in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
මම කියන්නේ ඔයාට ජිවිතේ ගොඩාක් මිනිස්සු ඕනි නැහැ. 🖤
ඔයාව motivate කරන්න පුලුවන් !
වචනෙකින් හරි push එකක් දෙන්න පුලුවන් !.
ඔයාගේ ජිවිතේ ඕනැම තත්ත්වයක් ප්‍රතික්ෂේප නොකර ඔයාට help කරන්න පුළුවන් !
හිතේ තියෙන හැම දෙයක්ම බය නැතුව කියන්න පුළුවන් !
ඔයා ඇති නැත නැති නැත ඔයාගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න පුළුවන් !
ඔයාව appreciate කරන්න පුළුවන් !
ඇවිලෙන ජිවිතේ නිවන්න හේතු හදලා දෙන එකම එක qulity මනුස්සයෙක් ඔයාගේ ජිවිතේට හොඳටම ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා
මොකද
සියදහස් ගණන් මිනිස්සු ඔයා වටේ හිටියත් "එකම එක Qulity මනුස්සයෙක් මට ඉන්නවා" කියන හැගිමට පුළුවන් ඔයාව මානසිකව සුවපත් කරන්න කියලා මම එක විශ්වාස කරනවා !!
108 - 5
ඔයාට ආදරේ කරන කෙනෙක්ගෙ හැඟීම් වීසි කරලා දාන්න එපා....!✋
කවුරුහරි ඔයාට ආදරේ නම්, එයා ඔයාව care කරනවා නම්, ඒ ගැන දෙපාරක් හිතන්න පටන්ගන්න. මොකද කාට හරි ඔයා ගැන ආදරයක් ඇතිවෙන්නෙ ඒ කෙනා අනිත් අයගෙ නොදැක්ක විශේෂත්වයක් ඔයාගෙන් දකින නිසා. එහෙම ආදරයක් ඔයා ගැන කෙනෙක් කියනවා නම් කරුණාකරලා ඒ ගැන අහන්න පුරුදුවෙන්න.
සමහරවිට ඒ ඔයාට නොගැලපෙන කෙනෙක් වෙන්න පුළුවන්. කමක් නෑ. මුලින් ඒ කෙනාට ඇහුම්කන් දෙන්න. ගැලපෙන්නෙ නැත්නම් හොඳින් කතාබහ කරලා තේරුම් කරවන්න, ගැලපෙන කෙනා නම්, ආදරේ කරන්න දීලා බලන්න. හැබැයි කවදාවත්ම ඒ කෙනාගෙ ආදරේ, එහෙම නැත්තන් ඒ හැඟීම ඔයාගෙ වාසියකට හෝ ඔයාගෙ පාළු මකාගන්න use කරන්න එපා. මොකද ඔයාට වගෙම ඒ කෙනාටත් තියෙන්නෙ එකම වගේ හිත්. ඒක සෙල්ලමකට ගන්න එපා.
මොකද මම විශ්වාස කරනවා අපි දෙන දේ, අපි කරන දේ ආපහු අපිව හොයාගෙන එනවා. ඔයාට ආදරයක් ඕනිනම්, ඔයාට ආදරේ කරන කෙනාට ඒකට ඉඩදීලා බලන්න. මොකද සොබාදහම ඔයා වෙනුවෙන් හොඳම දේ හොඳම වෙලාවට දෙනවා. ඒක පරිස්සමට අරගන්න....!
200 - 5
සමහර දවස් තියෙනවා තේරුම් ගන්නට කිසිවෙක් නොමැති විටත් අත් දෙකෙන් උරහිස් බදලා සනසන්න ඕනා.
සමහර දවස් තියෙනවා උගුර හිර වෙලා වගේ දැනෙද්දිත් හෙමින් හුස්මක් ගන්න ඕනා.
සමහර දවස් තියෙනවා ඉතා වේගයෙන් පපුව ගැහෙද්දිත් එය අතින් හෝ තද කරමින් පාලනය කරගන්න ඕනා.
සමහර දවස් තියෙනවා මහා පිරිසක් ඉදිරියෙත් හුදකලා බවක් දැනෙන විට මට මං ඉන්නවා කියලා හිතන්න ඕනා.
සමහර දවස් තියෙනවා බොහෝ රිඳුම් ඇති විටත් සිනහවෙන් හෝ පීඩනය දරා ගන්න ඕනා.
සමහර දවස් තියෙනවා ඇස් වල කඳුලු ගුලි පිරුණත් ඒවා ඉතා ඉක්මනින් වේලා ගන්න ඕනා.
සමහර දවස් තියෙනවා තමන්ගේ ආදරණීයන් එකින් එක තමන්ගේ විශ්වාසය බිඳිමින් ඈත් වෙද්දිත් ඒවා නොදැක්කා සේ ඉන්න ඕනා.
සමහර දවස් තියෙනවා ලෝකයේ කාලය වේගයෙන් යද්දි ඔබේ ලෝකයේ කාලය නතර වී ඇති මුත් බලෙන් හෝ කාලතරණය කරන්න ඕනා.
සමහර දවස් තියෙනවා මුලු ශරීරයය රිදුම් රෙද්දිත් අසීරුවෙන් හෝ ශක්තිය ගන්නට ඕනා.
සමහර දවස් තියෙනවා කිසිවෙක් ඔයාට වාරුවක් නොවුණත් ඔබ ඔබවම දරන් ඉන්න ඕනා.
සමහර දවස් තියෙනවා ජීවිතය අත් හරින්නටම සිතෙද්දිත් තව එක දවසක් ගැන බලාපොරොත්තු වෙන්න ඕනා.
මේ සටහන එන්න එහෙම දවස් ගෙවන මිනිසුන්ටයි....
තවත් තද කර ඔබව වැළඳගන්න...
ඔබ දිනක ස්තූතිවන්ත වෙයි අසීරුම මොහොතෙත් ඒ කල වැළඳගැනීම ගැන...
240 - 4
හැම දෙයක්ම තාවකාලිකයි. හැඟීම්, සිතුවිලි, මිනිසුන් සහ දර්ශන. ඒවාට බැඳෙන්න එපා, එය සමඟ ගලා යන්න.
207 - 0
සිතිය හැකි නම් විදිද්දී...
මම උනත් මගේ නොවන බව...
දැකිය හැකි නම් බැඳෙද්දී ...
හිමි සියල්ලම අහිමි වන බව..
දිනෙක වැටහෙයි රැඳෙද්දී ...
මේ මොහොත තුළ නුඹ සරන බව..
අනෙක් උන් සසරට බැඳෙද්දී ..
බැඳෙන බැමි නුඹ ලිහා ගන් වග..
274 - 8
ඔබ වර්තමානය කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්, ඔබට එය වැඩිදියුණු කළ හැකිය. තවද, ඔබ වර්තමානය වැඩිදියුණු කරන්නේ නම්, පසුව එන දේ ද වඩා හොඳ වනු ඇත.
187 - 1
මෙම ඡායාරූපය පුදුම සහගතයි! එය වතුරේ කියවන පුද්ගලයෙකු මෙන් පෙනේ, නමුත් ඔබ හොදින් බලන විට, පුද්ගලයෙකු නැත, පොතක් නැත, කියවීමක් නැත, සියල්ල මිත්‍යාවක් බව ඔබට වැටහේ. එය ජීවිතය හා සමානයි, එය පෙනුමෙන් පෙනේ, නමුත් එය කිසිසේත්ම එසේ නොවන්නට හැකි ය. විනිශ්චය ට පෙර ඔබේ කෝණය නිවරදිදැයි තවත් වරක් හිතන්න.
220 - 2
ආදරෙන් ඉන්න ආදරනීය අයගේ එකතුව ❤
Happy lovely life ❤👑✌️
I do edits of videos for entertaining purpose. Some of vedios and photos are belong to their respective owners. For any matters and for promotions please be kind enough to contact me kodibro92@gmail.com
+94763965128
Thank you