දහසක් නාලිකා මැද ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කිරීම මගේ අරමුණයි !
මෙම නාලිකාවට එන බුද්ධිමත් හා ගවේශණශිලි ඔබ ව ඉතා ගෞරවයෙන් පිළිගනිමි. මම සබරගමුව විශ්වවිද්‍යාලයේ ජර්මන් භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයෙක්මි. මම උනන්දු වන විෂයන් අතර භු දේශපාලනය, විද්‍යාව, බුදුදහම හා දර්ශනය වේ. ඒවා සාමාන්‍ය තොරතුරු ප්‍රකාශනවලින් ඔබ්බට ගොස් පුළුල් සංදර්භයක තබා දැනුමක් බවට පත් කොට බුද්ධිමත් ඔබට ස්වාධීනව සිතිය හැකි ලෙස කරුණු දැක්වීම මෙම නාලිකාව තුළ මගේ අරමුණයි. මට ෆෑන්ස්ලා නැත. ඇත්තේ ඔබ වැනි හවුල්කරුවන් පමණි. අපි සමානයෝ වෙමු.
මගේ පොතපත අතර:
1.විකිලීක්ස් හෝරාව; නවලිබරල් ආධිපත්‍යයේ වැටීම හා ආසියාවේ නැගීම (2011). පිටු 450ක පර්යේෂණයකි.
2. පශ්චාත්නූතනවාදය; වළ සහ විල (2009; ජර්මන් දාර්ශනික ප්රීඩිරිෂ් නීට්ෂේගේ බෞද්ධ සබඳතා පසුබිම තුළ පශ්චාත්නූතනවාදය පිළිබඳ නව අර්ථකතනයකි.
3. අසිරිමත් ලංකාව (2004); ගයිගර්ගේ පළමු ලංකා ගමන ගැන ඔහු ලියූ කෘතිය මුල් ජර්මන් බසින්ම කළ පරිවර්තනයකි.
4. ඩේමියන් (2005); හර්මන් හෙසගේ නවකතාව ජර්මන් බසින් සිංහලට නගා ඇත.