in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
අලුත් පාස්පෝට් එකනම් ලස්සනයි තමා. ඒත් රටවල් 100 කට වත් වීසා නැතුව යන්න පුලුවන් වෙන දවසක තමා ඇත්තටම ඒක ලස්සන 😊🇱🇰
169 - 4
ඔන්න ඉතිං බින්දුවෙ ඉදං පටන් ගෙන අවුරුදු එකහමාරකින් ආදරනීය හදවත් 30,000ක් අපිත් එක්ක එකතු උනා අද උදේ. ඉතිං ස්තූතියි ආදරෙයි වීඩියෝ බලපු හැමෝටම. චැනල් එකක් කරන කෙනෙක් දන්නවා මේක ලේසි වැඩක් නෙවෙයි . ඒත් පුලුවන් හැම වෙලේම හරි දෙයක් දෙන්න උත්සාහ කරපු නිසා ගොඩක් අය චැනල් එකත් එක්ක එකතු උනා. ඉතිං ඉස්සරහටත් මේ විදියටම මෙහෙ එන්න ඉන්න ඔයාලට හැකි විදියකින් සපෝට් එකක් දෙන්නම් 😍 ජය වේවා හැමෝටම 🇦🇪🇱🇰
156 - 11
අම්මයි අප්පච්චියි ඩුබායි ගෙන්නන්න හිතං හිටියේ සෑහෙන කාලෙක ඉදං උනත් එක එක හේතු නිසා ඒ වැඩේ කල් ගියා. හැබැයි මේ පාර යාන්තං ඔන්න වැඩේ ගොඩ දාගෙන අවුරුදු දෙකකට පස්සෙ අපි හම්බ වුනා . ඉතිං ඒ දෙන්නත් එක්ක අපි ආවා බර්ජ් කලීෆා බලල යන්න.
220 - 13
😂😂 මේවනෙ අප්පා ඇබෑර්තු 😂😂
ලුලූ අදි වෙලදසැල ලු 🤦♂️
මේවගේ ලනු කාලා එන අය සහ අතේ තියන ගානට තට්ටු කර ගන්න අය සෑහෙන ඉන්නවා. ඒ නිසා ෆේස්බුක් එකේ ජොබ් හොයන්නෙ පරිස්සමෙන්
76 - 20
ඩුබායි එන්න ඉන්න අය මේ අලුත් වීඩියෝ එක බලන්න. මේ වගේ හොර වැඩ වලට අහුවෙන අය කැමරාවක් ඉස්සරහට එන්නෙ නෑ ගොඩක් වෙලාවට. වෙන කිසිම රටක මිනිස්සු මේ වගේ වැඩ කරන්නෙ නෑ තමන්ගෙ රටේ මිනිස්සුන්ට .
https://youtu.be/XswGVONtxPc
92 - 4
225න් 170ක්වත් ගෙදර!
===============
මේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණය ලංකා ඉතිහාසයේ පැවැත්වෙන මැතිවරණ අතරින් ඉතා ම සුවිශේෂී මැතිවරණයක්.
ඒකට හේතුව වන්නේ මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් අඩු ම වශයෙන් 150ක් මේ මැතිවරණයේ දී අනිවාර්යයෙන් ම ගෙදර යවන්නට පුළුවන් වීමයි.
ඒක කාලයකට පස්සේ ලැබෙන දුර්ලභ අවස්ථාවක්.
මම හිතන්නේ පුරවැසියන් වඩාත් මහන්සි වුණොත් මේ 150 ක "ගෙදර යන ලැයිස්තුව" 165 -170ක් දක්වා වැඩි කරගත හැකියි.
225කින් 160ක් හෝ 170ක් එක පාර ගෙදර යවන්නට පුළුවන් වෙනවා කියන්නේ පාර්ලිමේන්තුවේ බඩ සුද්ද වන්නට විරේක පෙති බොනවා වගේ දෙයක්.
මේ අලුතෙන් එන මන්ත්‍රීවරුන්ගෙන් 120ක් 125ක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බව පැහැදිලියි. ඒ වගේ ම යන අයගෙන් වැඩි ම පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බව ද වැඩි අපහසුවකින් තොරව තේරුම් ගත හැකියි.
අලුතෙන් එන අයගෙන් සැළකිය යුතු පිරිසක් ගැන සමාජයට පූර්ව අවබෝධයක් නැති වෙන්නට පුළුවන්. ඒ වගේ ම ඔවුන්ට "ලොකු නම්" නැතිවෙන්නට පුළුවන්. ඒක අලුත් දෙයක් නෙවෙයි. උදාහරණයක් විදියට 2004 දී ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ආසන 39ක් ආපු වෙලාවේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ඒ වන විට ලොකු නම් තිබූ අය නෙවෙයි. ඒත් ජනතාව ජවිපෙ අපේක්ෂකයන් හොය හොයා ඡන්දය දුන්නා. විජිත හේරත් අනුර බණ්ඩාරනායක පරදවා ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු තැනට ආවා. ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල ඒ විදියේ මනාප ප්‍රතිඵල වාර්තා වුණා.
ඒ වගේ ම සමගි ජන බලවේගයේත් පැරණි, මිනිසුන්ට එපාවූ, පැරණි දේශපාලන සංස්කෘතිය ම නියෝජනය කරන සැළකිය යුතු පිරිසක් මේ ඡන්දයේ දී ගෙදර යාමට නියමිතයි. ඒ වගේ ම සමගි ජන බලවේගයට 2020 දී ලැබුණු මන්ත්‍රී ආසන ප්‍රමාණය මෙවර අඩුවීමටත් සෑහෙන ලොකු සම්භාවිතාවක් තියෙනවා. සමගි ජන බලවේගය, එජාපය සන්ධානගත වුණොත් සිදුවන්නේ තනි පක්ෂයක් විදියට සජබට ලැබෙන මන්ත්‍රී ධූර ප්‍රමාණය තවත් අඩුවීමට ලොකු ඉඩකඩක් තියෙනවා. එවිට සන්ධානය කැඩෙන වෙලාවක් ආවොත් ඔවුන් තවත් දුර්වල වෙනවා.
මේ හැම දෙයක් ගැන ම මට තියෙන්නේ සාධනීය අදහසක්.
මේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ, ඒවායේ ආකෘතීන් කවදා හෝ දවසක මුළුමනින් ම අතුගෑවී යා යුතුයි. ඒවායේ ඉන්න යල් පැනගිය, පැරණි නායකයන්ට මන්ත්‍රීවරුන් ට සදාකාලිකව විශ්‍රාම සුවය ලැබිය යුතුයි. ඔවුන් කිසිවෙකුට වෙනස් වෙන්න පුළුවන් කියලාවත්, එහෙම වෙනස් වීමක් ගැන ඔවුන් හිතනවා කියලවත් මම තුන් හිතකින්වත් හිතන්නේ නැහැ. දේශපාලනය කළ හැකි වෙන ක්‍රමයක් ඔවුන් දන්නේ නැහැ.
විශේෂයෙන් ම අවුරුදු 5ක මන්ත්‍රී කට්ටක් වෙනුවෙන් මේ තරම් තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක වුණත් සජිත් ගේ යල් පැනගිය, අබලන් දේශපාලනය පසුපස වැටී සිටින, සජබ තුළ සිටින උගත්, බුද්ධිමත් යැයි කියන දේශපාලනඥයන් ඒ අතරින් ප්‍රධානයි. ඔවුන් මා දකින්නේ "ජී එල් පීරිස්" ලා ගේ නූතන අවතාර ලෙසයි.
ඒ නිසා ජනතා ඡන්දයෙන් ඔවුන්ට සදාකාලිකව විශ්‍රාම සුවය ලබා දෙනවා හැරෙන්නට මේ විහිළුව නිවැරදි කළ හැකි වෙනත් ක්‍රමයක් නැහැ.
මම කවදාවත් ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්නේවත්, ඡන්දය දෙන්නට බලාපොරොත්තු වන්නේවත් නැහැ. ජාතික ජන බලවේගය තුළ සිටින ලිබරල් වමේ "ලිබරල්" කොටස සමග මට සම්පාත වෙන්න පුළුවන් වුණත් ආර්ථිකය සම්බන්ධයෙන් මම ඉන්නේ ඔවුන්ට වඩා දකුණට බර, මධ්‍ය දක්ෂිණාංශික තැනකයි. ඒ නිසා ඔවුන් සහ මම ලෝකය දෙස බලන්නේ වෙනස් විදියටයි.
ඒත් මේ කුණු කන්ද සුද්ද කිරීම කියන කාරණයේ දී ඔවුන්ට තියෙන ඓතිහාසික කාර්‍යභාරය මම හඳුනාගන්නවා. ඔවුන්ගෙන් කර ගත යුතු ලොකු ම පැවරුම එය කියා මම හිතනවා. ඒ සඳහා ඔවුන්ට සාධාරණ අවස්ථාවක් දිය යුතුයි කියා මම විශ්වාස කරනවා.
2022 ජූලි, අගෝස්තු මාසයෙන් පස්සේ අරගලයට කෝචොක් කරන ප්‍රවණතාවක් අපි බොහෝ වෙලාවට දැක්කා. මේක ආවේ පොහොට්ටුව පැත්තෙන්. ඔවුන් රනිල්ට කීවේ "අරගලයේ ජනාධිපති" කියලයි. රනිල් ගේ ඇතැම් තීරණ නිසා ජනතාව පීඩාවට පත්වෙන විට ඔවුන් කිව්වේ අරගලය එයට වග කිව යුතුයි කියලයි.
අරගලයේ ඇත්ත ඡන්ද ප්‍රතිඵලය ආවේ 2024 සැප්තැම්බර් 21 වැනිදායි. අරගලයේ ඇත්ත ජනාධිපති දිවුරුම් දුන්නේ සැප්තැම්බර් 23 වැනිදායි.
දේශපාලනිකව ඔහු සමග එකඟ නොවුණත් ඔහුට ඡන්දය දුන් ජනතාව නියෝජනය කරන්නේ අරගලයේ ඇත්ත අභිලාෂය වූ මේ කුණු කන්ද සුද්ද කිරීම බව තේරුම් නොගන්න තරම් අප අඳබාලයන් විය යුතු නෑ.
මම විශ්වාස කරන්නේ අරගලයේ ඡන්ද ප්‍රතිඵලය හරියට වැඩ කළොත් "රනිල් අරගලයේ ජනාධිපති" යැයි කියූ හුඟ දෙනෙකුට ඔවුන් කළ මහා ගසාකෑම්, වංචා දූෂණ සම්බන්ධයෙන් වැලිකඩ කූරු ගණින්නට සිදුවනු ඇතැයි කියලයි.
අනුර ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සම්පූර්ණයෙන් ම තීරණය වන්නේ ඒ මතයි.
-
රසික ජයකොඩි
26 - 09 - 2024
#lka #SriLanka #life
461 - 17
ගොඩවැදුනට ස්තූතියි🙏
මැදපෙරදිග ගෙවෙන අපේ ජීවිත ගැන.......
බලන්න දැනගන්න....
Facebook / TikTok පේජ් එකටත් ලයික් කරල එකතු වෙන්න ❤️
Hi Everyone. Welcome to our Channel Lankan life Dubai
We are Sri Lankan + Filipino family who lives in Dubai since 2006, we love travel and exploring new things. So on our channel you will find videos on travel vlogs, our day to day life, Dubai lifestyle, information's about Dubai UAE,
we will be sharing with you many things about Dubai which will be useful, if you are planning to visit or work in Dubai
Click on the subscribe button and also click the bell button so you do not miss anything.
Stay tuned for upcoming videos,
Thanks and stay safe
0701974730 whatsapp
❤️❤️❤️