Channel Avatar

SR Education @UC4o7Wib6odq30x5P-w6MQ5A@youtube.com

822 subscribers - no pronouns :c

🎓 I'm SR (Sashan Rumesh), an Undegraduate Student Of Uva We


Welcoem to posts!!

in the future - u will be able to do some more stuff here,,,!! like pat catgirl- i mean um yeah... for now u can only see others's posts :c

SR Education
Posted 5 months ago

විද්‍යාව සහ තාක්ෂණය විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව
BSc(Hons) SCIENCE AND TECHNOLOGY DEGREE PROGRAM

✅ ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ විද්‍යාව සහ තාක්ෂණය උපාධි පාඨමාලාව සැලසුම් කර ඇත්තේ විද්‍යාව මෙන්ම තාක්ෂණය සම්බන්ධව පුළුල් දැනුමක් සිසුන්ට ලබා දී ඔවුන්ව කුසලතා වලින් පරිපූර්ණ කිරීමේ අදහසිනි.

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පවතින පාඨමාලා අතුරින් ඍජු අනුගත කිරීමක් මගින් ඇතුලත් කර ගන්නා මෙම පාඨමාලාව, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත්, සිව් වසරක විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාවකි.

🛑 මෙම උපාධි පාඨමාලාව SLQF 6 මට්ටමේ උපාධි පාඨමාලාවක් වන අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.

• පාඨමාලා කාලය - වසර හතරකි
• මාධ්‍යය - ඉංග්‍රීසි

2005 වර්ෂයේ ජුනි 05 දින සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාවේ 14 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන ලදී.

⛔ ව්‍යවහාරික විද්‍යා පීඨය යටතේ මෙම විද්‍යාව සහ තාක්ෂණය උපාධි පාඨමාලාව ක්‍රියාත්මක වේ.

⛔ අනෙකුත් ඇතැම් විද්‍යාවේදී උපාධි පාඨමාලා මෙන් නොව මෙම උපාධි පාඨමාලාවට තේරි පත්වන සියලුම සිසුන්ට විද්‍යාවේදී (ගෞරව) උපාධිධාරියෙකු වීමේ වටිනා අවස්ථාව උදා වේ.

⛔ ප්‍රවේශය සදහා සපුරාලිය යුතු අවම සුදුසුකම්

අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ තුන්වන විෂය ලෙස පහත දැක්වෙන විෂයයන් අතුරින් එක් විෂයකට අවම වශයෙන් සාමාන්‍ය (S) සාමාර්ථ ලබා තිබිය යුතුය.

* සංයුක්ත ගණිතය
* භෞතික විද්‍යාව
* කෘෂි විද්‍යාව
* උසස් ගණිතය
* ගණිතය

හෝ

අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී පහත විෂයයන් තුනට අවම වශයෙන් සාමාන්‍ය (S) සාමාර්ථ ලබා තිබිය යුතුය.

1. සංයුක්ත ගණිතය හෝ උසස් ගණිතය
සහ
2. රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව
සමඟ
3. තුන්වන විෂය ලෙස පහත සඳහන් විෂයයයන්ගෙන් එක් විෂයකට අවම වශයෙන් සාමාන්‍ය (S) සාමාර්ථ ලබා තිබිය යුතුය.

* කෘෂි විද්‍යාව
* සංයුක්ත ගණිතය
* ජීව විද්‍යාව
* උසස් ගණිතය
* රසායන විද්‍යාව
* භෞතික විද්‍යාව

ඒ අනුව සිව්වසරක මෙම උපාධි පාඨමාලාව අධ්‍යයන සමාසික 08 කින් (Semester 08) සමන්විත වේ.

🌐 පළමු වසර

පළමු අධ්‍යයන වාරයේදී (1st Semester) හා දෙවන අධ්‍යයන වාරයේදී (2nd Semester) ප්‍රයෝගික සැසි ද (Practical Session) ඇතුළත්ව විෂයයන් (Course Subject) 9ක් බැගින් අධ්‍යයනයට ශිෂ්‍යයන්ට අවස්ථාව ලබා දෙයි.

🌐 දෙවන වසර

පළමු අධ්‍යයන වාරයේදී (1st Semester) ප්‍රායෝගික සැසි (Practical Session) ඇතුළත්ව විෂයයන් (Course Subjects) 10ක් හා දෙවන අධ්‍යයන වාරයේදී විෂයයන් (Course Subject) 9ක් අධ්‍යයනය සදහා ශිෂ්‍යන්ට අවස්ථාව ලබා දෙයි.

🌐තෙවන වසර

ශිෂ්‍යයන් මෙම පාඨමාලාව සඳහා තේරී පත්වූ විට පහත දැක්වෙන විශේෂකරණයන්ගෙන් එකක් තුන්වන අධ්‍යයන වර්ෂය ආරම්භයේදී හැදෑරිය යුතුය.

1. ආහාර ඉංජිනේරු විද්‍යාව සහ ජෙෙව සැකසුම් තාක්ෂණය
(Food engineering and Bio Process technology)

2. පදාර්ථ විද්‍යාව සහ තාක්ෂණය
(Material Science and Technology )

3. මෙකාට්‍රොනික්ස්
(Mechatronics )


මෙම විශේෂකරණ පාඨමාලා සදහා සිසුන්ගේ කැමැත්ත මෙන්ම පළමු,දෙවන වසරවලදී අදාළ විෂයන් සදහා දක්වා ඇති කුසලතා ද සලකා බලනු ලබයි.

එහිදී එම තෝරාගත් විශේෂකරණ උපාධි පාඨමාලාවන් යටතේ ප්‍රායෝගික සැසි ද (Practical Sessions) ඇතුළත්ව එකිනෙකට අනන්‍ය වූ විෂයයන් අධ්‍යයනයට සිසුන්ට අවස්ථාව ලබා දෙයි.

🌐 සිව්වන වසර

මෙය මෙම උපාධි පාඨමාලාවේ අවසාන වසර වන අතර තෙවන වසරේදී තෝරා ගත් විශේෂකරණ උපාධි පාඨමාලා යටතේම පළමු සමාසිකයේදී (1st Semester) ප්‍රයෝගික සැසි (Practical Sessions) සහ අදාළ විෂයයන් අධ්‍යයන කටයුතු වල නියැලිය යුතුය.

දෙවන සමාසිකයේදී කාර්මික පුහුණුවක් (Industrial Training) සදහා යොමු කරන අතර ශිෂ්‍යයන් විසින් තමන්ගේ විෂයයන්ට අදාළ පර්යේෂණ ව්‍යාපෘති (Research Project) සිදුකළ යුතුය.

✅✅✅
මෙම උපාධි පාඨමාලාව හැදෑරීමෙන් ඔබට දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද පිළිගත් රැකියාවන් රැසක් සදහා අවස්ථාව උදා වේ.

◻️ආහාර ඉංජිනේරු විද්‍යාව සහ ජෙෙව සැකසුම් තාක්ෂණය විශේෂකරණ උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන ලද උපාධිධාරීන්ට බොහෝ දෙස් විදෙස් ආයතන රැසක රැකියා සදහා යොමු විය හැකිය. තවද,

1. Food Process Engineer
2. Quality Assurance Manager
3. Production Supervisor
4. R & D Food Scientist
5. Bioprocess Engineer
6. Biotechnologist
7. Process Development Scientist
8. Quality Control Analyst
9. Food Scientist
10. Bioprocess Researcher
11. Operation Manager
12. Lecturer / Professor
13. Research Associate
14. Entrepreneur
15. Food Inspector

ආදී රැකියා අවස්ථා රැසකට අයදුම් කල හැකිය.

◻️ පදාර්ථ විද්‍යාව සහ තාක්ෂණය විශේෂකරණ උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන ලද උපධිධාරීන්ට බොහෝ දෙස් විදෙස් ආයතන රැසක රැකියා සදහා යොමු විය හැකිය. තවද,

1. Material Engineer
2. Process Engineer
3. Quality Control / Quality Assurance Engineer
4. Production Executive
5. Research Scientist
6. Lab Technician
7. Nanotechnologist
8. Product Development Engineer
9. Sustainability Consultant
10. Technical Consultant
11. Lecturer / Professor
12. Government Teacher (If You Want)
13. Entrepreneur
14. Chemical Engineer

ආදී රැකියා අවස්ථා රැසකට අයදුම් කල හැකිය.

◻️මෙකාට්‍රොනික්ස් විශේෂකරණ උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන ලද උපාධිධාරීන්ට බොහෝ දෙස් විදෙස් ආයතන රැසක රැකියා සදහා යොමු විය හැකිය. තවද,

1. Automation Engineer
2. Maintenance Engineer
3. Quality Control Engineer
4. Embedded System Engineer
5. Telecommunications Engineer
6. Software Engineer
7. Control Systems Engineer
8. R & D Engineer
9. Mechtronics Engineer
10. Robotic Engineer
11. Robotics Technician
12. Electronics Engineer

ආදී රැකියා අවස්ථා රැසකට අයදුම් කල හැකිය.

◻️ඕස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය,ඩෙන්මාර්කය,දකුණු කොරියාව වැනි විදේශ රටවල මෙම උපාධි පාඨමාලාව සදහා බොහෝමයක් රැකියා අවස්ථා පවතී.

◻️එමෙන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස මෙන්ම රජයේ පරිපාලන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා බොහොමයක් සදහා ද අයදුම් කල හැක.

තවද Msc, Mphil, Phd සදහා උනන්දුවක් දක්වන අයෙකු නම් දේශීය මෙන්ම විදේශීය විශ්වවිද්‍යාල වල ද වැඩිදුර අධ්‍යාපන අවස්ථා රැසක් පවතී. එසේම විදේශීය විශ්වවිද්‍යාල සදහා ශිෂ්‍යත්ව අයදුම් කිරීමටද මෙමගින් හැකියාව ලැබේ.

පීඨ ශිෂ්‍ය සංගමය - ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

⛔⛔⛔

Transform Your Future with the Science and Technology Degree Program at Uva Wellassa University of Sri Lanka.

Are you ready to embark on an exciting academic journey that equips you with comprehensive knowledge in science and technology?

The Science and Technology course at Uva Wellassa University is designed to do just that!

This four-year honors degree, recognized by the University Grants Commission of Sri Lanka, is your gateway to a world of opportunities.

⛔ Why Choose Uva Wellassa University?

Established as the 14th State University of Sri Lanka in 2005, Uva Wellassa University is committed to delivering high-quality education. Our Science and Technology degree program , a SLQF 6 level degree course taught in English, ensures that you are well-prepared for the global job market.

⛔ Admission Requirements

To qualify, candidates must have achieved at least a Simple Pass (S) in Biology, Chemistry, and one of the following subjects in the G.C.E. Advanced Level examination:

- Combined Mathematics
- Physics
- Agricultural Science
- Higher Mathematics
- Mathematics

or

Candidates must have achieved at least a Simple Pass (S) in the following three subjects in the G.C.E. Advanced Level examination:

1. Combined Mathematics or Higher Mathematics
and
2. Chemistry or Physics
along with
3. One of the following subjects:

- Agricultural Science
- Combined Mathematics
- Biology
- Higher Mathematics
- Chemistry
- Physics

⛔ Course Structure

First Year:

Kick off your journey with engaging practical sessions and 9 course modules each semester, laying a solid foundation in science and technology.

Second Year:

Deepen your knowledge with 6 practical sessions and 10 course modules in the first semester, followed by 9 subjects in the second semester.

Third Year:

Specialize in one of three cutting-edge fields based on your interests and performance:

1. Food Engineering and Bio Process Technology
2. Materials Science and Technology
3. Mechatronics

These specializations offer unique subjects and hands-on practical sessions, setting you apart in the job market.

Fourth Year:

Engage in advanced practical sessions and subjects in your chosen specialization during the first semester. In the second semester, gain invaluable experience through industrial training and complete a research project that showcases your expertise.

⛔ Career Opportunities

Graduating with a degree in Science and Technology from Uva Wellassa University opens doors to numerous recognized job opportunities both locally and internationally:

➡️ Food Engineering and Bio process Technology Graduates:

Join leading local and global companies as a Quality Assurance Analyst, Food Scientist, Food Process Engineer, or Manufacturing Engineer.

➡️ Materials Science and Technology Graduates:

Excel as a Material Engineer, Production Executive, or Quality Assurance Analyst with prestigious companies.

➡️ Mechatronics Graduates:

Explore dynamic careers as an Electrical Engineer, Mechanical Engineer, Mechatronics Engineer, Automation Engineer, or Control System Engineer.

⛔ Global Opportunities

Our degree program provides you with the skills needed for success in countries like Australia, Japan, China, and South Korea. Additionally, pursue higher education (MSc, MPhil, PhD) at esteemed local and international universities, and take advantage of scholarship opportunities.

⛔ Join Us Today!

The Faculty of Applied Sciences at Uva Wellassa University invites you to become part of our dynamic community. Equip yourself with the skills and knowledge needed to thrive in the fast-evolving world of science and technology.

⛔ Why Wait? Apply Now

Transform your future with a degree in Science and Technology from Uva Wellassa University. Join a community dedicated to academic excellence and innovative research. Prepare to make your mark on the world!

Faculty Of Student's Union - Faculty Of Applied Sciences
Uva Wellassa University Of Sri Lanka

#university #UWU #Application #Science #and #Technology #Degree #Programme

8 - 0

SR Education
Posted 6 months ago

⭕ O/L ගණිතය 10,11 ශ්‍රේණි සදහා 2024 නව පන්ති ආරම්භ වේ.
👉බදුල්ල අවට තනි හෝ කණ්ඩායම් පන්ති සදහාද විමසන්න.
👉Online පන්ති Zoom මගින් මෙහෙයවයි.
👉 විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් මෙහෙයවයි.
👉 අපි පන්තිය තුල
💠 පාසල් පෙළ පොත,
💠 පසුගිය ප්‍රශ්ණ පත්‍ර,
💠 ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර,
💠 කෙටි ක්‍රම,
සාගච්චා කරනු ලබයි.
💠 ලකුණු පටිපාටිය පිළිබද විශේෂ අවදානය.

📞 වැඩි විස්තර - 074 0665 532
☎️ Whatsapp - 070 2985 793

✅සශාන් රුමේෂ්
Bsc(Hons) in Science and Technology(UG)
Uva Wellassa University

✍️ වෙනස් විදියට ඉගෙන ගන්න ,
එකතු වෙන්න අපිත් එක්ක ✍️

#OrdinaryLevel #OrdinaryLevel2024 #ordinarylevel2025
#ol #ol2024 #2024 #tution #individualclasses #groupclasses #Grade10 #Grade11 #Grade13 #grade9 #maths2025 #maths2024 #maths2023
#Badulla

29 - 1

SR Education
Posted 6 months ago

✍️මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන නංගියේ මල්ලියේ...

හෙට සිට පටන් ගන්න ඔයාලගේ මෙ පලවෙනි කඩයිම සුපිරියටම ගොඩ යන්න එක හිතින් ජය ප්‍රාර්ථනා කරනව..

පුළුවන් උපරිමෙන් ලියන්න කලබල නොවී හොදට හිතල, අහල තියන දේ තේරුම් අරං උත්තර ලියන්න...

උබල හැමෝටම පුළුවන්...

එහෙනම් හැමෝටම ජය.
❤️❤️❤️

- SR EDUCATION -

8 - 0

SR Education
Posted 7 months ago

වෙල්ලස්සේ කෝණ මංගල්‍යය....
අපි ඉක්මනින්ම හමුවෙමු අළුත් විඩියෝ එකකින්... #uva #wellassa #University #Exam #OL

17 - 2

SR Education
Posted 7 months ago

Back To The Heaven After Vacation...@UwaWellassaUniversity #wellassa #Nature #sundown

8 - 0

SR Education
Posted 7 months ago

ඉතිං නංගියේ මල්ලියේ, අපේ 2023 ප්‍රශ්ණ පත්‍ර සාගච්චාවේ පලමු පත්‍රයේ කෙටි ප්‍රශ්ණ 25 අවසානයිනේ..ඔයාලට පුංචි දවස් දෙකක් දුන්නෙත් ඒ videos බලල ඒ ටික තේරුම් ගන්න..
ඔන්න ඉතින් එහෙනම් අපි දැන් යමු ව්‍යුහගත රචනා ප්‍රශ්ණ ටිකට හෙට ඉදල..ඔක්කොම වැඩ ටික ලෑස්තී..එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න සරලම ආකාරයෙන් වෙනස් විදියට ඉගෙන ගන්න...
එකතු වෙන්න අපිත් එක්ක.subscribe කරන්න like , share කරන්න , comment කරන්න...

13 - 2

SR Education
Posted 7 months ago

ඔයාල කැමතිද අපේ ජීවිත ගැන තවත් දැන ගන්න ??..එහෙනම් අනිවාර්‍යෙන් comment එකක් දාන්න..අපි ඉස්සරහට තවත් අළුත් වැඩකින් හමුවෙමු..දැනට channel එක subscribe කරල තියා ගන්න.
ඉතිං නංගී මල්ලී, මේ channel එක පටන් ගන්න හේතුව තමයි දැනුම බෙදා ගැනීම ...එදා වගේම අදත් මගෙ අරමුණ ඒක තමයි.ඉගෙනගැනීම කියන්නෙ ටිකක් නීරස දෙයක් ,හැබැයි අද දවසෙ ඒ කට්ට කෑවොත් ඉස්සරහට එන සුන්දර දවස් ඔයාලට පෙන්නන්න තමයි මට ඕන... මේ චූටි දේකින් හරි ඔයාව motivate කර ගන්න පුළුවන් නම් ඒක තමයි මගෙ goal එක.
ඉතින් විශේශයෙන් කියන්න තියෙන්න විභාගයට පුංචි කාලයයි,සාමාන්‍ය පෙල වගේම උසස් පෙළ... අද දවස කට්ට පුළුවන් උපරිමෙන් කාපන්,හෙට දවස විදින්න.ඔයාල වෙනුවෙන් ලස්සන අනාගතයක් බලාගෙන ඉන්නව.
මම SR Education

21 - 3