in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c
විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබේ.
මේ සඳහා වන පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී මහචාර්ය ගෝමික උඩුගමසූරිය වෙත පිළිගන්වනු ලැබීය.
කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි.
මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධිය ද, ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙතින් පශ්චාද් ආචාර්ය උපාධිය ද හිමි කර ගෙන ඇත.
ඔහු පේටන්ට් බලපත්‍ර රැසකට උරුමකම් කියන අතර ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගරු සේවයක් ලෙස විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ තනතුරට එක් වීම විශේෂත්වයකි.
ජනාධිපති මාධ්‍ය අංශය
2024-11-22
181 - 7
පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු
අද විවෘත කෙරේ.
-----------------------------------
පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබේ.
වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි.
මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළේය.
ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශවලට දැනුම් දුන් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගැනිණි.
ජනාධිපති මාධ්‍ය අංශය
2024-11-01
24 - 1
මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය බැංකු වසා දමා අද (20) මැතිවරණ ප්‍රචාරක ලටයුතු සඳහා රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කරන මාතර දිස්ත්‍රිකයේ ජාතික ජන බලවේගයේ සංවිධායක ජේ.ඒ. වසන්ත කියන්නේ මෙම සේවක පිරිස සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවර්ධනය කරන මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට රැගෙන ගොස් ඇති බවයි.
මේ ඔවුන් විසින් යැවූ සම්පූර්ණ ලිපියයි;
“මැතිවරණ නිරීක්ෂණ කමිටුව,
NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය,
කොළඹ
2024.08.20
මාතර ප්‍රදේශයේ ග්‍රාමීය බැංකු වසා එහි කාර්යමණ්ඩල නීති විරෝධී ලෙස සමගි ජනබලවේගය විසින් මැතිවරණ කටයුතු වලට යොදාගැනීම
මාතර ප්‍රදේශයේ හා නගරයේ සියලුම ග්‍රාමීය බැංකු ශාඛා අද දින වසා ඇති බව අපට නිරීක්ෂණය විය. සොයා බැලීමේ දී මේවායේ සියලු කාර්ය මණ්ඩල නීති විරෝධී ලෙස අද දින කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වෙන සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවර්ධනය කරන මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට රැගෙන ගොස් ඇති බව දැනගැනීමට ලැබුණි.
මෙසේ රැගෙන ගොස් ඇත්තේ කොටපොළ, බෙරලපනාතර, හක්මණ, කඹුරුපිටිය සහ මාතර යන විවිධ සේවා සමුපකාර සංගම් වලට අයත් ග්‍රාමීය බැංකු වල නිළධාරීන් බව වැඩි දුරටත් නිරීක්ෂණය විය.
මේ මගින් මැතිවරණ නීති උල්ලංඝනය වන හෙයින් මේ පිළිබඳව පරීක්ෂා කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි,
මෙයට ජාතික ජනබලවේගයේ,
මාතර දිස්ත්‍රික් සංවිධායක,
ජේ.ඒ. වසන්ත #presidentialelection2024
181 - 6
ඉදිරි දින කිහිපයේ ජපානයේ ශ්‍රී ලාංකික ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වීමට ජපානයට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා Narita ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ උණුසුම් පිළිගැනීම් මැද...
Video
https://youtu.be/5m6b8r_0zvA?si=kJclD...
219 - 13