in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
ස්තුතියි මැඩම්
අපේ කාලයේ ආදරණීයම ගුරුවරු .මේ ෆොටෝ එක මට අහම්බෙන් දකින්න ලැබුනෙ මුහුණු පොතින් . ස්තුතියි මෙය ශෙයා කල ආදරණීය සොයුරිය Champa Pushpakumari ඔබට මේ හැම ගුරු මාතාවක්ම මගේ ජීවිතේ මට අමතක නොවන දැවැන්ත චරිත වුනා .
ඒ අතර දුක හිතෙනම දේ තමයි නිල්පාට සාරියක් ඇඳන් ඉන්න අපේ ගංග මැඩම් .මට මතක හැටියට මීට අවුරුදු ගානකට කලින් ගංග මැඩම් මහත්තයයි දුවයි එක්ක ආව කේන්දරේ බලන්න .
ඒ නංගිගෙ කේන්දරේ බැලුව මම ගංග මැඩම්ගෙ මූණ බලල ඇහුවෙ
"මැඩම් මැඩම්ගෙ වෙලාව චුට්ටක් දෙන්නකො මැඩම්ට පොඩි අසනීපයක් වගේ පේනව " කිව්ව .ලස්සනට හිනාවුන ගංග මැඩම්
"අනේ පුතේ දෙයියන්ගෙ පිහිටෙන් මට ලෙඩක් නම් තවම නෑ කිව්ව "
මන් හිනාවෙලා නිහඬ වුනා .ඊට මාස කීපයකට පස්සෙ මැඩම්ගෙ මහත්තයා ආයෙම මැඩම්ගෙ කේන්දරේ අරන් ආවෙ මැඩම්ට හොරෙන්
"පුතේ මේක හරියට බලන්න "
"සර් මැඩම්ට කැන්සර් එකක් වගේ දැන්මම ප්‍රතිකාර වලට යන්න "
"මොකුත්ම නැද්ද පුතේ කරන්න දෙයක් " මම නිහඬ වුනා .ඔව් ගංග මැඩම් අපේ ඉස්කෝලෙ හිටිය ලස්සනම මැඩම් ඊට මාස කීපයකට පස්සෙ අපිව හැර ගියා .අදටත් දුක් වෙනව මැඩම් .ඇයි එදා මට ඉගැන්නුව මගෙ මැඩම්ව රැක ගන්න මන් ඉගෙන ගත්ත දේ ප්‍රමානවත් මදි වුනා .
ගංග මැඩම්ට එහා පැත්තෙ ඉන්න සුජාතා මැඩම් මට සිංහල ඉගැන්නුවේ අට වසරෙ ඉඳන්මයි .ඒ ඉගැන්නුව ලස්සන අකුරු වලින් මන් අද ජීවිතේ එකින් එක පිටු දිනනවා .ඒ දවස්වල මැඩම්ව හොයාගෙන මම වඩුවාවලට පයින්ම යනව .එක දවසක් යද්දි මැඩම් වෙලේ ලිඳට නාන්න ගිහින් .
",පුතේ මම බාත් රූම් තිබ්බට ලිඳට එනව නා ගන්න .එන්න පුතේ රෙද්දක් ඇඳගෙන මන් පුතාව නාවන්නද " ඒ කාලෙ ගුරුවරියොයි අම්මලාගෙයි ලොකු වෙනසක් තිබ්බෙ නෑ .ඉන් එහා ඉන්නෙ පද්මරංජනී මැඩම් .මගෙ හොඳම යාළුවගෙ නයනගෙ අම්ම .ඒ කාලෙ මට බයිසිකලයක් තිබ්බ .බයිසිකලේ හැතැම්ම හතරක් පැදගෙන මම නයනලාගෙ ගෙදර යනකොට පද්මා රංජනී මැඩම් කන්න උයල මේසෙට ඇරල තියනව .
"නාලා කාලා ඉන්න පුතේ " මැඩම් කියන්නෙ එච්චරයි .පැය ගනන් එහෙ ඉඳල ඉඳල බයිසිකලේ අතට ගන්නකොට ගේට්ටුව ලඟට එන මැඩම් ලස්සනට හිනාවෙලා කියන්නෙ
"කාංචනාට නම් වාහනෙ තියෙනවනෙ රෑ වුනත් මොකද ඒ වුනාට පුතේ පරිස්සමින් " කියනව .මතකද නයනා උබ ඉස්සර තරහ වෙනව අපේ අම්මට මටත් වඩා කාංචනා ලොකුයිනෙ කියල .මැඩම් කියනව
",ඇත්තනෙ ඒ දරුවගෙ අම්ම ලංකාවෙ නෑ තාත්ත නෑ ඉතින් අපි බලන්න එපැයි " කියනවා .අනේ කොහොමද මැඩම් එච්චර ලස්සන හිත් ඔයාලට තිබ්බෙ .
රණවීර මැඩම් සමාවෙන්න ඕන ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරාට .හිනාවෙලා බනිනව ඕව තේරෙයි කවදහරි දවසක .අනේ ඇත්තට මැඩම් දැන් තේරෙනකොට පරක්කු වැඩී අපි .
සුදු සාරියක් ඇඳන් ඉන්න අනුරවතී මැඩම් සමාවෙන්න ඕනි අන්තිමට දැම්ම එහෙම නෙමෙයි ඕන් .අද මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එකම ගුරුමව මතකයිද මැඩම් ඕනවට වැඩිය කොන්ඩ කටු ගහගෙන යන මගෙ කොන්ඩෙ සම්පූර්ණයෙන් ගලවල ආයෙ ගොතවනව .ඒ කාලෙ තරහ ගියාට මැඩම් දැන් කොන්ඩෙ පීරන ගොඩක් වෙලාවට මැඩම් මතක් වෙනවා .ඒ හදපු විනය ජීවිතේ ගොඩක් තැන්වල පිහිට වුනා .ස්තුතියි මගේ ආදරණීය ගුරු මව්වරුනි .
කාංචනා දුව
පේරාදෙණිය
199 - 13
ගැහැණුන්ගේ ලස්සන තව දුරටත් මූණෙන්ම පෙනෙන්නෙ නැහැ ,
ඒ නිසා ,
🩸පුළුවන් තරම් ඉගනගන්න
🩸ආර්ථිකව ස්ථාවර වෙන්න
🩸හැකියාවන් ප්‍රගුණ කරන්න
🩸ආත්ම විශ්වාසය ගොඩනගාගන්න
🩸ඍජුව තීරණ ගන්න පුරුදු වෙන්න
🩸Independent වෙන්න
🩸තමන් වෙනුවෙන් පෙනී සිටින්න
🩸අවශ්‍ය තැනදී බය නැතුව කථාකරන්න
🩸පිරිසිඳු වෙන්න
🩸Values එකතු කරගන්න
ලස්සන ගැහැණියෙක් කියන්නෙ තනිකරම Brand එකක් ,
ඒක උපතින් ලැබෙන දේට වඩා තමන් විසින් නිර්මාණය කරගන්න දෙයක් ..
ලස්සන කියන්නෙ තව දුරටත් මුහුණෙ විතරක් තියන දෙයක් නෙමෙයි ,ඒක තනිකරම attitude එකක් 💜
අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(Psychological counsellor )
301 - 10
ඒ කාලෙ අපිට කවුරුවත් හිටියෙ නෑ පුතේ .අම්ම ගොඩක් දුක් වින්ද ඔයා ඔතනට ගන්න .අප්පච්චිට රස්සාවක් නැතුව අම්ම කුලී වැඩ කරපු කාලෙ නෑයො හමෝම අපිව අත් හැරිය .ඔයා ලොකු වෙලා පාරෙ යද්දි තමයි ඔයා කවුද කියල එයාල දැනගත්තෙ .අන්තිමට අම්ම මෙතන ඉන්නෙ අවුරුදු 43 ට අවුරුදු 70 ක ගැහැණියක් වින්ද දුක් විඳල .අපිට සල්ලි හම්බවෙනකොට ,දියුණු වෙනකොට ගඩොලින් ගඩොල එකතු කරල ගෙවල් ලොකුවට හදද්දි ඔයාල ලස්සන වෙලා තැනකට එද්දි ඔයාලගෙ අතේ එල්ලෙන හැම කෙනාම එදා අපිට දොර වැහුවා .එදා හිටියනම් හිටියෙ Vasantha Kapugedara මැඩම් Chandima Bakmeedeniya මැඩම් මනෝරි ඇන්ටි නිල්මිණි ඇන්ටි ප්‍රින්සිපල් මැඩම් විතරයි පුතේ .මන් අඬන ගානෙ මගෙ හිත හැදුවෙත් එයාල මතකද පුතේ ඒ කාලෙ අපිට කුහක වුන කිසිම කෙනෙක්ට වෛර කරන්න එපා කියල මම ඔයාට ඉගැන්නුව්ව හින්දම අද ඒ හමෝම ඔයත් එක්ක ඉන්නවා .ඒත් එක පාරක් දෂ්ඨ කරපු සර්පයාටම නැවත වරක් දෂ්ඨ කරන්න අවස්ථාව දෙන්න තරම් මෝඩ නොවෙන්න ඔය සහතිකය ඔයාට මඟ පෙන්වයි .සතුටු වෙන කිසිම තැනක අම්ම නැති වෙයි .ඒත් පරාද වුන හැම තැනකම ඔයා එක්ක එකතු වෙලා අඬපු අම්ම ඉස්සරහටත් ඉඳී . හම්බ කරපු හැම දේම ඔයාලට නීත්‍යානුකූලව ලියල දෙන්න දෙපාරක් හිතුවෙ නෑ .ඒවා කවුරුවත් අපට හම්බ කරල දුන්න ඒව නෙමෙයි වුනත් මම ඒ ඔක්කොම ඔයාලට දුන්නෙ මම යුතූකම් වල අගය දන්න නිසා .අද පණ දෙන්න වගේ ලඟින් ඉන්න එදා වෙනස්කම් කරපු හැමෝම ආයෙත් ඔයාව අත හැරියොත් මම එතන
අම්මා
884 - 85
ජ්‍යොතිෂය උගන්වන්න පුළුවන් ද ? ඉගෙන ගන්න අමාරුද මේ ප්‍රශ්න දෙක අනිවාර්යයෙන් මේ විෂයට උනන්දු වෙන හැමෝටම ඇති .මම කොයි තරම් කේන්දර බැලුවත් උගන්වන්න හිතුවෙම නෑ .නමුත් මට හිතුනා පුන්චි උත්සහයක් කරල බලන්න .තරමක් දුරට සාර්ථකයි කියල හිතෙන්නෙ අපේ පංතියෙ ඉන්න ලාබාල අය වගේම වැඩිහිටි අයගෙ ප්‍රතිචාර නිසයි .ඇත්තටම මේක මටත් අලුත් අත්දැකීමක් .නමුත් ඇයි කියන්න දන්නෙ නෑ දවසින් දවස මටත් අලුත් දවසක් වෙමින් මාවත් අප්ඩේට් වෙනවා .ඉතින් අපි දවස් ගානක් කේන්ද්‍ර සටහන් අධ්‍යායනය කරනවා .හෙට අපේ පාඩම් පටන් ගන්නවා .පාඩම් 100 ක් .ටිකක් ලොකු අභියෝගයක් හැබැයි ආසාවෙන් කරනවා .ඉතින් පහුගිය කාලෙ අපි සාකච්ඡා කර දේවල් මගෙ චැනල් එකේ තියෙනවා .තවම පරක්කු නෑ කැමති අයට සහභාගී වෙන්න පුළුවන්
මම
කංචි
129 - 7
ආරාධනා .
ජ්‍යොතිෂය මුල සිටම සරලව කියාදෙන අපේ ජ්‍යොතිෂය පංතිය අද රාත්‍රී 8.30 ට zoom වැඩසටහනක් ලෙසින් නොමිලේ පැවැත්වේ .ආදරණීය ඔබට ආරාධනා .zoom link
167 - 13
chat.whatsapp.com/FlYaJxCOHejJs4CQ2gdzgP නොමිලේ පවත්වන ජ්‍යොතිෂ සම්මන්ත්‍රණය සඳහා ඉහත ලින්ක් එකෙන් වට්ස් ඇප් ගෲප් එකට එකතු වෙන්න .
288 - 9
ජීවිතයේ සොඳුරු ඉසව් සොයා යන සෞන්දර්යාත්මක චාරිකාව