්කුවා.
කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක පනික්කි ගුරුන්නාන්සේ කෙනෙක්.
ගුණයා කිරි උක්කුවගේ එකම පුතා.
උඩරට කැරැල්ලෙ දී කැප්පෙටිපොළ නිළමේ එක්ක හිටපු නිත්තවෙල මහා පනික්කියා නිත්තවෙල ගුණයගේ මී මුත්තා.
ගුණයා අවුරුදු හතරේ ඉඳන් නැටුම් ඉගෙන ගත්තා.
අවුරුදු අටේ ඉඳන් මහනුවර සිරි දළදා පෙරහරේ නැටුවා.
අවුරුදු දහ අටේදි වෙස් කිරුළු පැළැන්දා.
අවුරුදු පනස්හතක් නුවර පෙරහැරේ නැටුවා.
සමනල වන්නම, තුරඟා වන්නම, මහබෝ වන්නම, මයුරා වන්නම නිත්තවෙල ගුණයගේ ම නිර්මාණ.
පණ්ඩිත් අමරදේවයන් ගයන 'වැලිතල අතරේ' ගීතය චන්ද්‍රරත්න ශ්‍රී මානවසිංහයන් රචනා කළේ මහබෝ වන්නමට අනුව.
නිත්තවෙල ගුණයා 1927 දි ජර්මනියේ නැටුවා.
1957 දී රුසියාවේ තිබුණු ලෝක තරුණ සම්මේලනයට සහභාගි වුණු ලංකා සංස්කෘතික කංඩායමේ නායකයා නිත්තවෙල ගුණයා.
යුරෝපා සංචාරයේ දී නිත්තවෙල ගුණයා එංගලන්ත මහා රැජිනගේ ප්‍රශංසාවට පවා ලක් වුණා.
නිත්තවෙල ගුණයා 1958 දී ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ නැටුවා.
ෆිල්ම්ෆෙයාර් සඟරාවේ පිටු හතරක් නිත්තවෙල ගුණයගේ නැටුම්වලින් පිරුණා.
ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ උගන්වන්න ලැබුණු ආරාධනාව නිත්තවෙල ගුණයා ප්‍රතික්ෂේප කරා.
ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව වැනි රටවල්වල නිත්තවෙල ගුණයා අතීශය ජනප්‍රිය වුණා.
1950 අගමැති ඩී.ඇස්.සේනානායක මැතිතුමාගේ උපදෙස් පරිදි නිදහස් සමරු මුද්දරේ සැරසුණේ නිත්තවෙල ගුණයගේ රුවෙන්.
අගමැති බණ්ඩාරනායක මැතිතුමා නිත්තවෙල ගුණයව ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදුවා.
1975 දී ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා ශ්‍රී ලංකා සාහිත්‍ය දිනය වෙනුවෙන් නිත්තවෙල ගුණයව සම්මානයෙන් පිදුවා.
2005 ඉඳන් අද දක්වාම රුපියල් පනහේ නෝට්ටුව නිත්තවෙල ගුණයගේ රුවෙන් සැරසෙනවා.
දෙස් විදෙස් සඟරා, පර්යේෂණ ග්‍රන්ථ සිය ගණනක නිත්තවෙල ගුණයා ගැන ලිපි පළවුණා.
1947 ජර්මනියේ දී නිත්තවෙල ගුණයට ලැබුණු රන් සම්මානය කොළඹ දී පාදඩයෙක් හොරකම් කරා.
බිරිඳ 'සොඳිනා' ත් දියණිය 'අමරාවති'ත් මිය ගිය පසු නිත්තවෙල ගුණයා තනි වුණා.
අන්තිම කාලේ නිත්තවෙල ගුණයා ජීවත් වෙන්නෙ කෝපි කඩලා.
කෝපි කඩන අතරේ දිමි ගොට්ටක් ඇහැට වැටිලා නිත්තවෙල ගුණයගේ එක ඇහැක් අන්ධ වුණා.
ජීවිතේ අවසාන භාගයේ අන්ත අසරණ ජීවිතයක් ගත කරපු නිත්තවෙල ගුණයා රෑ නින්දේදි කුප්පි ලාම්පුව පෙරළී පිලිස්සී මිය ගියා.
©️ ධර්ම ශ්‍රී නන්දලෝචන
1 - 0
This channel for all of rashli fans.who love radeesh and lihini love story.