Channel Avatar

A mom's life in Australia @UC1P-9388QRY7sNwR3tyU-bw@youtube.com

85K subscribers - no pronouns :c

Hi! I'm Paba. I'm a medical scientist, living in Australia w


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

A mom's life in Australia
Posted 1 week ago

මගේ ආදරණීය ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? සමාවෙන්න මාස 3 ක් විතරම හරියට videos දාන්න බැරි වුණා. ඒ මාස 3 දි දුක සතුට මැද අපේ ජීවිත වලත් ගොඩක් වෙනස්කම් වුණා. ඒ නිසාමයි ඔයාලව බලන්නවත් එන්න බැරි වුණේ. ලබන සතියේ මම අපේ වුන ලොකුම වෙනස ගැන video එකක් දාන්නම්. අපිව අමතක නොකර හිටියට ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලා හැමෝටම.

1.4K - 108

A mom's life in Australia
Posted 4 months ago

ගොඩක් අය පොත් ඉල්ලපු නිසා ඒ ගැන මම හෙට video එකක් දාන්නම්. තියන පොත් සහ කීයක් වගේ වේවිද කියලා මම එතකොට කියන්නම්. මේ පොත් ඔක්කොම globally recognised brands වල educational පොත් නිසාත්, Australia ඉඳන් ලංකාවට එවන නිසාත් දළ වශයෙන් පොතක් රුපියල් 3000 ට වඩා නම් වැඩි වේවි. පොත් වලට අමතරව ඔයාලට ඕන toys හෝ පොඩි බඩු තියනවා නම් ඒවා පහලින් comment කරන්න. එතකොට හෙට මම කියන්නම් ගනන් කොහොම වේවිද එවන්න පුළුවන් ද කියලා.

114 - 21

A mom's life in Australia
Posted 7 months ago

ඔයාලා ගොඩ දෙනෙක්ට මම වැඩ manage කරගන්න හැටි ගැන දැනගන්න ඕන වෙලා තිබුණා නේ. ඉස්සරහට day in life වලින් ඒවා පෙන්නන්නම්.
ඒ ඇරුනම මමයි husbandයි කොහොමද ගෙදර වැඩ බබාලාගේ වැඩ බෙදාගෙන කරන්නේ, කොහොමද අපි දෙන්න සහයෝගයෙන් ඉන්නේ කියන එක ගැන දැනගන්න ඕන අය ඉන්නවද? එහෙම ඉන්නවා නම් පහලින් poll එකට ඔයාලගෙ vote eka දාන්න. ගොඩක් අය ඕන කිව්වොත් මම try එකක් දෙන්නම් hubby එක්ක podcast /discussion type එකේ video එකක් කරන්න (හරි අමාරුයි එයාව videos වල කතා කරන්න ගෙන්න ගන්න). ඔයාලට දැනගන්න විශේෂ දේවල්/ප්‍රශ්න තියනවා නම් පහලින් comment කරන්න.

89 - 12

A mom's life in Australia
Posted 8 months ago

මගේ චූටි මල - Shanaya දෝනි

1.3K - 56

A mom's life in Australia
Posted 9 months ago

අපේ ගෙදර හැමෝටම diarrhea and vomiting ඇවිල්ලා. පුතාගෙන් පටන් ගත්ත එක Shanara දෝනිට ඇවිත් ඒ දෙන්නගෙන් මට හැදුනා. දැන් චුටිම Shanaya ටත් හැදිලා. Husband විතරයි බේරුනේ. හොඳ වෙලාවට පොඩි අයට නම් vomiting නෑ. එයාලා දඟලා සෙල්ලම් කරලා ඉන්නවා. වැඩියෙන්ම අමාරු වුණේ මට. මට එක දිගටම vomiting, diarrhea තිබිලා පුටුවෙන් නැගිට්ටම කලන්තෙ දාලා වැටෙන්න යනවා. මොකද දැන් මාස ගාණක් තිස්සෙ රෑට හරියට නින්දක් නැතුව මහන්සි වුන නිසා ඇඟ weak වෙලා තියෙන්නේ.

දැන් නම් අපි හැමෝටම ටිකක් අඩුයි. Husband තමයි අපි ඔක්කොමව බලා ගත්තෙ.
(වාසනාවට අපේ අම්මා අක්කලගෙ ගෙදර ගිහින්. නැත්තං අම්මට හැදුන නම් ගොඩක් අමාරු වෙනවා)

398 - 94

A mom's life in Australia
Posted 9 months ago

ගොඩක් දවසකින් the day in the life video එකක් දාන්න බැරි වුනානේ . ඒ නිසා ඔන්න හෙට ලංකාවේ වේලාවෙන් උදේ 10.30ට ( Melbourne වේලාවෙන් හවස 4 ට ) අලුත්ම video එක දාන්නම්

444 - 8

A mom's life in Australia
Posted 10 months ago

බොහොම අමාරුවෙන් photos හොයාගත්තේ....වෙන් කරලා අඳුරගන්න පුලුවන්ද බලන්න

747 - 49

A mom's life in Australia
Posted 11 months ago

මම හිතුවා අපේ පොඩි දෙන්නට මම කරන activities, සෙල්ලම් බඩු එකතුව පෙන්නන්න කියලා. මොකද කියන්නෙ? ඒකෙන් ඔයාලට උදවුවක් වේවිද? හැබැයි ඉතින් එකින් එකට විස්තර කරන්න නම් බැරි වේවි. මොකද ගොඩක් තියන නිසා. පොත් ඕන අය ඒක පහලින් වෙනම කියන්න. එතකොට අපේ ගෙදර use කරන පොත් ටික වෙනම පෙන්නන්නම්

182 - 30

A mom's life in Australia
Posted 1 year ago

ආවා..... ආවා..... මාස ගාණක් තිස්සෙ හැංගිලා හිටපු එයා ඊයේ හවස අපි ගාවට ආවා. 😍😍

2.8K - 497

A mom's life in Australia
Posted 1 year ago

බකල කකුල් - bow legs 🦵🦵

මට දවසට එක වතාවක් හරි අනේ මගේ බබාගේ කකුල් බකලයි මොකද කරන්නේ කියලා අහන පෝස්ට් එන නිසා හිතුවා බකල කකුල් ගැන පැහැදිලි කිරීමක් කරන්න.

ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම ඉන්න පුංචි බබාලා ඉපදෙන්නේ බකල කකුල් එක්ක. එහෙම කියන්න හේතුව කකුල් දෙක වළලුකර හරියෙන් ලං කරාම එලියට නැමිලයි තියෙන්නේ. මේක බොහොම සාමාන්‍ය, ස්වභාවික තත්වයක්.
අනේ ඒත් ඉතින් අපේ වැඩිහිටියෝ බබා ඉපදුන දවසේ ඉඳන් බබාව Miss world, Mr world කරන්න හිතාගෙනද මන්දා හොයන්නේම බබාගේ අඩුපාඩු. කන් නැවිලා, නහය මුක්කන්, පස්ස පැතලියි, කකුල් බකලයි වගේ එක එක දේවල්. ඊට පස්සේ බබාගේ අම්මට depression (විශාදය) එනකම්ම දවස ගානේ උදේ හවස උපදෙස් ගොඩයි. අරක අදින්න, මේක කෙලින් කරන්න, අතන උඩට අත ගාන්න....වැඩ ගොඩයි. ඉතින් අන්තිමට අම්මටත් සැකයක් එනවා තමන්ගේ බබාගේ මොකක් හරි අවුලක් ද කියලා.
ඒත් ඇත්තටම අවුල තියෙන්නේ බබාගේ නෙවෙයි, මේ යල් පැන ගිය අදහස් එක්ක තාමත් ජීවත් වෙන, ලෝකයේ පිළිගත්ත සෞඛ්‍ය උපදෙස් ගැන කිසිම අවබෝධයක් නැති වැඩිහිටි පරම්පරාවේ.

හැමෝම කකුල් කෙලින් බබෙක් බලාපොරොත්තු වෙන්න කලින් මතක් කරගන්න ඕන වැදගත්ම කාරණය තමයි බබා මාස 9 ක් 10 ක් හිටියෙම කකුල් වකුටු කරගෙන කියන එක. එතකොට එහෙම හිටපු සහ හැදුන බබෙක් magic බලෙන් වගේ කෙලින් කකුල් එක්ක එලියට එන්නේ නෑ. මෙහෙම ඉඳලා එලියට එන බබාලා එලියට ඇවිල්ලත් මාස කීපයක් යනකම් බඩේ හිටියා වගේම ගුලි වෙලා ඉන්න තමයි වැඩිපුර කැමති. ඒ නිසාම තමයි ගොඩක් රටවල් වල baby swaddling (බබා ඔතන එක) කරන්නේ. ලංකාව ටිකක් රස්නෙ වැඩි රටක් නිසා සමහර කාල වල මෙහෙම බබා ඔතන එක practical නැති වෙන්න පුළුවන්. ඒක වෙනමම මාතෘකාවක්.
ආයේ අපේ කකුල් ගැන කතාවට ආවොත් ඇත්තටම මෙහෙම තියන බකල කකුල් කෙලින් වෙන්න අවුරුදු 6 ක් විතර ගත වෙන්න පුළුවන්. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. මුලින්ම මම කියන්නම් බබාලාගේ කකුල් වර්ධනය වෙන හැටි.
බබාලාගේ කකුල් වැඩිහිටියන්ගේ කකුල් වලට වඩා වෙනස්. සරලව කිව්වොත් බබාලාගේ කකුල් වල අස්ථි අපේ වගේ හයිය නෑ. ඒවා තාම කැල්සියම් තැන්පත් වෙලා හයිය වෙන ගමන් තියෙන්නේ. ඒකට කියනවා bone ossification කියලා. ඉතින් ඒ නිසා මේ අස්ථි වල නැවීමේ හැකියාව වැඩියි.
ඒ නිසා බබෙක් ඇවිදින්න ගත්තට පස්සේ අර කලින් තිබුණු බකල කකුල් වලට එන පීඩනය එක්ක අස්ථි තවත් වැඩිපුර නැවිලා දුන්නක් වගේ පේන්න පුළුවන්.
මෙහෙම නැවුනු කකුල් කෙලින් වෙන්න අවුරුදු 3 ක් ගත වෙන්න පුළුවන්. ඒක ටිකෙන් ටික අස්ථි වල වර්ධනය එක්ක වෙන දෙයක්.
අවුරුදු 3 න් පස්සෙත් බබාගේ කකුල් ගැන අවධානය යොමු කරගෙන හිටියොත් (සාමාන්‍යයෙන් මේ වෙනකොට අර අඩුපාඩු හොයන අයගේ අවධානය යන්නේ බබාගේ හැසිරීමේ වැරදි හොයන්න නිසා කකුල් නහය බලන්න අමතක වෙනවා) ඔයාලට පෙනේවි ටික ටික කෙලින් වුණ කකුල් දනහිස ගාවින් එකතු වෙලා වළලුකර ගාවින් ඈත් වෙලා තියෙනවා. මේකට කියන්නෙ knock knees කියලා. ඒකත් ආයේ ටික ටික වෙනස් වෙලා අවුරුදු 6 ක් විතර වෙද්දි තමයි කෙලින් කකුල් දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඇත්තටම බබාගේ කකුල් අවුරුදු 6 න් පස්සෙත් වෙනස් නම් ඔන්න අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න වෙනවා.

බබාට අවුරුදු 2 ක් වෙනකම් ඔයාලා කල්පනාවෙන් ඉන්න ඕන මෙන්න මේ දේවල් ගැන විතරයි.
- කකුල් වල හැඩය ස්වභාවිකවම ක්‍රමයෙන් වෙනස් වෙනවද?
- කකුල් දෙකේ නැවුන ප්‍රමාණ සමානද?
- බබා ඇවිදිනකොට මොනවා හරි වෙනසක්, අපහසුතාවයක් තියනවද?
එහෙම තියනවා නම් අවුරුදු 2-3 වෙද්දී doctor කෙනෙකුට පෙන්නලා බලන්න ඕන.

දැන් එතකොට ඔයාලට ප්‍රශ්නයක් ඇති නේ ඔය කකුල් අත ගාන එක, අදින එක, ඔතන එක හොඳද කියලා. ඒක මෙහෙමයි. ඔයාලා හෝ ඕක කරන අය ඒ ගැන ඉගෙන ගෙන, කරන්නේ මොකද්ද, කොහොමද, කොයි තරම් pressure එකක් ද දෙන්න ඕන කියලා දැනගෙන කරනවා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇත්තටම ඔයාලා කිසිම කෙනෙක් ඒ ගැන දැනුවත්කමක් නැතිව මේ දේවල් කරන එකෙන් බබාගේ කකුල් වලට හෝ උකුලට ලොකු හානියක් වෙන්න පුලුවන්. මේකෙන් වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි developmental dysplasia එන්න පුළුවන්. හදිස්සියේවත් එහෙම වුණොත් pavlik harness/DDH brace කියන එක බබාට දාලා තියන්න වෙනවා ඒක හොඳ වෙනකම්.

මෙතැනටම මේකත් එකතු කරන්නම්. දැන් ලංකාවෙත් ලොකු trend එකක් නේ බබා එල්ලන baby carriers පාවිච්චි කරන එක. මේකත් හරි ප්‍රමිතියෙන් තිබුණේ නැත්තම්, චුටි බබාලගේ උකුල හා කකුල් M හැඩයෙන් තියෙන්න උදවු නොවුණොත්, බබාගේ වර්ධනය එක්ක ඇතුලේ ප්‍රමාණය වෙනස් කරන්න බැරි නම් ඒකත් මෙහෙම බබාගේ උකුලේ සහ කකුල් වර්ධනයට නරක විදියට බලපාන්න පුළුවන්. ඒකටත් hip dysplasia එන්න පුළුවන්.

Paba Lamahewa ( පබා ලමාහේවා)
Medical Scientist
A mom's life in Australia Facebook page

Copy paste කිරීම තහනම්
කතෘ අයිතිය සුරකින්න.

218 - 26